IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාලෙ කඩාගන්න බෙල්ල අතගාද්දී සනීපෙට ඉඳලා

 (ගිලීමලේ අමරදාස අංගම්මන )
පානදුර ප්‍රදේශයේ ඇඟලු‍ම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියක් හදිසි අවශ්‍යතාවක් සඳහා නිවාඩු ලබාගෙන රත්නපුරය නගරයට පැමිණියේ සිය නිවෙස කරා යෑමටය. ඒවන විට රෑබෝවී තිබුණ ද එය ඇයට ගැටලුවක් නොවූයේ සිය නිවස නගරයට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් පිහිටා තිබීමත්, ත්‍රීරෝද රථයකින් පහසුවෙන් යා හැකිවීම නිසාත්ය.


වටපිට බලා ත්‍රිරෝද රථයකට ගොඩ වූ ඇඟලු‍ම් සේවිකාව සිය නිවෙසට පිවිසෙන මංසන්ධිය තෙක් පැමිණ රියැදුරුට ගමන් ගාස්තු ගෙවා නිවසට පිවිසෙන අතුරු මාර්ගය දිගේ පයින්ම ගමන් කළාය.


අතුරු මාර්ගය ඔස්සේ තනිවම කඩිමුඩියේ ගමන් කරන ඇයට පිටු පසින් වේගයෙන් පැමිණෙන යතුරු පැදියක හඬක් ද ඇසිණි. යතුරු පැදියෙන් පැමිණි තරුණයන් දෙදෙනා රැගත් යතුරු පැදිය ඇය අසල නැවතිණි.


යතුරුපැදිය පැදවූ තරුණයා හඬ අවදිකරමින් කිසිවකුගේ නමක් පවසා එම පුද්ගලයාගේ නිවසට පිවිසීමට තව බොහෝදුරක් ඇද්දැයි විමසනවාත් සමග යතුරු පැදියේ පිටුපස අසුනේ වාඩිවී සිටි තරුණයා ඇයගේ ගෙලට සිය දකුණත යවා ගෙල පිරිමදින අයුරු සනීපෙට ඇයට දැණුනි.


යතුරුපැදිය පැදවූ අය තමන් සමග කතාකරද්දී පසුපස සිටි අය තමන් ගෙළපැලඳ සිටින මාලය කඩා ගැනීමට උත්සහා දරන බව වැටහීමෙන් ඇය නිහඬව උන්නාය. ක්ෂණයකින් තරුණයා ඇය ගේ ගෙල බැඳිමාලය අතට කඩාගත් වහාම කතාකර සිටි තරුණයා වහා යතුරුපැදිය පණ ගන්වා විදුලි වේගයෙන් ඉගිල ගියේය.       

                                                  
 මෙම සිද්ධිය දුටු අසල ගමන් ගත් කීපදෙනෙක් කෑ මොර දෙමින් ”‍අනේ මිස් උන් දෙන්නා මිස්ගේ මාලෙ කඩාගෙන ගියා නේද? යි ඇසූහ.


”‍දැන් ඉතින් ඕකට දුක්වෙලා වැඩක් නැහැ නංගී, ඔයා ජොබ් එකක් කරනවා නම් අලුත් චේන් එකක් ගන්න ට්‍රයි කරන්න යැයි සිද්ධිය දුටු එතැනින් ගමන් කළ තවත් තරුණයෙක් ඇගේ දුක අස්වසාලමින් පැවසීය.


”‍මට කිසිම දුකක් නැහැ අයියේ. මාලේ පෙනුමට තිබ්බට ඒක ඉමිටේෂන් මාලයක්. මම පානදුරේ ඉඳලා ඇවිදින් රත්නපුරෙන් බැහැලා පාර දිගේ ගෙදර යනකොට වැඩිපුර පයින්ම යන්නෙ තනියෙන්. ගෙදර යද්දී පාරෙ යන අය මට නිතරම හමුවෙනවා. මේ දෙන්නා මගේ මාලේ කඩාගන්න ගොඩාක් කාලයක ඉඳන් ප්ලෑන් කරල තියෙනවා. උන් දෙන්නා මාස ගණනක් මම එන වෙලාව බලලා අද ඇවිත් ඉමිටේෂන් මාලේ කඩාගෙන ගියා. ඒක කඩා ගනිද්දි දඟලන්න ගිහින් පිහි පාරකින් ජීවිතේ නැතිකර ගන්නෙ නැතුව මම නිශ්ශබ්දව හිටියා.

 



අදහස් (0)

මාලෙ කඩාගන්න බෙල්ල අතගාද්දී සනීපෙට ඉඳලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 72 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site