IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බොරු දත් ඇන්ද නැතිවී දෙලෝ රත්වෙලා

ගෙදරට  අලුත ගෙනා ලේලිය නිසා මාමණ්ඩිට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව පුවතක් යාපහුව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.
නිවසේ පසුවෙන එකම පුතාට වියපත් මවුපිය යුවළ සහකාරියක සෙවූහ. මවුපිය යුවළ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෝය. පුතාද  රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක නියැලෙන අයෙකි. ඔහුගේ කලදශාව ඉක්ම යන නමුත් ඔහු සහකාරියක සොයා ගන්නේ නැත.
මේ නිසා පුතාට බැරි කාර්ය කිරීමට මව හා පියා අදිටන් කර ගත්හ. පුතාට ගැළපෙන බොහෝ දෙනකු හමු වූ නමුත් ඔවුන්ට රජයේ රැකියාවන් නැති නිසා ඒ සියල්ල අසාර්ථක වුණි.
කෙසේ හෝ මගුල් කපුවකුගේ මාර්ගයෙන් පවුලට ගැළපෙන රාජ්‍ය සේවයේ නියැලෙන සහකාරියක සොයා ගත්තේය. ගම, ගෙදර බැලීමට ගිය දෙපාර්ශවයම ඊට කැමැති වූහ. කෙසේ හෝ කාලය කෙමෙන් ගෙවී ගොස් මංගල්‍යයට දින වකවානු උදා විය.


උත්සවය දෙපැත්තෙන්ම යාපහුව අවට ප්‍රසිද්ධ හෝටල් දෙකක සිදු කෙරුණි. අවසානයේ මනාලිය නිවසට ගෙනා දිනයේදී පවා හෝටල්වලට අමතරව මනාලයාගේ නිවසේද උත්සවයකි.
හෝටලයේ නම්බුව රැක ගන්නට මත් තොල නොගෑව පියා මෙදින තම එකම පුතුගේ සහකාරිය ගෙට ගෙනා දිනයේ පදම ඉක්මවා යන්නටම අරක්කු බීවේය. ඔහු ගෙට නිදා ගැනීමට ආවත් වෙරි මරගාතේම කුස්සියේ වැටී නිදා ගත්තේය.
විවේකයක් නැතිව වෙහෙසට පත්ව සිටි නිවැසියෝ ද නින්දට වැටුණහ.
පසු දිනයේ නවක ලේලිය නැන්දම්මා නැගිටින්නට පෙර අවදි වී මුළු තැන්ගෙට ගියාය. උදේම තේ බීමට සියල්ල සූදානම් කළාය.මුළු තැන් ගෙය අතු ගා දැමුවාය. ඉවතට දැමිය යුතු දේවල් විසි කෙරුවාය. පියවි සිහිය ලැබුණු මාමණ්ඩිය මුළුතැන් ගෙට ආවේය. ඔහු යමක් සොයයි. ඒ සොයන්නේ මොනවාදැයි ඇය ඇසුවාය.
“ දුවේ මෙතැන සින්ක් එකේ වතුර වීදුරුවක් තිබුණේ නැද්ද.” මාමණ්ඩි ඇසුවේය.
“තිබුණා තාත්තේ මම ඒ වතුර වීදුරුව විසි කෙරුවා. ඒ හිස් වීදුරුව මෙන්න” ඇය කීවාය.
“අනේ දුවේ ඒක කොහාටද විසි කෙරුවේ.” ඔහු තක්කු මුක්කු වී ඒ දෙසට දිව ගියේය.
එය ඇසුණු පුතු හා ඔහුගේ වියපත් අම්මාද එහි පැමිණියහ.
තමුසේ ගෙට අරගෙන යන වීදුරුව මොකද වෙරි වෙලා සින්ක් එක ගාව තිබ්බේ. ඔහුගේ බිරියගෙන් සැමියාට උදේම එල්ල වන්නේ දෝස් මුරයකි. කට වහගෙන හිටපන් කියා ඔහු  වීසි කැත්තක් ගෙනැත් වීසි ගාමින් පවා යමක් සොයයි. තම මනාලයාද ඊට සහාය වෙයි. එහෙත් ඒ සොයන්නේ කුමක්දැයි ඇය නොදැන සිටියාය.
මේ නිසා ඇය දැඩි කලකිරීමෙන් යුතුව පසුවූවාය. කිසිවක් නොකියා බොහෝ වෙලාවක් තිස්සේ සෙවූ යමක් පුතා අහුලාගෙන ඇවිත් පියා අත තැබුවේය. ඒ වතුර වීදුරුවේ දමා තිබූ මාමණ්ඩිගේ බොරු දත් ඇන්ද නවක ලේලීය විසිකර ඇති බව ඇයට පසක් වුණේ එවිටලු.

 

මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

බොරු දත් ඇන්ද නැතිවී දෙලෝ රත්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site