IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බදු ඔප්පු හුටපටයෙන් නිවැසියා අන්දමන්ද වෙලා

කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත


පළමු වසරට සිසුන් බඳවා ගැනීමේ පරීක්ෂණ මණ්ඩලයට කවදාවත්ම අමතක නොවන සිද්ධියක් පිළිබඳ කතාවක් මේ ඊයේ පෙරේදා අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප්‍රධාන පාසලකිනි. 
ආසන්නතාව මත පළමු වසරට සිසුන් බඳවා ගැනීමට මේ විදුහලේ ක්‍රම දෙකක් අනුගමනය කරන්නේය. ඉන් පළමු වැන්න, සම්මුඛ පරීක්ෂණයෙනි. එහිදී සිදු කෙරෙනුයේ ලිඛිත සාධක පරීක්ෂා කිරීමය. දෙවැන්න, ලිඛිතව දුන් පදිංචිය සනාථ කිරීම සඳහා ස්ථානීය පරීක්ෂාවය. එය සාමාන්‍යයෙන් කෙරෙනුයේ රාත්‍රී කාලයේදීය. ඒ සඳහා එන දවස නොදන්වාය.
එදා රෑ මේ පාසලේ පළමු වසර ළමයින් බඳවා ගැනීමේ පරීක්ෂණ මණ්ඩලය වාහනයකින් ගියේ ඒ සඳහාය. ආසන්නතාව මත සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ අයැදුම්කරුවන්ගේ නිවෙස් කරා ගෙන් ගෙට ඔවුහු යමින් සිටියහ.
එක නිවෙසකට මේ අය ගියේ ඒ අනුවය. එම නිවැසියා මේ පරීක්ෂණ මණ්ඩලය දැක පුදුම විය. තමන්ගේ නිවෙසේ ළමයකු එක වසරට ඇතුළත් කිරීමට අයැදුම් නොකළත්, පරීක්ෂණ කණ්ඩායමක් ස්ථානීය පරීක්ෂණය සඳහා පැමිණීම ඔහුගේ පුදුමයට හේතු වී තිබිණ.


මේ නිවෙසෙන් ළමයකු එක වසරට ඇතුළත් කිරීමට අයැදුම් කළ බව කී විට නිවෙස් හිමියා තවත් පුදුම විය. එක වසරට ඇතුළත් කිරීමට ළමයකු නොමැති නිසා මෙය වැරැදීමක් යයි ද ඔහු සිතුවේය.
පරීක්ෂණ කණ්ඩායම මේ නිවෙසේ ළමයකු එක වසරට ඇතුළත් කිරීම සඳහා තමන්ට ඉදිරිපත් කළ මේ නිවෙසේ බදු ඔප්පුව ද නිවෙස් හිමියාට පෙන්නුවේය. ඔහු ද තමන්ගේ නමට ඇති මේ නිවෙසේ බදු ඔප්පුව පරීක්ෂණ කණ්ඩායමට පෙන්වූ විට හැමදෙනාම පුදුම වූහ.
එකම නිවෙස දෙදෙනකුට නිවෙස් හිමියා බදු ඔප්පුවකින් ලියා ඇති බව මෙහිදී ඔප්පු විය. එකම නිවෙසට ලියූ බදු ඔප්පු දෙකෙන් හරි එක කොයි එක ද? ප්‍රශ්නාර්ථයක් වුවත්, පරීක්ෂණ කණ්ඩායම සිය පාසලට ළමයා ඇතුළු කරගැනීමට දමා තිබූ ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කළේ, ඒ අවස්ථාවේදී ඉල්ලුම්පත දමා තිබූ අය එම නිවෙසේ පදිංචිව නොසිටි නිසාලු.

 



අදහස් (0)

බදු ඔප්පු හුටපටයෙන් නිවැසියා අන්දමන්ද වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site