IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පෙම්වතිය බලන්න ගිය මනමාල සීයාට ගුටි පූජාවක්

බළපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා


මැතිවරණ සමයේ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් පැරැණි පෙම්වතියක හමුවීමට ගොස් ඇයගේ මවගෙන් කොසු පහරක් කෑමට සිදුවීමේ පුවතක් ගාලු‍ දිසාවෙන් දැනගන්නට තිබේ.
ඔහු විවාහකයෙකි. දරුවන්ටත් දරුවන් සිටින සීයා කෙනෙකි. 
වාමාංශික අදහස්වලට ගරු කරන හෙතෙම තම පක්ෂය ජයග්‍රහණය කරවීමට මහත් කැපවීමකින් කටයුතු කරනුයේ බිරිය හා දරුවන්ගෙනුත් බැනුම් අසමින්ය. ගියවර මැතිවරණයේ දී තම අපේක්ෂකයා දිනවීමට සිය යතුරු පැදියෙන් දිවා රෑ වෙහෙසී කටයුතු කළ මොහු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට සිතුවේය.
 රැකියාවට දුම්රියෙන් ගමන් කරද්දී තරුණියක සමඟ පෙම් සබඳතාවයක් ඇතිකර ගත්තේ කාටත් හොර රහසින්ය. හදවතින්ම ආදරය කළ අතර ඇය විවාහ කරගැනීමට දික්කසාද වීමට ඔන්න මෙන්න තිබිය දී පෙම්වතියගේ මවට මෙය දැන ගන්නට ලැබිණි. 
යමක් කමක් තිබෙන පෙම්වතිය අලු‍ත් නිවෙසක් මිලයට ගෙන වෙනම ජීවත් වීමටද සැලසුම් කරගෙන තිබිණි. දැඩි විරුද්ධත්වයක් පෙම්වතියගේ මවගෙන් සහ ඒ පවුලේ උදවියගෙන් එල්ල වූ හෙයින් දරු පවුලක් අනාථවීම නතර වූයේ පසුව බිරිය හා දරුවන්ටද මේ ගැන සැලවීමෙන් පසුවය. දෙපාර්ශ්වයෙන්ම විරුද්ධත්වය එල්ල වුවත් දුරකථනයෙන් දෙදෙනා අතර හොර රහසේ සම්බන්ධතාව පවත්වාගෙන යාමට අමතක කළේ නැත.
මැතිවරණයේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් අපේක්ෂකයා සහ තවත් හිතවතුන් දෙතුන් දෙනෙකු සමඟ පෙම්වතියගේ නිවෙසට මොහු ගියේ කණ්ඩායමේ පෙරමුණ ගන්මිනි. එසේ ගොස් පෙම්වතියට ඡන්ද පත්‍රිකාව දෙන විටම පෙම්වතියගේ මව දුටුවාය.


‘ආ... තෝ ආයෙත් පාරක් අපේ ගෙදර ආවද..? උඹට මේ හතර මායිමටවත් එන්න තහනම්.... හිටපිය තොට හොඳ පාඩමක් උගන්වන්න යැයි කියමින් පහර දීමට කොස්ස අතට ගන්නවාත් සමඟම අපේක්ෂකයා ඉදිරිපත් වී එය වැළැක් විය.
‘මහත්තයෝ ඔයා හොඳ මිනිහෙක් බව අපි අහල තිබෙනවා. මූ සීයා කෙනෙක්. ඒ දරුවෝ අනාථ කරල අපේ කෙල්ලගේ කරේ එල්ලෙන්න හැදුවා. ඒ හැදුවේ අපේ බූදලයට තිබෙන කෑදර කමට මිසක් මේ අහිංසක කෙල්ලට තිබෙන ආදරයට නොවෙයි. 
මුගේ මත්තෙම නැහෙන නිසා මේ කෙල්ල වෙන විවාහයක් කර ගන්නෙත් නැහැ. මහත්තයෝ මේ වගේ අයත් එක්ක ආවොත් නම් ඡන්දය ලැබෙන්නේ නැහැ. මහත්තයා නිසා අද මූ මගෙන් බේරුණා කියල හිතා ගන්න. මහත්තයා තනියම ආවනම් හරි.. නැත්නම් ලකුණ කිව්වනම් අපි ඡන්දය දෙනවා. මූ එක්ක ආව නිසා දැන් මහත්තයටවත් ඡන්දය දෙන්නේ නැතැයි කියමින් දොර වසා ගත්තාය. 



අදහස් (0)

පෙම්වතිය බලන්න ගිය මනමාල සීයාට ගුටි පූජාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site