IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නොම්බරය වැරදි කොන්දොස්තර අන්දමන්ද වෙලා

කුලියාපිටිය කොළඹ සුඛෝපභෝගී බසයක කොන්දොස්තරවරයෙකි.  කුඩා පාර්සල් ආදිය හිතවත් කමට රැගෙන ගොස් දීම සාමාන්‍ය සිරිත වුවත් එය ඇතැම් වේලාවල් වලට කරදර බව කියන මේ කොන්දොස්තර තැනට අයකු පිටකොටුවෙන් යම් බෑගයක් ලබාදී ඇත්තේ කුලියාපිටියෙන් එය ලබාගනීවි කියමිනි.
අලුයම ගමන් ආරම්භකරන බසය අවසන් ගමන්වාරය නිමකොට කුලියාපිටියේ දී එම බෑගය ලබාගන්නට කිසිවකු පැමිණ නොතිබීම හේතුවෙන් කොන්දොස්තරගේ රතු කට්ට පැන තිබිණ. පසුදින අලුයම 3ට පමණ පළමු ගමන්වාරය ආරම්භ කිරීමට ඇති හෙයින් අදාළ මල්ල ගෙන විපරම් කර බැලීමේ දී එහි දුරකතන අංකයක් දැක කොන්දොස්තරට මහත් අස්වැසිල්ලක් විය.


කඩිනමින් අදාළ අංකවලට සිය දුරකතනයෙන් අමතා පාර්සලය කුලියාපිටියෙ තියෙන්නේ රැගෙන යාමට පැමිණෙන්නේ නැද්ද විමසීය. අනෙක් පසින් අංකය වැරදි බවට පිළිතුරු ලැබී තිබිණ. මඳ වේලාවක් ගොස් මඳක් තරහින් උස් හඬින් ‘‘අයිසේ විහිළු කරන්න එපා මේක ගෙනියනවා නැතිනම් අපි යනවා” යැයි පැවසීය.  එහෙත් අනික් පසින් ‘‘මහත්තයා අංකය ආයෙ වරද්දගත්තාද” විමසා විසන්ධි කර ඇත. බසය පිටත්වීමට සැරසී මානුෂීය බව ඉස්මතුවීම හේතුවෙන් යළි ඇමතුමක් ගන්නට උත්සාහකර ඇති අතර දිගින් දිගටම අදාළ අංකය කාර්ය බහුලවීම හේතුවෙන් කොන්දොස්තර රියදුරු තැනට කියා තිබුණේ කාර්ය බහුලයි කියන්නේ ආපසු තමන්ට ගන්නවා විය හැකි බවයි. 
යළිත් රතුකට්ට පැන්න කොන්දොස්තර දිගින් දිගටම උත්සාහ කරමින් සිටිය දී අනෙක් පසින් පිළිතුරු ලබාදී තිබුණත් කොන්දොස්තර ඒ මොහොතේ සිටි වාතාවරණය අනුව  ‘‘මේ ඕයි තමුසෙ එනකල් මෙතන ඉන්න බැහැ” යැයි පවසා තිබූණත් අනික් පසින් ‘‘තමුසෙට පිස්සුද ඕයි මල්ලක් ගැන කියමින් නිතර කරදර කර අපේ කාලෙ කන්නෙ” යැයි කීමත් සමග කොන්දොස්තරට කේන්ති ගිය අතර ‘‘මේ පාර්සලේ තියෙන්නෙ මේ අංකෙනෙ” යැයි පවසා ඇත.  වට පිටේ සිටි බොහෝ දෙනකු මේ සංවාදය නිසා එක් රැස්ව බලන විට දැකගත හැකි වූයේ අදාළ කිලෝ පහක සහල් බෑගයක බහා යම් පාර්සලයක් ඇති බවයි. ලැජ්ජාව හේතුවෙන් කොන්දොස්තර ප්‍රමාදවන බව කියමින් බසයට නැග දොර වසාගෙන නැවතුම්පොළෙන් පිටව ගොස් තිබිණ.

 කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර



අදහස් (0)

නොම්බරය වැරදි කොන්දොස්තර අන්දමන්ද වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site