IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


රෝහලේ ලෙඩුන් ගෙනියද්දි තනියට ආ කතත් ට්‍රොලියට නැගලා

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගීන් තිදෙනකු ට්‍රොලියක නංවාගෙන එක්ස් රේ ගැනීම සඳහා දැඩි අපහසුතා මැද රැගෙන ගිය සෞඛ්‍ය සේවා කාර්යාංශයේ සේවකයකුට අත් වූ  අකරතැබ්බයක් පිළිබඳව පුවතක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් අසන්නට ලැබුණි.
ඔහු එහි වාට්ටුවක සේවය කරන අයෙකි. අවංකව වැඩ කිරීමට කැපවන සේවකයෙකි. වාට්ටුවේ සිටි රෝගින් කිහිප දෙනෙකුගේ අසනීපයට හේතුව සොයා ගැනීම සඳහා එක්ස් රේ ගැනීමට නියමිතව තිබුණි.
ඒ සඳහා වෛද්‍යවරයකු දුන් උපදෙස්වලට අනුව රෝගීන් රැගෙන යාමේ කාර්යය මොහුට පැවරුණි.
කුරුණෑගල කොළඹ පාරට යාබද වාට්ටුවක සිට එක්ස් රේ කාමරයට යාමට බොහෝ දුරක් ඇත. එහි යාමට මොහු හිස් ට්‍රොලියක් තල්ලු කරගෙන වාට්ටුවට ආවේය.
“කවුද එක්ස් රේ ගන්නේ, යන අය එන්න.”


ඒ අනුව වියපත් මවක් හා පියෙක් පැමිණියහ. ඒ දෙදෙනා ට්‍රොලිය මතට  නංවා ගත්හ. තරුණ කාන්තාවක් ද පැමිණියාය.
“ඔයත් එක්ස් රේ කාමරයට යනවාද”
“ඔව්, ඔව් මමත් යනවා”
ඇය පා ගමනින් යාමට සූදානම් වූවාය.
“බැහැ, බැහැ , පයින් යන්න බැහැ එක්ස් රේ කාමරයට යනවා නම් ට්‍රොලියට නගින්න.”
සේවකයාගේ අණට කීකරු වූ ඇයත් ඒ මත වාඩි වුණාය.
සේවකයා වෙර දී ට්‍රොලිය තල්ලු කරගෙන යන අතරවාරයේ ඔහු ඔවුනගේ ආගිය තොරතුරු හා රෝගි තත්ත්වයන් ගැන විමසුවේය.
“අම්මාට මොකක් ද  තියෙන අසනීපය ?”
“අනේ මහත්තයෝ මට වකුගඩු අමාරුව.”
“ඔය තාත්තාට මොකක්ද වෙලා තියෙන්නේ?
“මටත් බඩේ අමාරුවක්, හොයා ගන්න බැරිව තමයි ගමේ ඉස්පිරිතාලෙන් මෙහෙට එව්වේ? ”
ඉන් අනතුරුව ඔහු කතා කළේ නිහඬව වාඩි වී යන තර බාරු තරුණ නැගණියටය.
ඔයාට ඇයි ?
“මට අසනීපයක් නැහැ. මම මේ අම්මගෙ තනියටයි ආවේ ?”
“මොනවා, ඇයි එහෙනම් ඔයා ට්‍රොලියට නැග්ගේ.?”
“ඉතිං, මහත්තයානේ මට පයින් යන්න එපා කියලා මේකට නගින්න කිව්වේ ?”
“මම එහෙම කිව්වේ ලෙඩෙක් කියලා හිතලානේ”
“බහින්න, බහින්න”  සේවකයාගේ අණින් ඇය  බිමට බැස්සාය.
ඔහු එතැන් සිට තිබු බර සැහැල්ලු කරගෙන එක්ස්රේ කාමරය දෙසට ගමන් කළාලු.

මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

රෝහලේ ලෙඩුන් ගෙනියද්දි තනියට ආ කතත් ට්‍රොලියට නැගලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාස්තරේ වැරදී කපුවාගේ රෙදි ගැලවිලා
2024 මාර්තු මස 01 1103 0

දෙවියන්ගේ පිහිට පතා ගිය අයකු රැස්ව සිටි පිරිස මැද ආරූඪව සිටි කපුවා අසරණතාවයට පත් කළ පුවතක් යාපහුව පුරවරයෙන් අසන්නට ලැබුණි. විවාහක තරුණ යුවළකි. ඔවුනට එ


සිසුවාගේ ටොක්කෙන් ගුරුවරයා මට්ටු
2024 පෙබරවාරි මස 29 1187 0

විසේකාර සිසුවකුට ටොක්කක් ඇන මේවාට වගකිව යුත්තේ විදුහල්පතිගේ දුර්වල පාලනය බව කියමින් විදුහල්පතිට දෙස්දෙවොල් දුන් ගුරුවරයකුට ජීවිතේ අමතක නොවන පාඩමකට


අයියාගේ උගුලේ මල්ලි පැටලිලා
2024 පෙබරවාරි මස 28 1373 0

අයියට හොරෙන් ඔහු ඇටවූ විදුලි උගුලේ ඌරෙකු අසුවී සිටිනවා දැයි සොයා බැලීමට ගොස් අයියාගේ විදුලි උගුලේ මල්ලී පැටලී අයියයි මල්ලියි දෙන්නම අමාරුවේ වැටුණු ප


වස්කවිය ආපස්සට කැරකිලා නෝනාගේ ෆෝනයත් අතුරුදන්
2024 පෙබරවාරි මස 27 1004 0

සොරාගත් තම පාපැදිය රැගෙන ගිය සොරාට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා දේවාලයක වස්කවි කියවීමට ගිය පුද්ගලයෙකුට වස්කවි කියවන අතරතුරේදී තම බිරිඳගේ ජංගම දුරකතනය හ


හිත් නොරිදා උදව් ගන්න නෝනගෙ ක්‍රමය හරිගිහින්
2024 පෙබරවාරි මස 26 1230 0

තවත් කෙනෙකුට උදව්වක් කිරීමේදී පෙරලා නැවත ඒ අයගෙන් උදව්වක් බලාපොරොත්තුවීම බොහෝ දෙනකුගේ පුරුද්දකි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එලෙස අමුතුම ක්


වියපත් පියා දිවියෙන් සමුගනිද්දී පුතා පොකැට්ටුවට විදලා
2024 පෙබරවාරි මස 24 841 0

මහ ගෙදර තනිව ජීවත්ව සිටි මහලු‍ පියා මියගිය පසු ඔහු සන්තකයේ තිබුණු මුදල් පසුම්බිය සොරා ගනගිය අපූරු පුතෙකු පිළිබඳ තොරතුරු දකුණු පළාතේ ගම්මානයකින් පසුග


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 519 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 422 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site