IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


බෝලෙට බරබරේ දැම්මාට කොල්ලන්ගෙන් අපූරු දඬුවමක්

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
සෙල්ලම් කරමින් තිබූ පන්දුව අත්අඩංගුවට ගත් අසල්වැසියාට අපූරු දඬුවමක් දුන් කොල්ලන් පිරිසක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
පාසල් පිටියකි. වැඩිමනත්ම එහි සෙල්ලම්  කළේ ක්‍රිකට්ය. කොල්ලන් මේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ගහන්න වෙලාවක් කලාවක් නොවීය. මේ පිටිය වැඩිමනත් ප්‍රසිද්ධ ලෙදර් බෝල සෙල්ලම් කරන පිටියක් ලෙසය.
සීමා ඉර බිමින් සහ උඩින් පසු කර යන ලෙස ලෙදර් බෝලයට පහර දෙන කොල්ලෝ ද සිටියහ. සීමා ඉරටත් උඩින් ක්‍රීඩාංගණය වටා ගසා ඇති දැලටත් ඉහළින් පන්දුවට පහර දෙන කොල්ලන්ද මේ අතරය. ඒ හයිය හත්තිය තියෙනවුන්ය.


මේ හයිය හත්තිය තියෙන කොල්ලන් එල්ල කරන පන්දු පහරවල් යාබද නිවවෙස්වල  වහලයට, දොර, ජනෙල්වලට, මිදුලට වැටෙන අවස්ථා නැත්තේද නොවේ. එවන් අවස්ථාවලදී එම නිවෙස්වල වහලය, දොර ජනෙල්වලට පන්දුව වැදී පළුදූවු අවස්ථා සුලබය.
මේ නිසා මේ ක්‍රිකට් ගැහිල්ලට අසල්වාසීහූ බරබරය දැම්මෝය. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට ද පැමිණිලි කළහ. ඒත් ඔවුහු  නොඇසූ කන්ව සිටියෝය. මේ සම්බන්ධයෙන් අසල්වාසින් සිටියේ අදාළ බලධාරීන් සමග කේන්තියෙනි.
 කාලය කෙමින් ගෙවෙමින් තිබිණ. හයියහත්තිය තියන කොල්ලකු ගැසූ පන්දු පහරක් අසල්වාසී නිවසකට ආයෙත්  කඩා වැදුණේ ඊයේ පෙරේදාය. එසේ කඩා වැදුණ පන්දුව අසල්වැසියා අත්අඩංගුවට ගත්තේය. කොල්ලන් ඉල්ලු‍වත් දුන්නේම නැත. කොල්ලන්ට කේන්තිය. පන්දුව නොලැබූ ඔවුහු ආපසු ආහ.
පන්දුව අත්අඩංගුවට ගත් අසල්වැසියා සිය නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියට නැග්ගේ අවශ්‍යතාවකටය. අසල්වැසියාට දෙලෝ රත්විය. තමා නවතා ගිය යතුරු පැදියේ තිබූ  යතුර යතුරු කටේ නැත අසල්වැසියාට වැඩේ තේරුම් ගියේය. තමා අත්අඩංගුවට ගත් පන්දුව කොල්ලන්ට දී කොල්ලන් අරගෙන ගිය යතුරු පැදියේ යතුර හුවමාරුකර ගත්තේ ඉන් අනතුරුවය.



අදහස් (0)

බෝලෙට බරබරේ දැම්මාට කොල්ලන්ගෙන් අපූරු දඬුවමක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටියුෂන් පෝස්ටර් ගහන්න ගිහින් අනූනවයෙන් බේරිලා
2024 නොවැම්බර් මස 14 89 0

මහ මැතිවරණ නිහඬ කාලයේදී ටියුෂන් ගුරාටයි ගෝලයන් රොත්තටයි කවදාවත්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ කතාවක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ.


ඡන්ද රහසක් රිළවුන්ගෙන් හෙළිවෙලා
2024 නොවැම්බර් මස 13 548 0

මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා යොදා ගන්නා අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගයක් රිළවුන් රැගෙන යාම නිසා තමා සහාය දක්වන පක්ෂය සම්බන්ධයෙන් ගම පුරා ප


නෑනාට ගැසූ මැසේජ් මාට්ටු වී බිරිඳ යකින්නියක් වෙලා
2024 නොවැම්බර් මස 12 8246 1

තම බිරියට හොරෙන් නෑනාට ජංගම දුරකතනයේ වට්ඇප් හරහා කෙටි පණිවිඩ යැවු සැමියකුගේ පවුල් ජීවිතය අනුනවයෙන් බේරුණු පුවතක් බලන්ගොඩ ග්‍රාමීය ප්‍රදේශයකින් අරං


ඔත්තුව වැරදි අන්ද මන්ද වෙලා
2024 නොවැම්බර් මස 11 969 0

තරුණ හිමිවරුන් සහ තරුණ තරුණියන් පිරිසක් ගෙන ගොස් මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණේ යයි කියන තොරතුරකට අනුව එම පිරිස වැටලූ පොලිසියට අන්දමන්ද වීමට සිදුවූ පුවතක


පුතයි ලේලියි වෙන් කරන්න ලක්ෂ ගණන් කපුවකුට පුදලා
2024 නොවැම්බර් මස 08 1502 2

තම අභිමතය පරිදි යෝජනාවකින් පුතුට විවාහයක් කර දී ටික කලක් ගතවනවිට ලේලිය සමග උරණවී පුතු හා ලේලිය විරසක කිරීමට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කපුවකුට ලක්ෂ ගණනක්


හොරේ අල්ලන්න ගිහින් අතට තට්ටුවෙලා
2024 නොවැම්බර් මස 07 4095 0

කොළඹට යාමට බස් රථයට ගොඩ වු සැමියා අතරමඟට ටිකට් ගැනීමෙන් කුතුහලයට පත් බිරියට එදින රාජ්‍ය සේවයට යාමට නොහැකිව, අතේ තිබුණු මුදලට තට්ටු වු පුවතක් රජරටට හා ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 213 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 543 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1650 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site