IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මායියාට “ගට්ස්“ පෙන්නන්න ගිහින් හතර හන්දි කඩාගෙන

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


භාර්යාවගේ අඩහැරය ඉදිරියේ නොසැලී සිට ඇයට එකට එක කියන්න ගට්ස් ගන්න මිතුරාගේ උපදෙස් ගෙන හතර හන්දි කඩාගෙන රෝහල් ගතවූ අයකු පිළිබද කතාවක් ගාලු‍ පුරවරයේ ගමකින් අසන්නට ලැබේ.
ඇත්තටම ඇයට ඔහු හොඳ වැඩිය. මේ නිසාම ඇය සිටියේ ඔහු පාගාගෙනය. ඇය ඔහුගේ පාගාගෙන සිටියේ ගෙලය. ඔහු හොඳක් කළත් නරකක් කළත් ඇයට වැරදිය. නිතරම ඇය සිටියේ ඔහුට බැණ වදිමින්ය. ඇය කෙතරම් ගතු කීවත් ඔහු ඇයට හූම් නොකීවේය.
කාලයක් යද්දීම භාර්යාවගේ මේ අඩහැරය වදයක්ම විය. එය වදයක් වුවත් භාර්යාව අබිබවා යාමට ඔහුට ගට්ස් නොතිබුණේය. ඒ අවස්ථාවලදී ඔහු කළේ එතනින් ලිස්සා යාමය. මගහැරීමය. මෙය තවදුරටත් කළ හැකි කාර්යයක් නොවන බව ඔහුගේ ටිකිරි මොළේට තේරුම් ගියේය. ඒ වනවිට එය ලෙහෙසියෙන් පහසුවෙන් මිදීමට පුළුවන් දුරක නොතිබිණ. මේ නිසාම ඔහු භාර්යාවට බය නැති මිතුරකුගෙන් උපදෙසක් ගන්න කල්පනා කළේය.
භාර්යාවට බය නැති භාර්යාව ඔහුට බය මිතුරකු කතානායකයාගේ මනසට ආවේ එවිටය. ඔහු බෙබේ කෙනෙකි. සිය ප්‍රශ්නය ඔහු මිතුරාට කීවේය. යකෝ ඕවා කලින් කර ගන්න තිබුණු දේවල්නේ. බලපං මම. මට නෝනා කට ගහගෙන එන්නේ නැහැ. මුලින් මුලින් ආවා, මම සද්දේ දාලා බය කර ගත්තා. ඔය දැන් ඉන්නේ බබා වගේ. පොඩි පොඩි වැඩ තියෙනවා ඒවට.
අඩියක් පුඩියක් ගහලා ගියාම නෝනව ෂේප් කරන්න පුළුවන්. එතකොට මාර ගටක්නේ එන්නේ. කරලා බලමුකෝ යයි හේ යෝජනා කළේය.


දෙන්නා නගරයේ තැනක සෙට්වූහ. අවශය සියලු‍ම දේ ඔහුගෙන්ය. මිතුරා සහායටය. මුල් ෂොට් එක ඔහු ගත්තේ අමාරුවෙනි. බඩ පපුව දා ගියේය. දෙක තුනත් අමාරුවෙනි. ඔහුට බඹර පදම්ය. දැන් කොහොමද නෝනාව ෂේප් කරන්න පුළුවන්ද?. පුහ් දැන් නම් නෝනා කට ගහගෙන ආවොත් කටේ දත් හැලෙන්න ගහන්න පුළුවන් ගටක් නේ තියෙන්නේ.
දෙන්නා සමුගත්තෝය. මිතුරා ඔහුගේ යතුරු පැදියෙන් යාමට පිටත්වූවේය. ඔහුත් එසේමය. ඔහුට යාමට හැකිවූයේ ටික දුරකි. බමන මතින් සිටි ඔහු යතුරු පැදිය පාලනය කර ගන්න නොහැකි වී බිම වැටුණේය. නැවතුණේ රෝහලේය. කැඩුණේ අඬුපඬුය. සිටියේ වෙළාගෙනය.
මේ සිද්ධිය එදා සෙට්වූ මිතුරාට රසවත් පුවතක් විය. ඔහු අනෙක් යහළුවන් අතර මේ පුවත බෙදා හැරියේ සුළඟටත් වඩා වේගයෙන්ලු‍.

 



අදහස් (0)

මායියාට “ගට්ස්“ පෙන්නන්න ගිහින් හතර හන්දි කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site