හංවැල්ල එච්.එස්.ඒ. නන්දන
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන විත් වඳුරු ප්‍රහාරයෙන් දිවගොස් අනූනවයෙන් බේරුණද එම වෙස්මුහුණ නොමැතිව නිවසින් බැහැරට ගිය පසුවද වඳුරා ඔහුව හඹා එන බැවින් වඳුරාට බියෙන් මුගුරක් අතැතිව ගමන් බිමන් යාමට ඒමට සිදු වීමේ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.
පාදුක්ක ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රදේශයක වඳුරන් නිතර නිතර ගෙවත්තට එන නිසා වගාවන් වඳුරු විනාශයෙන් බේරා ගැනීමට වඳුරන් බිය ගන්වා පන්නා දැමීමේ අරමුණින් පාදුක්ක නගරයට ගිය පුද්ගලයකු වඳුරු වෙස් මුහුණු දැක ඉන් එකක් මිලදී ගෙන ඇත.
මිලදී ගත් වඳුරු වෙස් මුහුණ මුහුණේ ලාගෙන ගෙවත්තට ගොස් වඳුරෙකුගේ හඬට සමාන හඬක් නගමින් හඬ තළමින් වඳුරන් පන්නා දැමීමට උත්සාහ දරා ඇත.
ඒ මොහොතේ ක්ෂණයකින් වඳුරෙකු ඔහු වෙතට කඩා පැන ඔහුට පහර දීමට පටන් ගෙන ඇත. වඳුරා කෑ මොරදීගෙන කඩා පනිනු දුටු ඔහු කෑ මොර දී නිවස වෙතට දුවවිත් වඳුරාගේ ප්‍රහාරයෙන් බේරී ඇත්තේ අනූ නවයෙනි.
පසුව මෙකී වඳුරා ඒ අවට සැරි සරණ අතර එම ප්‍රදේශයෙන් නොගොස් සිටීමත් වෙස් මුහුණ ඉවතලා මේ පුද්ගලයා නිවසින් එළියට පැමිණිය ද වඳුරා ඔහු හඹා එන්නේ ඔහුව වඳුරාගේ මතකයේ ඇති නිසාය. මේ වන විට මේ පුද්ගලයා නිවසින් බැහැරට යන සෑම විටම මුගුරක් අතැතිව යාමට පුරුද්දක් කරගෙන ඇත්තේ වඳුරාගෙන් බේරීමටය.
මුගුරක් ගත් මේ අය මගතොට යද්දී අසල් වැසියන් සිනා සෙන අතර ඔහු පවසන්නේ වඳුරන් පන්නා දැමීමට ගොස් මම කරගත්ත හදියක් යනුවෙන් පවසමින් පශ්චාත්තාප වෙයි.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා