IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සපා කන්න ආ බල්ලාගේ දත් ඇන්ද සරමේ පැටලිලා

 (හිඟු‍රානේ නවරත්න සමරතුංග) 
සපා කෑමට පැමිණි බල්ලෙකුගේ දත් ඇන්ද මිනිසෙකුගේ සරමේ පැටලී‍මෙන් පසු ඇසුන අපූරු දෙබසක් පිළිබඳ පුවතක් ප්‍රධාන නගරයක පිහිටි අතුරු මාර්ගයකින් වාර්තා වේ. 


සිද්ධිය මෙසේය. 


එම නිවසේ බල්ලන් තිදෙනෙකු සුරතලයට ඇති කරයි. ඔවුන් හැඳින්වූයේ මල්ලී, පින්කි සහ නැට්ට කොටා යනුවෙනි. 


මේ අතරින් ‘නැට්ට කොටා’ සරම් ඇඳගෙන පාරේ යන මිනිසුන් දුටු විගස බුරාගෙන කඩා පැනීමට පුරුද්දක් කරගෙන තිබිණි. 


පසුගියදා එම නිවස ඉදිරිපිට පාරේ කෝටුවක් අතැතිව සරමක් ඇඳගෙන යන අයෙකු දුටු නැට්ට කොටා එම පුද්ගලයාට බුරාගෙන පැන කකුල සපා කෑ විට උගේ දත් ඇන්ද සරමෙහි පැටලී ගියේය. 


එහිදී බල්ලා දත් ඇන්ද ගලවා ගැනීමට ගස්ස ගස්සා සරම අදින විට එය කඩාවැ‍ටෙතැයි සිතූ පුද්ගලයා වම් අතින් සරම අල්ලා ගෙන දකුණතේ තිබුණ කෝටුවෙන් බල්ලාට පහර දෙන්නට විය. 


එවිට නැට්ට කොටා කෑගසන්ට වූයෙන් ගෙදර සිටි අනෙක් බල්ලන් දෙදෙනාද එතනට කඩාපැන සරම්කරු වට කරගත්තේය. අධික බිය හේතුවෙන් සරම අතින් අල්ලා ගෙන සිටි පුද්ගලයා කෑගසන්නට විය. 


එවිට බල්ලන්ගේ අයිතිකරු නිවසේ සිට එතැනට දුවගෙන විත් ගිලිහෙමින් තිබුණ සරම බල්ලාගේ දත් ඇන්දෙන් ගලවා දමමින් මෙසේ පවසා ඇත. 


‘අයියේ ඔයා කෝටුවක් අරන් ගිය හන්දා තමයි මේ බල්ලා ඇඟට පැන්නේ.. මීට පස්සේ කෝටු අරන් යන්න එපා!’ යැයි අයිතිකරු කීය. 
‘ චිහ්..! මේ බල්ලෝ හින්දා තව පොඩ්ඩෙන් මගේ සරමත් කඩා වැටෙනවා!’ ‘එහෙම නොවුණ එක හොඳයි!  ඒක නම් ඇත්ත තමයි මුන් මහ එපා කරපු විළි ලැජ්ජා නැති බල්ලෝ ජාතියක්’ කී ඔහු සරම අඳිමින්ම කීය.



අදහස් (1)

සපා කන්න ආ බල්ලාගේ දත් ඇන්ද සරමේ පැටලිලා

චන්න Monday, 22 November 2021 09:23 AM

දැන් පාරෙ ගිය මිනිහ තමයි වැරදිකාරය, බල්ලො හදන අයට විරුද්දව හරිනම් නීතිමය පියවර ගන්න ඕන. මේ වගේ දේවල්වලට පැමිනිලි එනකම් ඉන්න ඕන නෑ පාරෙ ලමයෙක් එහෙම ගියානම්

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site