කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
තමන් ගෝරි දමා ගත් විටදී මෙන් පාසලේ දී ගෝරි කරගත් ගුරුවරුන් දෙදෙනකුගේ මවුපියන් පාසලට කැඳවීමට දිවගිය සිසු පිරිසක් පිළිබඳ අපූරු පුවතක් අම්බලන්ගොඩ ප්රධාන පාසලකින් අසන්නට ලැබේ.
ගුරු විවේකාගාරයේ දී විවේක වේලාව තුළ මෙම සිදුවීම වී තිබුණි. 
විදුහලේ සිසු නායක, නායිකා මණ්ඩලය තෝරාපත් කර ගැනීම මුල්කර ගනිමින් මේ විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකු අතර කතා බහක් ඇති වූයේ සුළුවෙනි. ටික ටික එහි උණුසුම වැඩි වූයේ සිය මතය නිවැරදි යන්න දෙදෙනාම තර්ක, විතර්ක කිරීමත් සමගමය.
උණුසුමේ කෙළවර ගිනි ගැනීමෙන් මේ ගුරුවරුන් දෙදෙනාගේ තර්ක, විතර්කය ගහ මරා ගන්නා තැනටම උණුසුම් විය. දෙගුරුන්ට තැන නොතැන අමතක වූහ. මේ දෙන්නාගේ ගහ මරා ගැනීම පාසල් සිසු, සිසුවියෝ ද දුටහ.
ඔවුනට දෙවියන් බුදුන් සිහිවූයේ අර්ථයෙන් ධර්මයෙන් තමන්ට නිරන්තරයෙන් උපදෙස් දෙමින් තමන් දෙවියන් බුදුන් මෙන් සලකන ගුරුවරුන් දෙදෙනකුගේ මේ නොහොබිනා හැසිරීම දුටුවිටය. එය දුටු සිසු පිරිසක් ගාල කඩා ගත් හරක් මෙන් දිව යන දුටු තවත් ගුරුවරයෙක් ‘‘මොකෝ මේ කොහේද දුවන්නේ’’ යැයි ඇසුවේ මේ සිද්ධිය පාසලේ මුල් පුටුවට වාර්තා කරන්න යන්නේ දැයි දැන ගැනීමටය.
‘‘නැහැ සර් අපි ස්කෝලේදී ඔහොම ගහමරා ගත්තාම අපේ ගෙවල්වල අම්ම තාත්තා ගෙන්වනවානේ. අපි මේ යන්නේ අපේ ඇස් ඉදිරිපිට ගහා මරා ගත්ත මේ ගුරුවරුන් දෙදෙනාගේ අම්මා, තාත්තාට දන්වා ඒ අය පාසලට ගෙන්වාවත් මේ ප්රශ්නය විසඳන්න’’ යැයි සිසුන් කීවිට ගුරුවරයාට පොළව පලාගෙන යන්න සිතුනාලු.
මේ සම්බන්ධයෙන් එම විදුහලේ අනෙක් ගුරුවරුන් පැවසූවේ සිසු නායකයන් දිව්රුම්දීම අවස්ථා හතරකදීම කල් ගිය බවත් සිසු නායක, නායිකාවන් පත් කිරීමේ ගැටලු රැසක්ම නිර්මාණයවී තිබීම නිසා එය එසේ සිදුවූ බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගුරු, සිසු අතර ද ගහමරා ගැනීම් නොවැළැක්විය හැකි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ,අම්බලන්ගොඩ කියන්නේ කාලකන්නි ජීවත් වෙන ප්රදේශ
ඉස්සර නම් ගෝලයෝ නේ .දුව දුව මුත්රා කෙරුවේ .දැන් ඒක කරන්නෙත් ගුරාමයි
ඉස්කෝලත් දැන් පාර්ලිමේන්තුව අනුගමනය කරන්න පටං අරං
ලංකාවේ බොහෝ ප්රශ්නවලට මූලික හෙතුවක් කිසිම තැනක විනයක් නැතිකම
උඩ දාපු අදහස ඔප්පු කර පෙන්නුවා නේද දාපු කමෙන්ටුවෙන්