IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදනියකට මත්පැන් බෝතලයක් තෑගි වශයෙන් පිරිනැමීමේ සිද්ධියක් කොළඹට නුදුරු පාසලකින් වාර්තාවේ.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.  අදාළ පාසල කොළඹට නුදුරු මහාමාත්‍යාදීන් ගේ නම බබළවන ප්‍රධාන ජාතික පාසලකි. එම පාසලේ එකොළහ වසරේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් මෙම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනය සංවිධානය කර ඇත.
නීති ක්ෂේත්‍රයට සම්බන්ධ කණ්ඩායමක් ඔවුන් විසින් පිහිටුවාගත් සංගමයක නාමයෙන් ඉදිරියෙහි පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සමාජයට පිවිසෙන දරු දැරියන්ට මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සංවිධානය කර තිබුණි. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන ජීවිත හානි, මත්ද්‍රව්‍ය ලබා ගැනීමෙන් සිදුවන ගැටලු‍කාරී තත්වයන් ඇතුළු පවුල් සංස්ථාවේ බිඳ වැටීම් පිළිබඳව මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනින් දරුවන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
අදාළ මත් නිවාරණ වැඩසටහන සිදුකිරීම පිළිබඳව ජනමාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා එම අවස්ථාවට සංවිධායකයන් විසින් ජනමාධ්‍ය වේදිනියකට ද ආරාධනා කර තිබුණේ එම පාසලේම ඉගෙනුම ලබන දරුවකුගේ ඥාති සම්බන්ධතාවයකිනි.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහන අවසන් වීමෙන් පසු එය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදිනීය නැවත යාමට සැරසුණු අවස්ථාවේදී එහි සංවිධායකයන් විසින් ඇය අත පාර්සලයක් තබා එම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සහභාගි වීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කර ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසද ඉල්ලීමක් කර තිබුණි.


ඒ අනුව පාසලෙන් පිටත් වූ  මාධ්‍යවේදිනිය නිවස වෙත පැමිණ ලබාදුන් පාර්සලය ලිහා බැලීමේ දී ඒ තුළ තිබී ඇත්තේ මත්පැන් බෝතලයකි.
තමන් කාන්තාවක ලෙසත් තමන් සහභාගි වූයේ මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට බවත් සිහිපත් වූ විට ලැබී තිබූ ත්‍යාගය පිළිබඳව ඇය හට ඇති වී ඇත්තේ දැඩි කෝපයකි.
ඒ අනුව ඇය විසින් මේ පිළිබඳව පාසල් බලධාරීන් ඇතුළු අදාළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සහභාගී වූ බොහෝ පිරිසකට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. 

 කඩුවෙල - කේ. බුද්ධික කුමාරසිරි



අදහස් (0)

මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site