හසලක සුනිල් ඒකනායක
දියණියකගේ මංගල උත්සවයකට හිතවතුන් කණ්ඩායමක් විසින් රැගෙන ආ විශාල තෑගි පෙට්ටිය විවෘත කර බැලූ විට ගෘහ මූලිකයාට පවුලේ ඥාතින් ඉදිරියේ හීන් දාඩිය දැමු පුවතක් හසලක ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
දියණියකගේ මංගල උත්සවයට පවුලේ ඥාති පිරිසට අමතරව ඔහු තමන් ඇසුරු කරන හිතවතුන් කීප දෙනෙකුට ද ආරාධනා කිරීමට අමතක නොකළේය. මෙම ආරාධනය ලැබු ඔහුගේ සමීපතම හිතවතුන් හය දෙනෙකු මෙදින පෙරවරු 09.00ට පමණ හසලක නගරයට එක් වූයේ මිතුරාගේ මංගල උත්සවයට යෑම සඳහාය. එම කණ්ඩායමේ අයෙකු යෝජනා කළේ මිතුරාගේ නිවසට යෑමට පෙර මෙහිදීම යමක් සප්පායම් වෙලා ගියොත් හොඳයි. මොකද එහේ මේවා නැති වුණොත් කියාය. එම යෝජනාවට පිරිසේ මත් වතුර පානයට ලොල් පස් දෙනෙක් කැමැත්ත පළ කළහ. දරුවාට තෑගි දීමට මෙපමණ මුදලක් දිමටත් මත්වතුර බෝතලයට මෙපමණ මුදලක් දාමු නේද යැයි අයෙකු ගෙනා යෝජනාවට කණ්ඩායම කැමැත්ත පළ කළ අතර අදාළ මුදල මත් වතුර පානය නොකරන අය වෙතට හය දෙනාම දුන්නේ තවත් අයෙකු වෙත මත් වතුරට වෙන් කළ යම් මුදලක් ඉතිරි කරගනිමිනි.
එම පස් දෙනා එකතුකර ගත් මුදලින් මත්වතුර බෝතලයක් ගෙන නගරයේ එක් ස්ථානයකට ගොස් එය පානය කළ අතර එය ඔවුන්ට ප‍්‍රමාණවත් නොවිය. තවත් මත් වතුරේ අවශ්‍යතාවක් මතුවිය. එයට වැය කිරීම සඳහා කිසිවකු අත මුදල් නැත. එහිදී එම පිරිසේ අයකු යෝජනා කළේ අර තෑග්ගට එකතු කරපු මුදලෙන් යම් මුදලක් ගෙන එයින් අවශ්‍යතාව ඉටු කරගනිමු කියාය. එම යෝජනාවට මත් වතුර නොබොන කෙනා විරුද්ධ වුවත් පස් දෙනෙකුගේ කැමැත්ත මත එය ස්ථිර විය. එසේ තවත් වාරයක් මත් වතුරට මුදල් වැය කළ පසුව ඉතිරි වූයේ රුපියල් 1500/- වැනි මුදලකි. මෙම මුදලට තෑග්ගක් ගත නොහැකි බවත් මේ ගමන තමන් නොයන බවත් මත්වතුර නොබොන කෙනා පැවසීය. මත් වතුරෙන් මත්වී සිටි අයෙකු අදාළ මුදල රැගෙන ප්ලාස්ටික් බඩු කඩයක් වෙත ගොස් විනාඩි කීපයකින් ලොකු පාර්සලයක් කර තියාගෙන ආවේ හා දැන් යමුයි කියමිනි.
මංගල නිවසට ගිය කණ්ඩායම ඉතා උසස් අන්දමින් පිළිගෙන ඔවුන්ට සිතැගි පරිදි කෑමට සහ බීමට ද අවශ්‍ය පසුබිම ගෘහමූලිකයා වූ මිතුරා විසින් සකස් කර දෙනු ලැබීය. මංගල අවස්ථාවේ දී ගුණ කතන කීපයක් ද කර රැගෙන ආ තෑගි පාර්සලය දියණියට ලබාදී පෙරළා එම නිවසින් ඔවුන් පිටව ආවේ එක එකා වෙන් වෙන්වය.
මංගල උළෙල අවසන් වී පසුදින දහවල් කාලයේ ලැබුණු තෑගි බෝග පරීක්ෂා කළ පවුලේ අයට ගෘහ මූලිකයාගේ මිතුරන් විසින් දුන් විශාල පෙට්ටිය සහිත තෑගි පාර්සලය ලිහා බැලූ විට නිවැසියන්ට සිනහව නතර කර ගැනීමට බොහෝ වේලාවක් ගත වූ අතර ඔවුන් සිනහා වෙන්නේ මන්දැයි විමසීමට පවුලේ අය සිටි කාමරයට පැමිණි ගෘහ මූලිකයාට මෙන්න ඔයාගේ මිතුරන් දුන් තෑගි යැයි කියා එහි තිබු දෑ පෙන් වූ පසු ඔහුට ඇතිවූ අපහසුතාවය මෙතෙකැයි කියා නිම කළ නොහැකි වූ බව පසු දින ගමේ මිතුරන්ට පැවසුවේ එහි තිබුණේ කුඩා ළමයින් සෙල්ලම් කිරීමට ගන්නා ප්ලාස්ටික් බඩු තොගයක් නිසාවෙන් කියාය.
මත් වතුර නොබිව් කෙනා කතාවේ සියලූ තොරතුරු ගෘහමුලිකයා ඇතුළු හිතමිතුරන් හමුවේ පසුව පවසා තිබිණි. මෙය දින කීපයක් යන්නට පෙර ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මංගල තෑග්ගට සෙල්ලම් බඩු දීලා
sameer Sunday, 13 October 2024 04:58 AM
ගොන් ජෝක්ස්...