IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පවුල් ආරවුලට තදවෙලා ළිඳට බැස්ස කත අඩියේ තනිවෙලා

කාලයක සිට පැවැති පවුලේ ආරවුලක් හොඳින් හෝ නරකින් පිරිමසා ගැනීමට උපායක් ගැන නිරන්තරයෙන් කල්පනා කරමින් සිටි කාන්තාවකට අපූරු නුවණක් පහල විය.  
ප්‍රශ්නයක් ඇතිවුන විට ප්‍රශ්නයේ කෙළවර වන තැනත් ඉවසිය යුතු බවද ඇයට කල්පනා විය. අසන්නට ලැබුණ පරිදි ඒ කථාව මෙසේය.
මෙම පුවත වාර්තා වූයේ බිංගිරිය ප්‍රදේශයෙනි.
ඇය විවාහක කාන්තාවකි. නිතර දෙවේලේ සිදුවන පවුලේ ආරවුල් කෙළවරක් නොවන නිසා ඇය ජිවිතයෙන් සමුගැනීම සැනසීමක් බව සිතාගෙන කල් ගෙවමින් සිටියාය. කාගෙන් බේරුණත් අවසානයේ මාරයාගෙන් බේරෙන්නට බැරිවන බවද ඇයට වැටහුණි.


එබැවින් උපායශීලිව කරන දෙයක් වරදින්නේ නැතිව කළ යුතු බව තීරණය කළ ඇය තම ගෙවත්තේ පිහිටි ළිඳට බැසීමට කඹයක් ද සොයා ගත්තාය.
ඇය කඹය ළිං කනුවේ ගැට ගසා හිමින් සීරුවේ ළිඳට බැස්සාය.  ගිලෙන්නට තරම් ප්‍රමාණවත් වතුරක් ළිඳේ නොතිබුණ නිසා ජීවිතය බේරා ගන්නට හැකිවන බවද ඇය දැන සිටියාය. කෙසේ වෙතත් කඹයේ බාගයකටත් වැඩි කොටසක් අමාරුවෙන් බැස ළිඳේ අඩිය කිට්ටුවට එන අවස්ථාවේ කඹය ලිස්සායාම හේතුවෙන් ඇය ළිඳට වැටී තිබුණි.
ළිං අඩියේ වැදී නතර වුණ මේ කාන්තාව  ‘මාව බේරා ගන්න කෙනෙක් නැද්දෝ - අයියෝ මාව ඉක්මනින් ගොඩට ගන්න’ ආදි වශයෙන්  පැය හතරකටත් වඩා වැඩි කාලයක් විලාප නගමින් ළිඳ තුළට වී ඉන්නට ඇයට සිදුවිය.
 පසුව ළිඳ අසලින් ගිය අසල්වැසියෙකු සිද්ධිය දැක ගමේ අය කීපදෙනෙකු සමග එක්ව  ළිඳට වැටුණ කාන්තාව ගොඩට ගෙන තිබුණි. සුලු සීරිම් හා තැලීම් හැරෙන්නට වෙනත් කිසිම අමාරුවක් ඇයට නොතිබුණ බවත් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු අතර මෙය  ජනප්‍රිය කථාවක් බවට පත්වී ඇත.

බිංගිරිය වික්ටර් සෝමවීර



අදහස් (1)

පවුල් ආරවුලට තදවෙලා ළිඳට බැස්ස කත අඩියේ තනිවෙලා

Jayasekara Sunday, 24 September 2023 11:34 AM

බිංගිරියේ අය මෝඩයි කියලා හරිම ප්‍රසිද්ධයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31049 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13182 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10944 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 20 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 875 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 262 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site