IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැල්ලුම මාරු වී වැසිකිලි පෝලිමේ

පියාගේ පාදයක අසනීපයකට බඳින්නට සාදන ලද බෙහෙත් මැල්ලු‍ම සහ නිවසේ අාහාරයට පිසින ලද පළා මැල්ලු‍ම මාරුවී අනුභව කිරීමෙන් අපුරු අකරතැබ්බකට මුහුණ පෑමට ලක්වු නිවැසියන් පිරිසක් පිළිබඳව රස කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙයි. 
පියා මව පුතා ලේලිය සහ ඔවුන්ගේ දියණියන් තිදෙනා එකම නිවසේ ජීවත් වූ අතර නැන්දණිය සහ ලේලි අතර ගැටුම් ද ඉදහිට හට ගත්තේය. මව සහ පියා විශ්‍රාම සුවයෙන් පසු වන අතර පුතා සහ ලේලිය ගුරු යුවළකි.
සරසවි අධ්‍යාපනය ලබන එම දෙපලගේ වැඩිමල් දියණියට ගැමිකම වහ කදුරු වූ අතර දෙවැන්නිය ආච්චි සහ සියාගේ කලණ මිතුරිය වූවාය. දිනක් යතුරු පැදියෙන් ගමනක් ගොස් පැමිණෙමින් සිටි පියා අනතුරකට ලක්වීම හේතුවෙන් පාදයකට තුවාල සිදුවිය. අසල්වැසි ගමේ සිටින කැඩුම් බිඳුම් වෙද මහතාගෙන් ප්‍රතිකාර ගැනීමට පියා කැටුව පුතා ගිය ගමනට ලේලිය ද එක් වූවාය.
වෙද මහතා ලබාදුන් වට්ටෝරුවට අනුව සැමියාගේ පාදයෙහි බැඳීමට අවශ්‍ය බෙහෙත් මැල්ලු‍ම පිළියෙළ කිරීම බිරිය විසින් රෑ බෝ වීමට පෙරම සිදුකොට කුස්සියේ ළිප අසලම තැබුවේය. ලේලිය දියණියක් සමග එක්ව රාත්‍රි ආහාර පිළියෙළ කළ අතර ආහාරය සඳහා ඇය අගුණකොළ මැල්ලු‍මක් ද පිසුවාය. 


ආහාර සැකසීම නිමවා ඒවාද කුස්සියේම තබා සියලු දෙනා රුපවාහිනිය නැරඹුහ. කෑම ටික මේසයට ගෙනවිත් තබන ලෙස වැඩිමල් දියණියට උපදෙස් දුන් මව කුඩා දියණියට පෙරහුරු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියවීය.    
රාත්‍රී නවයට පමණ සියලුම දෙනා ආහාර ගැනීම සිදුකළ අතර ඉන් පසුව ලේලිය විසින් කුස්සියේ සිට රැගෙන එන ලද බෙහෙත් මැල්ලු‍ම පුතා පියාගේ පාදයෙහි තබා බැන්ඳේය. බෙහෙත් මැල්ලු‍ම කකුලේ බැදීමෙන් පැය කිහිපයක් ගත වෙද්දී කකුල කසන බව පියා පැවැසුව ද එය සැලකිල්ලට ගතයුතු නොමැති බව පවසා නිදාගන්නා ලෙස පුතා පැවසීය.
පසු දිනට පහන් වන විට කුඩා දියණිය හැර නිවසේ සියලු දෙනා මාරුවෙන් මාරුවට නොකඩවා වැසිකිළි යාමට පටන් ගත්හ. උදේ අට නවය වන විට සියලු දෙනාගේ වැසිකිළි යාම උග්‍ර අතට පත්වී තිබූ අතර පාසල් මිතුරකු ගෙන්වා ගෙන සියල්ලෝම වෛද්‍යවරයකු මුණ ගැසුනහ. පාචනය යාම වැඩිවීම නිසා වැඩිමල් දියණිය රෝහල් ගත කෙරිණි. පෙර දින රාත්‍රියේ ලබාගත් ආහාරය විෂ වීමෙන් පාචනය හටගෙන ඇති බවට වෛද්‍යවරයා පැවසූ අතර නිවසට පැමිණි පිරිස ඒ පිළිබඳව විපරම් කර බැලූහ.
කුස්සියේ තිබූ ආහාර පිසින ලද භාජන සේදිම සිදුකරන අවස්ථාවේ අගුණ කොළ මැල්ලු‍ම පිසින ලද හට්ටිය නොමැති බව වටහාගත් බිරිඳ ඒ පිළිබදව සොයා බැලු‍වාය. දියණිය විසින් අගුණකොළ මැල්ලු‍ම වෙනුවට බෙහෙත් මැල්ලු‍ම කෑම මේසයට බෙදා ඇති බව අවබෝධ කර ගැනීමට ඇයට වැඩි කාලයක් ගත නොවීය. මිතුරා සිටින බව අමතක වූ බිරිඳ දියණියට බැන වදිමින්  සිදුවී ඇති පටලැවිල්ල සැමියාට පැහැදිලි කළාය. බෙහෙත් මැල්ලු‍ම බත් සමග අනුභව කිරීමෙන් සියලු දෙනාට පාචනය හටගෙන ඇති බව අවබෝධ වූ අතර නිවාඩු කාලය නිසා හොඳයි යැයි පවසා සියල්ලෝම නිහඬව සිටියහ. 
කොළ මැල්ලු‍මේ පලහිලව්ව මිතුරා මාර්ගයෙන් පාසල් මිතුරන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූ අතර ඇතැමුන් නිවසේ දුරකතනයට ඇමතුම් ගෙන කකුලේ බඳින ලද මැල්ලු‍ම් ගැන විමසීම නිසා දුරකතනයේ වයරය ගලවා දැමීමට ගුරු යුවළ කටයුතු කළ බවද පැවසේ.

 

 හක්මන විශේෂ දෙනගම    යසන්ත ආරියසේන



අදහස් (0)

මැල්ලුම මාරු වී වැසිකිලි පෝලිමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 672 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 324 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site