IMG-LOGO

2023 ජුනි මස 02 වන සිකුරාදා


මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක්

ගලහ ඩබ්ලිව්.ඒ. අසේල


බස් රථයක් තුළදී එම මීයන් රොත්තක් මල්ලකින් එළියට පැනීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවට පත් වී මීයන් රැගෙන ගිය පුද්ගලයාද දැඩි දෝෂාරෝපණයට ලක්වීමේ සිද්ධියක් වාර්තාවේ.

තලාතුඔය ප්‍රදේශයේ පදිංචි මොහු මහනුවර ප්‍රදේශයේ කාර්යාලයක රැකියාවක නිරත වී සිටී. තමා පදිංචි නිවෙසේ මීයන් බෝවීම පසුගිය කාලයේ බොහෝසේ වැඩි වූයේ බලා සිටිද්දීම මෙනි. මීට පිළියම් කීපයක් යෙදුවත් වැඩේ හරි නොගියේය. අන්තිමේදී ඔහු මීයන් නැති කිරීමට මී කූඩු කිහිපයක් ගෙනැවිත් එතුළට එන මීයන් බෑගයකට දමා රැකියාවට යන අතර වෙනත් ප්‍රදේශයකට දැමීමට කටයුතු කළේය.

පසුගිය දිනෙක එසේ අල්ලාගත් මීයන් තිදෙනකු බෑගයක දමාගෙන බස් රථයේ ගමන් කරමින් සිටියේය. හිටි ගමන්ම බෑගයෙන් එළියට පැනගත් මීයෝ බස් රථය පුරා දුවන්නට වූහ. කලබල වූ මගීන්ගේ කෑගැසීම නිසා බස් රථය අතරමග නැවැත්වීය. මගීහු බසයෙන් බැස මීයන් බසයෙන් එළවීමට කටයුතු කළහ.

සැණෙකින්ම මීයන් රැගෙන ආ පුද්ගලයා බස් රථයේ හඳුනාගෙන ඇති අතර සියලු‍ දෙනා ඔහුට දැඩි සේ දෝෂාරෝපණය කරන්නට වූයේ ලවක් දෙවක් නැතිවය.

අදටත් උදෑසන එම පුද්ගලයා බස් රථයට ගොඩවීමට බස් නැවතුමේ සිටිද්දී මගීන් අන්න මී අන්කල් ඉන්නවා යනුවෙන් කසු කුසු ගාන්නේ සිනාසෙමිනි.



අදහස් (0)

මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තාත්තාගේ කෑගැහිල්ලට පුතා අම්බානක ගුටි කාලා
2023 ජුනි මස 02 512 0

වඳින්න ගිය දේවාලය ඉහට කඩා වැටුණායි පැරණි කියමනක් තිබේ. මෙය සිහියට ආවේ සිය ආදරණීය පියාණන්ට යහපතක් කරන්නට ගිය පුතකුට තරුණ පිරිසක් ගුටිබැටදී හිරිහැර කිර


නොමිලේ කන්න ගිහින් අනුන්ගේ ‘දඩ කොළයක්’ අතට ඇවිත්
2023 ජුනි මස 01 690 0

ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක බිල්පත කඩිනමින් ලබාදීම සඳහා කොන්ත්‍රාත්කරුගේ යහළුවන් ​ කිහිපදෙනකු සමග අවන්හලකට ගොස් මත්පැන් සාදයක පහස ලබාගත් තාක්ෂණ නිල


කෑම නානවාට ප්‍රින්සිපල්​ගෙන් අමුතුම පාඩමක්
2023 මැයි මස 31 1135 3

පන්ති කාමරයේ ඉදුල් හල හලා කෑකෝ ගසමින් කෑම කෑ සිසු, සිසුවියන්ට විදුහල්පතිවරයා දුන් අපූරු දඬුවමක් පාසල පුරාම විදුලි වේගයෙන් ප්‍රචාරයවූ පුවතක් දකුණු පළ



හරකා මරන්න දීලා හිස් කබල සිහිවටනයකට ඉල්ලලා
2023 මැයි මස 26 1409 1

කාලයක සිට ඇති දැඩි කරන ලද ගොන් වස්සා මසට අලෙවි කර හිස් කබල සහිත අං දෙක නිවසේ එල්ලා තබා ගැනීමට ආපසු ඉල්ලා ඇතැයි කියන ගොවියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශ


මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක්
2023 මැයි මස 25 1185 0

බස් රථයක් තුළදී එම මීයන් රොත්තක් මල්ලකින් එළියට පැනීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවට පත් වී මීයන් රැගෙන ගිය පුද්ගලයාද දැඩි දෝෂාරෝපණයට ලක්ව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 167 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1098 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 623 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site