IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සහකාරියගේ අමුතු සුදුසුකමක් ඉල්ලලා

මීරිගම  විශේෂ කුමාර මල්ලවආරච්චි 


ජාති කුලමල ආගම් ගැළපෙන අයුරින් තමන්ට තෝරන සහකාරිය සම්බන්ධයෙන් අමුතුම ආකාරයක සුදුසුකමක් ඉල්ලූ බවට පැවසූ තරුණ මනාලයකු පිළිබඳ පුවතක්  සියනෑවට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
ඉහළ තනතුරක් දරන තරුණ පුත්‍රයා වෙනුවෙන් මනාලියක සෙවීමේ කටයුත්ත පියා පැවරුවේ කපු මහතකුටය. තමන් බලාපොරොත්තු වන ලේලියගේ තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් පියා කපු මහතා දැනුවත් කරමින් සිටිය දී තරුණ පුත්‍රයා ද ඊට මැදිහත් වූයේ ය.
කපු මහතා ඇමැතූ තරුණ පුත්‍රයා ප්‍රකාශ කළේ කපු මහත්තයා තාත්තා කියපු කරුණු කාරණා ටික හරියට බලන්න. ඒ වගේම මට හොයන සහකාරිය  කොරෝනා එන්නත් ගත්තෙ නැති කෙනෙක් වෙන්නත් ඕනෑ. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙලා සොයා බලන්න. පුත්‍රයා කපු මහතාගෙන් ඉල්ලා සිටිය දී පියා පුදුමයට පත්වූයේය.


ඇයි පුතා එහෙම  පියා පුතුගෙන් විමසුවේ ය. තාත්තෙ අද කාලේ ඒක මට ඉතාම වැදගත් සුදුසුකමක් වෙනවා.  ඒකයි මම එහෙම කිව්වේ පුත්‍රයා කපු මහතා ඉදිරියේම පියාට පැවසීය.
තමන්ගේ වසර ගණනාවක් පැරණි කපු ඉතිහාසයේ මෙවැනි කොන්දේසියක් දැමූ පළමු අවස්ථාව බැවින් බුදුන් සමයේ කිසිවකු නොමැති නිවසින් අබ මිටක් ගෙනෙන්න කිව්වා සේ මේ කපු මහතා මනාලියන්ගේ නිවෙස්වලට යමින් කොරෝනා එන්නත් ලබා ගෙන ඇත්දැයි විමසීමට ක්‍රියා කරන බව දැනගන්නට ලැබිණි.



අදහස් (0)

සහකාරියගේ අමුතු සුදුසුකමක් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 59 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site