IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සීමා නැති ආතල්

ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකියාවක් ට්‍රැක්වාසීන්ට තියනවා. අහස උසට දැවෙන ප්‍රශ්න ආවත් , ගංවතුර ගලන්න වැස්සත් , නියගයක් එන තරමට පෑව්වත් , කෝටි ගණන් සල්ලි තිබ්බත් , අන්ත අසරණ දුප්පත් වුනත්, එකී නොකී මෙකී ඕනෑම අවස්ථාවක් ආතල් එකක් කරගැනීමේ හැකියාව ට්‍රැක්වාසීන් සතුයි.

දැන් බලන්න උදාහරණයක් විදිහට ගත්තම ණය උගුලක වැටිලා අන්ත අසරණ වුනු අපේ රට දිහා. ණය ගන්න ජනාධිපතිලා පත් කරලා හුරේ කියලා රතිඤ්ඤාත් දැම්මා ඒකත් ආතල්. ඊට පස්සේ රට සංවර්ධනය කරන්න කිය කිය චීනෙන් ඉන්දියාවෙන් ණය ගත්තා. ණය ගත්ත අපිටත් ආතල්, ණය දුන්න උන්දැලාටත් ආතල්. ඒ විතරක්‍ යැ බහුතර මතයෙන් කියලා පත්කරා ජනාධිපතිවරයෙක් උන්දැට රට කරගන්න බෑ. මිනිස්සු ගෑස් පෝලිම්වල. ඒ ගෑස් පෝලිම්වල හිටපු මිනිස්සුත් පුදුම ආතල් එකක් ගත්තේ. අදටත් ගෑස්පොලිම්වල ඉද්දි හදපු වට්සැප් ගෘප්වල ට්‍රැක්වාසීන් ආතල් ගන්නවා. ඊට පස්සේ ආර්ථික ප්‍රශ්න වලින් හෙම්බත්වෙලා ඉද්දි බැරිම තැන අරගලයක් පටන් ගත්තනේ අරගලේනුත් ට්‍රැක්වාසීන් පුදුම ආතල් එකක් ගත්තේ.

මරණාසන්න ලෙඩවලිනුත් ආතල් ගත්ත රටක් මේක. කොරෝනා ව්‍යසන කාලේ මිනිස්සු කොච්චර ආතල් ගත්තද. ඒකාලේ පැය ගණන් කරන්ට් කපද්දි ඒකෙනුත් ට්‍රැක්වාසීන් ආතල් එකක් ගත්තා. බෝම්බයක් ගැහුවොත් ඒකෙනුත් ආතල් ගන්නවා. ගංවතුරක් ආවොත් ටික් ටොක් කර කර ඒකෙනුත් ආතල් එකක් ගන්නවා.

අරගල කරලා උත්ඝෝශන කරලා ජනාධිපති පන්නලා මිනිස්සු ඒකෙනුත් ආතල් ගත්තා. අරලියගහ මන්දිරේට ගිහින් ඒකේ මේස පුටු පිඟන් ගෙවල්වල උස්සන් ගිහින්,Anchor ස්විමිං පූල් එකේ බැහැගෙන බාල්දිවලින් සබන් ගගා නාන ගමනුත් ආතල් ගත්තා. පොදු දේපල හානි කරලා ජනෙල් දොරවල් කුඩු කරලා මිනිස්සු ගත්තේ මාර ආතල් එකක්. ගෙවල් ගිණි තියලා ගල් ගහලා පොලු මුගුරු අතට අරන් මිනිස්සු ගත්තේ පුදුම ආතල්.

මේ දවස්වල ෆේස්බුක් එකේ කවුදෝ මන්දා නිළියක් ලීක් කරගෙන රටේ ප්‍රශ්න ඔක්කොම ටොමියට දාලා ට්‍රැක්වාසීන් මේ දවස්වල ඒකෙන් පුදුම ආතල් එකක් ගන්නේ. මනුස්සයෙක්ට වරදිනකන් බලන් ඉදලා පොටක් පෑදුන ගමන් ඒකම අල්ලගෙන ආතල් ගන්නවා. වැඩේ කියන්නේ ඒ කාලෙටම තමයි මිනිස්සුන්ට රටේ සිද්දවෙන වැදගත් දේවලුත් මගෑරෙන්නේ. ට්‍රැක්ලන්තේ හැමදාම වුනේ ආතල් එක රැල්ලට ගිහින් රටේ බරපතල ප්‍රශ්න අමතක කරවපු එක. ට්‍රැක්වාසීන් හැමෝම ආතල් ගනිද්දි ඒ ආතල් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පිරිස හිමින් සීරුවේ ප්‍රශ්න යට ගහන එකයි වෙන්නේ.

ජයනි සිතාරි අල්විස්.

 



අදහස් (0)

සීමා නැති ආතල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site