කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ජංගම ස්මාර්ට් දුරකතනයේ නොදන්න යූ ටියුබ් නාලිකාවක් අතපත ගාන්න ගොස් බිරියගෙන් කොසු පහර කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ වතුගෙදරින් අසන්නට ලැබේ.
ඔහු ජංගම දුරකතනයේ යූ ටියුබ් නාලිකා පරිශීලනය කිරීම ඉගෙන ගත්තේ මෑතකදීය. ඒ මිතුරකුගෙනි. මිතුරා ඔහුට යූ ටියුබ් නාලිකාවෙන් ක්‍රිකට් මැච්. සතුන්ගේ දර්ශන ඇති වැඩසටහන් නැරඹීමට කියා දුන්නේය. ඒ විතරක්ම නොව අලුතින් කෑම බීම සාදා ගන්නා හැටි පෙන්වන දර්ශන නැරඹීම සඳහාත් ඔහු මිතුරාගෙන් ඉගෙන ගත්තේය. ඒ තමාගේ නෝනා සඳහායි.
නිවාඩුවක් ලැබෙන ලැබෙන සෑම වේලාවකම ඔහු ජංගම දුරකතනය අතට ගෙන තනි වන්නේය. එහි යූ ටියුබ් නාලිකා නැරඹීමටය. ඩේටා කාඩ් එකක් ජංගම දුරකතනයට දමා ගන්නා ඔහු එය ඉවරවන තෙක් යූ ටියුබ් නාලිකා බැලීමටය.
එදත් ඔහු පැත්තකට ගොස් යූ ටියුබ් නාලිකාවක් නරඹමින් සිටියේය. එදා කිසිදා නොදැක්ක පින්තූරයක් ජංගම දුරකතන තිරයේ දිස්විය. ඒ යට ඇඳුමින් සිටි කාන්තා රුවකි. ඉංග්‍රීසියෙන් මොනවාදෝ ලියා තිබිණ. දැක්කම දෙපාරක් බැලිය හැකි රූපයක් නිසාම ඔහු ඒ දෙස බල සිටියේය. ඒ රූපය උඩින් ඔහුගේ ඇඟිල්ල මඳක් ඇතිල්ලින. ඒ නොදැනුවත්මය. ඒ සමගම එක එක ජාතිය යට ඇඳුම් ඇඳගත් එක එක ජාතියේ කාන්තාවෝ මතුවූහ. මේ එන එන කාන්තා පින්තූර නතර කර ගැනීමට උත්සහා දරමින් සිටිවිටදී නිවාඩු දිනයක්වූ එදින භාර්යාව ඔහු සොයාගෙන ආවේ ජංගම දුරකතනයෙන් අලුත් කෑමක් සාදා ගැනීමට යූටියුබ් නාලිකාවක් බැලීමටය.
ඇය ඔහුගේ ජංගම දුරකතනයට එබුණේ ඒ සඳහාය. සැමියා කාන්තාවන්ගේ යට ඇඳි පින්තූර නරඹමින්ය. නෝනාට මළ පැන්නාය. ඒ ආසන්නයේ තිබුණේ කොස්සය. කොස්ස අතට ගත්තේ ජංගම දුරකතනයට පහර දෙන්නය. කොසු පහර වැදුණේ ෆෝන් එකට නොව ඔහුටය. රිදුනේ ඔහුටය. මේ සිද්ධිය එළියට ආවේ ගෑනුන්ගේ අඩ නිරුවත් බලමින් සිටි සැමියාට කොසු පහර ලෙසය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
358
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැරදිලා අතගෑවිලා කොසු පහර කාලා