IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පුතයි ලේලියි වෙන් කරන්න ලක්ෂ ගණන් කපුවකුට පුදලා

හේවාහැට-එම්.දසනායක 


තම අභිමතය පරිදි යෝජනාවකින් පුතුට විවාහයක් කර දී ටික කලක් ගතවනවිට ලේලිය සමග උරණවී පුතු හා ලේලිය විරසක කිරීමට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කපුවකුට ලක්ෂ ගණනක් මුදල් ලබාදී තම සිතුම් පැතුම් සුන්කර ගත් කාන්තාවක පිළිබඳව පුවතක් කන්ද උඩරට නාගරික ප්‍රදේශයකින් වාර්තා වේ. 
සිදුවීමට මුහුණ දුන් කාන්තාව දේව ඇදහිලි හා ශාන්ති කර්ම මෙන්ම හදි හූනියම් පිළිබඳව තදින් විශ්වාසය තබා කටයුතු කළ තැනැත්තියකි. සිය එකම පුතුගේ කල වයස සම්පූර්ණ වනවිට ඔහුගේ ප්‍රේම සම්බන්ධතා වලට පවා තහංචි දමා මගුල් කපුවකු මාර්ගයෙන් යෝජිත විවාහයක් කරදී ඔවුන් දෙදෙනා තමන් සමගම එකම නිවසේ පදිංචි කරවා ගැනීමට මෙම කාන්තාව කටයුතු කර ඇත. 


ටික කලක් ගතවනවිට සිය ලේලිය සමග උරණවූ මෙම කාන්තාව මෙම ගැටලු‍වට පිළියම් සෙවීමට කපුවාගේ පිහිට පතා ඇත. දේව කැමැත්ත අනුව පුතු හා ලේලිය වෙන් කළයුතු බව පවසමින් ඒ සඳහා අවස්ථා ගණනාවකදීම මෙම කාන්තාවගෙන් කපුවා ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන තිබේ. සිය අරමුණ ඉටු නොවීම පිළිබඳව විමසීම සඳහා අවස්ථා ගණනාවකදීම මෙම කාන්තාව කපුවා හමුවීමට ගොස් ඇති නමුත් යම් සිදුවීමක සැකකරුවෙකු ලෙස කපුවා නීතියේ රැහැනට කොටුවීමත් සමග එම උත්සාහය අසාර්ථකවී ඇත. 
රජයේ උසස් රැකියාවක නිරතවී මීට වසර කිහිපයකට පෙර මියගිය සිය සැමියාට ලැබුණු වන්දි මුදල්වලින් කපුවාට මුදල් ගෙවා ඇති මෙම කාන්තාව අහිමිවූ සිය මුදල් ගැන සිහි කරමින් සිහි විකලෙන් දොඩවන බව දැන ගන්නට ඇත. 
සිය මවගේ හදි හූනියම් හෝ අකටයුතුකම් පිළිබඳව කිසිත් නොදන්නා ඇයගේ පුත්‍රයා සිය බිරිය සමග ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් මේ වනවිට විදේශ රටක සතුටින් දිවි ගෙවන බවද වාර්තා වේ.



අදහස් (2)

පුතයි ලේලියි වෙන් කරන්න ලක්ෂ ගණන් කපුවකුට පුදලා

Pradeep Kumara Friday, 08 November 2024 04:46 PM

මෙහෙමත් මෝඩ ගෑණු.

:       0       13

වික්‍රම විදුර Saturday, 09 November 2024 08:06 AM

ෂුවර් එකට ගාල්තැන්න‌ මහ හොරා...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 31 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site