IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


පොකැට් හොරා බෝතලයෙන් අහුවෙලා


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



මුදල් පසුම්බියේ හොරා අරක්කු බෝතලයෙන් මාට්ටු කරගත් මහත්තයකු පිළිබඳව අපූරු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
මහත්තයා අම්බලන්ගොඩය. වැඩ කොළඹය. එදා ඔහු රෑ වැඩ මුරය නිමවා නිවස බලා ආවේය. ආවේ බසයෙනි. අසුනක වාඩිගෙනය. මේ මහත්තයා වැඩි හොඳට මුදල් පසුම්බිය කලිසම් සාක්කුවෙන් රැගෙන කාර්යාලයීය බෑගය උඩ තබා අල්ලාගෙන ගියේය. වෙනදටත් ඔහු මුදල් පසුම්බිය බසයේ ගෙන යන්නේ මේ ආකාරයටය මහත්තයාට බසයේදීම නින්දගියේ නොදැනුවත්වමය. ඉබේටමය. රෑ වැඩ මුරය ඊට හේතුවය.
සැලකිය යුතු දුරක් පැමිණි විට මහත්තයාගේ කුකුළු නින්ද අවසන්විය. වටපිට බැලු‍වේය. තමාගේ අසුනේ යාබදව සිටි කළු කොල්ලා දක්නට නොවීය. මහත්තයා ඒ ගැන නොසිතුවේය. සිතන්නට ඔහුට කාරණාවක්ද නොවීය. ඒ සාමාන්‍යයෙන් මගී ප්‍රවාහන බසයක යන විට මගීන් එක එක තැනින් බැස යාම සාමාන්‍ය දෙයක් නිසා තමාගේ අසුනේ උන් අනෙක් කාන්තාවද නොසිටියාය. ඇය අසුනේ ටිකක් සිටියේ දඟල දඟලාය බැල්ම ද හොර පාටය. මහත්තයාට ඊට ද කමක් නොවීය.
 මේ මහත්තයාට තමා කාර්යාලයීය බෑගය මත අල්ලාගෙන ආ මුදල් පසුම්බිය සිහියට ආවේ ඒ සමගමය. ඔහු සිතුවේ නින්ද යාමත් සමගම එය බසයේ තමා වාඩිවී සිටි අසුන යටට වැටෙන්නට ඇතැයි සිතාය.


ඒ අනුව ඔහු ආසනය යට සෙව්වත් එය නොදුටු තැනේදී මහත්තයාගේ බොක්ක රත්විය. තුන් මුහුණටම දාඩිය දැම්මේය. දෙවියන් බුදුන් සිහිවූයේය. මිතුරකුගෙන් ඉල්ලාගත් රුපියල් හැත්තදහස එහිය. රුපියල් හතළිස් දහසක ශේෂයක් තියෙන බැංකු කාඩ්පතත් එහිමය. රියදුරු බලපත හැඳුනුම්පත රාජකාරි හැඳුනුම්පත ඇතුළු මිල කළ නොහැකි සබ්බ සකලමනාවම එහිය.
මහත්තයායේ මනසට මාරම අවුල්ය. තමාගේ පර්ස් එක නිදි අතරේ කවුරු හරි හොරකම් කරන්නට ඇතැයි මහත්තයාට සිතුණේ ඔය අතරය. තමාගේ මුදල් පසුම්බිය ගන්නට ඇතැයි මහත්තයා සිතුවේ දඟල දඟලා හොර බැල්ම දම දමා සිටි කාන්තාවය. 
මහත්තයා මේ පිළිබදව පැමිණිල්ලක් දැමීමට පොලීසියට නොගියේය. ගියේ අදාළ බැංකුවටය. බැංකුවේ නිලධාරීන් කීවේ බැංකු කාඩ් එකේ ඇති මුදල් නතර කරන ලෙසය. හිතවතුන් මෙන්ම ඒ සම්බන්ධයෙන් දන්නා අයද කීවේ එයමය. 
එහෙත් ඔහු ඊට මැලිවිය. කොහෙත්ම කැමති නොවීය. ඔහුගේ ඔළුව හොඳ නැතිවේගන එන්නේ යයි මේ පිළිබඳව දන්නා අය කීහ. බැංකු කාඩ් එකේ මුදල් තිබියදීත් එහි ගනුදෙනු නතර නොකරන්නේ මෝඩයෙකු යයි සිතූ අයද මේ අතරය. එහෙත් මහත්තයා නිහඬය. එහි අවදානම ඔහු ගත්තේය.
මුදල් පසුම්බිය නැතිවී ටික දිනක් ගියත් ඒ ගත්ත අයෙකු ගැන හෝඩුවාවක්වත් නොවීය. ඒත් මහත්තයා සන්සුන්ය. කලබලයක් නැත. ඒ එක්කම මහත්තයාගේ ජංගම දුරකතනයට තමාගේ බැංකු කාඩ් පතෙන් මුදල් ලබා ගත් බවට කෙටි පණිවිඩයක් ආවේය. දැන් මහත්තයා කලබලවීය. ඔහු දිව්වේ තමාට බැංකු කාඩ්පත හදාදුන් බැංකුවටය. මේ කාඩ්පතෙන් ගනුදෙනුව සිදුවූ පැත්ත මහත්තයා බැංකුවෙන් සොයා ගත්තේය. එය ගාලු‍ දිසාව අවසන්වන බස්නාහිර පළාතට කිට්ටු මත්පැන් හලකි.
මේ මහත්තයා දැන් වැඩේට බැස්සේය. එම මත්පැන් අලෙවි සලට මේ මහත්තයා ගියේ ඒ පළාතේම ප්‍රධාන පුරවැසියා ලෙස සේවය කළ හිතවතෙකු සමගය. එහි සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කළේය. තමාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩය ආ වේලාවේ මේ මත්පැන් අලෙවි සලත් එක්ක ගනුදෙනු කළ පුද්ගලයා සොයා ගත්තේය.
ඒ ඔහුමය එදා තමා සමග එක අසුනේ යාබදව සිටි කළු කොල්ලාය. මහත්තයාගේ හිතවතා මේ කොල්ලා හඳුනන්නේය. ඒ විතරක්ම නොව ඔහු පදිංචි නිවසද දන්නේය. ඒ අනුව දෙන්නම ‍කළු කොල්ලාගේ නිවසට ගියහ. ඒ මොහොතේ කළු කොල්ලා තවත් කොල්ලන් කිහිපදෙනෙකු සමග බැංකු කාඩ් එකෙන් ගත්ත බෝතලය කඩාගෙන කටට රසට හදාගත් වල් ඌරුමස් සමග ඇඟ රත්කර ගනිමින් සිටියේය.
ප්‍රදේශයේ හිටපු ප්‍රධාන පුරවැසියා දුටු කලු‍ කොල්ලා ඇතුළු පිරිස සිතුවේ ළඟ ළඟ එන පළාත් පාලන මැතිවරණයට තමාගේ සහයෝගය ඉල්ලා ගැනීමට එන්නට ඇතැයි සිතාය. ඔහු කාරණය කී විට කලු‍ කොල්ලාට උන්හිටි තැන් අමතකවී ගියේය. අනේ සොරි සර් යයි කියමින් නිවසේ හංගාගෙන සිටි මහත්තයාගේ මුදල් පසුම්බිය මහත්තයාට දුන්නේ ඔහු ඉදිරියේ දණින් වැටී සමාව ඉල්ල ඉල්ලාය. ඒ වන විට මහත්තයාගේ මුදල් පසුම්බියේ තිබූ මිතුරකුගෙන් ඉල්ලාගත් රුපියල් හැත්තෑදහස මේ කළු කොල්ලා ගල් කර තිබුණේ ගල් බෝතල් අද වාගෙම ඊයේ දවස්වලත් කොල්ලන් සමග හිස්කර තිබූ නිසාලු‍.



අදහස් (0)

පොකැට් හොරා බෝතලයෙන් අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 193 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site