IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහ රෑ පොලිසියට ලණු දී ඉල්ලන් කාලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


එක එක්කෙනාට එක එක විනෝදාංශ තිබේ. ඒ ඒ විනෝදාංශය ඒ ඒ අයගේ රුචිකත්වය අනුව සිදුවේ. මේ අයගේ මේ විනෝදාංශයනම් අපි කවර කලෙකවත් නෑසුවෙමු.
මේ ඒ අපූරු විනෝදාංශය පිළිබඳව අම්බලන්ගොඩ පොලිසියෙන් ඇසෙන කතාවකි.
බොහෝ රාත්‍රීවලදී අම්බලන්ගොඩ පොලිසියට පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් ඇමතුම් ලැබෙන්නේය. ඒ සිය බල ප්‍රදේශයේ සිදුව ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙනි.
අම්බලන්ගොඩ පොලිසිය බොහෝම සීරුමාරුවට ඒ ඇමතුම් ඔස්සේ දුවන්නේ කාරණා කිහිපයක්ම නිසාය.
එහෙයින් එන හදිසි පොලිස් ඇමතුමක්ම අත නෑර අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීහු පරීක්ෂණවලට යති. ඇතැම් දිනවල පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් මේ පොලිසියට සිය බල ප්‍රදේශයේ අපරාධයක් සිදුවූ බවට තොරතුරු එන්නේ යක්කු ගස් නගින වෙලාවටය. ඒ වෙලාවට යම් අපරාධයක් ඇත්තටම සිදුව ඇතැයි සිතා අම්බලන්ගොඩ පොලිස් නිලධාරීන් සිද්ධියවූ තැනට යන්නේ පිම්මේය. එම ස්ථානයට ගොස් කෙතරම් විපරම් කර බැලු‍වත් මොනවත්ම සිදුවීමක් නැත්තේය.


දිගින් දිගටම පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් මේ ආකාරයට හදිසි ඇමතුම් පැමිණියත් බොහෝ ඒවා බොරුය. අම්බලන්ගොඩ පොලිසියට මෙය මහත් හිසරදයක්ව තිබුණේය. ඒ අනුව මේ බොරු තොරතුරු දෙන අය සොයා බැලීමට අම්බලන්ගොඩ පොලිසිය යුහුසුලුව කටයුතු කළේය. එහිදී එකම දුරකතනයකින් මේ ඇමතුම් එන බව අනාවරණය විය. එම දුරකතන අංකය හිමි දුරකතන හිමියා සොයා ගෙන අම්බලන්ගොඩ පොලිසිය ඔහුගේ නිවසට ගියේය. 
සිද්ධියක් නැතත් තමා මෙසේ රෑට රෑට 1919 අංකයට කතා කරන්නේ විනෝදයට බව ඔහු එහි ගිය පොලිස් නිලධාරීන්ට කීවේය. තමා දුන් තොරතුරට එන පොලිස් නිලධාරීන් දිහා හොරෙන් බල බලා සතුටු වන බවද හේ කීවේය. ඔහුගේ මේ සතුට දෙගුණ තෙගුණ කරන්න අම්බලන්ගොඩ පොලිසියෙන් අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝදනා මත ඔහුට නඩුවක් බලපිටිය අධිකරණයේ දැමීමට කටයුතු කරමින් සිටින්නේලු‍.



අදහස් (0)

මහ රෑ පොලිසියට ලණු දී ඉල්ලන් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site