IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුදලාලිට ගතමනාවක් දී බිරිදගේ උගුලෙන් බේරිලා

මුදලාලි භාර්යාව ඉදිරියේ නැති කළ නම්බුව මුදලාලි ලවාම භාර්යාව ඉදිරියේ දී යළිත් ඇති කර ගත්ත අයකු පිළිබඳව කතාවක් බද්දේගමින් අසන්නට ලැබේ.
සූදු පිටියේදී ඔහු ගෙන ගිය මුදල් සියල්ලම පරාද විය. සූදු පිටියේ එහා මෙහා වෙන මොනරු කොළ දුටුවාම ඔහුට ඉවසුම් නොදුන්නේය. පරාද වූ මුදල් දෙගුණ තෙගුණයෙන් ගැනීමට ඔහු අදහස් කළේය. ඒත් තමා අත ඒ සඳහා මුදල් නැත. ඊට වෙනත් විකල්පයක්ද අහල පහළක නොවීය. ඒ සැණින්ම ඔහුගේ මස්තකයට පැමිණියේ මුදල් පොලියට දෙන කඩේ මුදලාලිය. දණිපනි ගා කඩේට ගිය ඔහු මුදලාලිගෙන් රුපියල් දසදහසක් සීයට දාහේ පොලියට ණයට ගත්තේය. පොලිය නියමිත දිනයට දිය යුතු බව අනිවාර්යය යෙන්ම කළ යුතු දෙයක් බව මුදලාලිගේ පොලී කොන්දේසිය විය.


ඒ මුදල් ද පරාදය. හිස් අතින්ම ඔහු ගෙදර ගියේය. මුදලාලිට නියමිත දිනට රුපියල් දහස බැගින් සෑම මාසයකම ඔහු දුන්නේය. මේ සියල්ලම භාර්යාවට හොරෙන් කළ හුටපටය. දින කිහිපයකට ගමෙන් පිට වැඩකට ඔහුට යන්න සිදුවිය. මුදලාලිගේ මාසික පොලී ගෙවන දින ද මේ අස්සේය. ඔහුගේ භාර්යාව මේ වෙළඳ සලට ගියේද මේ අස්සේය. සිය සැමියා ණයට ගත් රුපියල් දසදහසේ රුපියල් දාහේ පොලිය මේ මාසේ නියම දිනයට නොගෙවූ බව ද මුදලාලි ඇයට කීවේය. මුදලාලිගේ හැටි දන්නා නිසා මිලදී ගැනීමට ගිය බඩු වලින් භාගයක් මිලදී ගෙන ඇය රුපියල් දහසේ පොලිය මුදලාලිට දුන්නාය. මෙය සැමියාට නොකියන්නට ඇය වග බලා ගත්තේ මේ කළ දෙයට දඬුවමක් ලබාදීමේ අටියෙනි.
පිට වැඩකට ගිය ඔහු ගමරට එන ගමනේදී නිවසට නොගොස් වෙළෙඳසලට ගියේ මුදලාලිගේ පොලිය ලබාදීමටය. එය භාර්යාවගෙන් ඉල්ලාගත් බව මුදලාලි කීවිට ඔහු තමාගේ නම්බුව කා ඇතැයි කියමින් මුදලාලිට දෙස් දොවෙල් තැබුවේය. ඔහු මුදලාලිට තමාගේ නම්බුව රැකීමට නම්  කළයුතු දෙයක් පිළිබඳව කතිකා කරගෙන රුපියල් දහසක් දී නිවසට ගියේය.නිවසට ගිය සැනින්ම භාර්යාව කීවේ බඩු ගැනීමට කඩයට යායුතු බවය. ඇයගේ මේ කලබලය තමාගේ ණයේ හොර අල්ලා ගැනීමට ඇය මේ කසකවන බව ඔහුට තේරුම් ගියේය. හා යමු යමු යි කියා ඔහු භාර්යාව සමග කඩයට ගියේ මොකුත් නොවූ අයෙකු මෙන් කිසිදු බිය සැකයකින් තොරවය.
කඩයට ගිය සැණින් කවදාවත්ම කාරුණිකව කතා නොකරන මුදලාලී අනේ මට පොඩි වැරදීමක් වුණා. මගෙන් රුපියල් දහදහක් ණයට ගත්තේ මෙයා නෙමෙයි. අල්ලපු ගමේ මෙයාගේම නම තියන කෙනෙක්. මෙන්න එදා ඔයාගෙන් පොලියට ගත්තා කියලා ගත්ත රුපියල් දාහ කියලා මුදලාලි ඔහුගේ භාර්යාවගේ අතට රුපියල් දාහේ කොළයක් දුන්නේය. මම මේ මෙයා දක්කගෙන ආවේ මේකේ හුටපටය බේර ගන්න තමයි. මෙයා මොකට ද රුපියල් දාහක් ණයට ගත්තේ කියලා අතටම අල්ල ගන්නයි එක්කන් ආවේ යයි කියද්දි ඔහු තොත්ත බබා වගේ මම කවදාවත්ම ඔයාට නොකියා කිසිම දෙයක් කරන්නේ නැතැයි කීවේ මුදලාලි දිහා බලා ඇසක් ගසමින්ලු‍.

 



අදහස් (0)

මුදලාලිට ගතමනාවක් දී බිරිදගේ උගුලෙන් බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site