හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
මවුපියන් විසින් කරදුන් යෝජිත විවාහය නීරස වූ තරුණ බිරිඳ සිය පැරණි පෙම්වතා නිවසට ගෙන්වාගෙන අල්මාරියේ සඟවාගෙන සිටියදී සැමියාගේ පවුලේ සාමාජිකයන්ට හසුවීමේ අපූරු කතාවක් දකුණු පළාතේ පොලීසියකින් වාර්තාවේ.
කෙළිලොල් වියේ පසුවන ප්‍රියමනාප තරුණ දියණිය පෙම්හබයක පැටලි ඇති බව දැනගත් මවුපියෝ එයට විරෝධය පළකරමින් මංගල යෝජනාවක් ලෙස පැමිණි ආරාධනාවක් මත වසර දහයක් පමණ විදේශගතව පැමිණි වෙනත් පළාතක තරුණයෙකුට දියණිය විවාහ කර දුන්හ.
සුවිශාල නිවසක් සහ විශාල ධනස්කන්ධයකට හිමිකම් කී සැමියා සහ තරුණ බිරිය අතර වසර දහයකට ආසන්න වයස් පරතරයක් ද විය. ප්‍රසිද්ධ හෝටලයක දී විවාහ මංගල උත්සවය මහ ඉහළින් පැවැත් වූ අතර සැමියාගේ නව නිවසේ නව යුවළ පදිංචියට පැමිණියහ.
විවාහය ආදරය සහ තරුණ බිරිඳගේ සංවේදි හැඟීම් තේරුම් නොගත් සැමියා විවාහ වී මාස දෙකක් ගතවීමටත් පෙර බිරිඳ තනිකර මුදල් සෙවීමේ අරමුණින් නැවත විදේශගත විය. සැමියාගේ නිවසේ සහ තම සැමියාගේ සුවිසල් නිවසේ මාරුවෙන් මාරුවට ජීවත් වූ තරුණ බිරිඳගේ තනි නොතනියට සැමියාගේ පවුලේ සමාජිකයෝ පැමිණීමට ද අමතක නොකළහ.
සිය සැමියාගේ නිවසේ සිටි තරුණිය දිනක් උදෑසන සැමියාගේ සොයුරියක සමගින් තම නිවසට ගිය අතර සොයුරිය නැවත නිවසට ගියේ අයියාගේ බිරිය තනිවම නිවසේ සිටියදීය. නෑනා පිළිබඳව යම් සැකයක් අැතිවූ නිසා දහවල් නැවත ඇය පැමිණිය ද නෑනාගේ නිදන කාමරය දොරගුළු දමා තිබීම ඇයගේ සැකය දෙගුණ තෙගුණ විය. නැවතත් සවස පැමිණි පසුද එම කාමරය දොරගුළු දමා තිබීම නිසා නිවසේ සිටි අනෙක් සොයුරු සොයුරියන් කැඳවා පරීක්ෂා කිරීමේදී නෑනාගේ නිදන කාමරයේ තිබු අල්මාරියේ සැඟව සිටි ඇයගේ පෙම්වතා හමුවූ බව සැලවේ.
සිද්ධිය පොලිස් පොතේ සටහන් වූ අතර තරුණ බිරිඳ සහ ඇගේ පෙම්වතා පොලිසියට කැඳවාගෙන ගිය අතර දෙදෙනාට පොලිසිය තුළ රැය පහන් කිරීමට සිදු විය.
දෙපාර්ශවයේ වැඩිහිටියන් ද කැඳවා සිද්ධිය පිළිබදව විමර්ශනය කළ අතර තරුණියගේ සංවේදි ප්‍රකාශ නිලධාරින්ට ද උභතෝකෝටික ගැටලුවක් විය. තරුණ බිරිඳ පෙම්වතා සමග යාමට අවශ්‍ය බව දැඩි ලෙස ප්‍රකාශ කර සිටි නිසා සැමියාගේ පවුලේ අයට කර කියාගත හැකි දෙයක් නොවීය.
2025 නොවැම්බර් මස 17
123
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
975
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2580
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පැරණි පෙම්වතා අල්මාරියේ සගවලා