IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලේ පරික්ෂාව කරගන්න හදහන් කොපියක් දීලා

ලේ පරීක්ෂාවක් කර ගැනීමට දරුවා සමග ගිය මවක ඒ සඳහා අමුතුම තාලයේ වාර්තාවක් ඉදිරිපත් කළ සිද්ධියක් ඇතුගල්පුරවරයෙන් ඇසුණි.
පවුලේ බාල දරුවාය. නිතර නිතර අසනීප වෙනවාය. උණ වැඩි වුණොත් ‘‘ෆිට්’’ එක සැදෙන නිසා උණ ඇතුළු සියලු ලෙඩ දුක් සුවකරන්නට මව නිතර කැප වෙනවාය.
ඒ “ෆිට්’’ එක හැදු⁣ණොත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට දරුවා කැටුව ඇයට ද සිදුවන නිසාය.
මේ දරුවාට නිතරම උණ හැදෙන්නේය. කොතෙක් බෙහෙත් ගත්තත් සුවයක් ද නැත.
පවුලේ දොස්තර රෝගි දරුවා පරීක්ෂා කළේය.


“අම්මේ මම බෙහෙත් දෙන්නම්. හැබැයි සුවයක් නැත්නම් ලේ, මුත්‍රා පරීක්ෂාවක් කරලා බලමු.
මම ඒ පරීක්ෂා කළ යුතු දේවල් ලියලා දෙන්නම්“ දොස්තර කීවේය.
ඇය එම තුණ්ඩුවත් රැගෙන ගෙදර ගියාය. බෙහෙත් ටික දරුවාට දුන්නාය. එහෙත් සුවයක් නැත. ඒ අනුව ඇය අදාළ තුණ්ඩුවත් අතට ගත්තාය. දරුවා වඩා ගත්තාය නගරය කරා ගිය ඇය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතට ගොස් සිද්ධිය කීවාය.
“කෝ අම්මේ දොස්තර මහතා පරීක්ෂා කර ගන්නට කියලා දුන්න ලිපිය දෙන්න කෝ. සේවිකාවක ඇසුවාය.
ඇය බෑගයට අත දැමුවාය. තුණ්ඩුවක් ගෙන එය දුන්නාය.
මේක පරීක්ෂණයට අදාළ එකක් නෙමෙයිනේ.
ඇයි නැත්තේ, ඔයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැද්ද? ඕක දෙන්න කෝ. කියු ඇයම එය ඉල්ලාගෙන ලොකු මිසී අතට දුන්නාය.
“අයියෝ, අම්මා ඔයා මේ නොකා නොබී පැය ගණනක් දරුවා තියාගෙන පරීක්ෂණයට ගෙනැත් ඇත්තේ ඔයාගේ ලොකු දරුවාගේ හා එයා බඳින්නට යන මනාලියගේ හඳහනේ කේන්දර ගලපා බැලු කොළයක් නේ.’’ ලොකු මිසී උත්තර දුන්නාය.
ඇත්ත තමයි, වෙච්ච වැරැද්ද හමුවේ නිරාහාරව සිටි පැය ගණන ද ඉක්මවා ඇති බැවින් පසු දිනට එන්නට එතැන දී දුන් උපදෙස් මත ඇය දරුවාත් කැටුව ලැජ්ජාවෙන් යුතුව නික්ම ගියාලු.

 

 මොරගොල්ලාගම   සිසිර කැලේගම



අදහස් (0)

ලේ පරික්ෂාව කරගන්න හදහන් කොපියක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 520 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site