IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සද්දෙට මල පැන කැලේට විසි කරලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න


දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකි අයුරින් වයෝවෘද්ධ මව රාත්‍රියට ආගමික වැඩසටහන් දමනවා යැයි පවසා වත්ත පහළට රේඩියෝවක් විසිකර ඇතැයි කියන අපූරු දියණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 74 හැවිරිදි මවක් දියණියකගේ නිවසේ පිටුපස කාමරයක පදිංචිව සිටින්නීය. ඇගේ සැමියා කලක සිට පොල්ගහවෙල ප්‍රදේශයේ වැඩිමහල් පිරිමි දරුවාගේ නිවසේ පදිංචිව සිටියි.
මෙම කාන්තාවගේ දියණියගේ පිරිමි දරුවෝ දෙදෙනාම පාසල් යන එන වයසේ පසුවන්නෝය. වැඩිමල් පිරිමි දරුවා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විෂයන් හදාරමින් සිටින්නේය. 
බාල පිරිමි දරුවා එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිතව ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින ශිෂ්‍යයෙකි. මෙම ශිෂ්‍යයා පාසල් ගොස් අමතර පංතිවලට සහභාගී වී සවස නිවසට පැමිණෙන්නේ සන්ධ්‍යා කාලයේදීය. නිවසට පැමිණීමෙන් පසුව ඇඟපත සොදා ගන්නා ශිෂ්‍යයා කෑම කා නින්දට වැටී යළි පාන්දර අවදි වී පොත් පත් කියවන්නේය.
පිටුපස අල්ලපු කාමරයේ සිටින පාසල් ශිෂ්‍යයාගේ මිත්තණිය පාන්දරට රේඩියෝවේ ප්‍රචාරය වන ආගමික වැඩසටහන් වල ශබ්දය වැඩි කර ඇය මහ හයියෙන් ද කියවන්නේය.
පසු ගිය දිනක පාන්දර වයෝවෘද්ධ කාන්තාවගේ දියණිය දරුවන්ට කෑම පිසීමට අවදි වී කුස්සියේ සිටිය දීම කාන්තාව පාන්දර 5 ට රේඩියෝවේ ප්‍රචාරය වන වැඩසටහනක් මහ හයියෙන් දැමුවාය. පසුව දියණිය මව සිටින කාමරය අසලට ගොස් දොරට තට්ටු කළාය. 
කාන්තාව දොර ඇර බැලු‍වාය. “අම්මේ රේඩියෝව දාලා තියෙනවා සද්දේ වැඩියි. පුතා පාන්දර දෙකේ ඉඳලා නැගිටලා පාඩම් කරනවා. පොඩි පුතා මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. සද්දේ අඩු කරලා අම්මා අහන්න ”‍ යැයි පවසා යළි දෙදරු මව කුස්සියට දිව ගියාය. වයෝවෘද්ධ කාන්තාව රේඩියෝවේ සද්දේ අඩු කළේ නැත.
දියණියගේ කීම අබමල් රේණුවක තරම් තුට්ටු දෙකකට ගණන් නොගත් කාන්තාව දිගින් දිගටම මහ සද්දෙන් පාන්දරට රේඩියෝව දැමුවේය.


 “අම්මාට කොච්චර කියලා පහදලා දුන්නත් රේඩියෝව සද්දෙට දාන්න එපා කියලා අහන්නෙම නෑ. අම්මට හොඳ පාඩමක් උගන්වන්නේ නැතිව බෑ යැයි දියණිය සිතූ වාර ගණන අපමණය. පසුගිය දිනක එලෙස රේඩියෝව සද්දෙට පාන්දර දමා තිබුණු අවස්ථාවක දියණිය මව සිටින කාමරය අසලට ගොස් “අම්මේ අම්මේ” යැයි පවසා දොරට තට්ටුවක් කළාය. වයෝවෘද්ධ මව දොර ඇරියාය.
වචනයක්වත් කතා නොකර කාමරයට ගිය දියණිය ප්‍රචාරය වෙමින් තිබුණු රේඩියෝව අතට ගෙන කුස්සියේ පිටුපස දොරෙන් වත්ත පහළට විසි කළාය. 
මව දුවට දොස් නගන්නට වූවාය. දෙදෙනාගේ මහ හයියෙන් වචන හුවමාරුව පාඩම් කරමින් කාමරයේ සිටි පාසල් ශිෂ්‍යයාට ඇසුණේය. ඔහුද කුස්සියට දිව ආවේය. “බලන්න පුතේ අම්මා රේඩියොව කාමරයෙන් උස්සාගෙන ඇවිල්ලා වත්ත පහළට විසි කරලා දැම්මා. ශබ්දය වත්ත පහළ ඇහෙනවා”‍ පාසල් ශිෂ්‍යයා විදුලි පන්දමක්’ ගෙන වත්ත පහළට විසි කර දමා තිබුණු කුඩා රේඩියෝව අහුලා මිත්තණියට ගෙනත් දී සද්දේ අඩු කරලා දාලා අහන්නයි මුනුපුරා ද මිත්තණියගේ කනට කොඳුරා කීවේය. එදා සිට කාන්තාව රේඩියෝවේ සද්දේ අවම කර ආගමික වැඩසටහන්වලට සවන් දුන් බව ආරංචියි



අදහස් (2)

සද්දෙට මල පැන කැලේට විසි කරලා

Banda Friday, 17 January 2025 02:12 PM

සමහර වැඩිහිටියෝ හිතන්නේ පිරිත් හයියෙන් කියවන්න ඕනේ කියලා. හැබැයි බුදුදහම අනිත් අයට කරදර බාධා කරන්න උගන්නපු ආගමක් නෙමෙයි. නිහඬව නිසලව නිවන් මඟ සොයා ගිය බුද රජාණන් වහන්සේටත් නිගා කරනවා මේ ආච්චිලා සීයලා ටික...!

:       1       26

ගුණරත්න Saturday, 18 January 2025 08:37 AM

කන් ඇහෙන්නේ නැතිව ඇති, එහෙම උදවිය රේඩියෝ ටීවී සද්දෙන් දානවා. මුනුබුරා කියන දේවල් ඇහෙනවා, දුව කියන දේවල් ඇහෙන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. අපේත් ඔය විදියේ වැඩිහිටියෝ ඉන්නවා මගේ සහෝදරී කියන දේවල් ඇහෙනවා මම කියන දේවල් ඇහෙන්නේ නැහැ. එක සාමාන්‍යයි. ඉක්මනට කෝප අරගෙන වැඩිහිටියන්ගේ හිත රිද්දනවා වෙනුවට කියලා තේරුම් කරලා දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අතින් මුනුබුරා හොඳ මොළේ තියෙන කොල්ලෙක්....

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site