- පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර

විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගියකුට මස් මාළු නොකන ලෙස අවවාද කළ විට ඌරා කෑවට කමක් නැද්ද යැයි විමසූ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඔහු මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි වයස අවුරුදු හැත්තෑවක් පමණ අයෙකි. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා මස් මාළු නොකන ලෙස අවවාද කළේය. රෝගියා මේ අවවාදයෙන් තරමක් අපහසුතාවට පත්විය.
ඌරා කෑවාට කමක් නැද්ද යැයි වෛද්‍යවරයාගෙන් විමසුවේ හීන් සීරුවේය.
එය ඇසු වෛද්‍යවරයා මද සිනහවක් පෑවේය. ඌරා කොහෙන්ද වෛද්‍යවරයා රෝගියාගෙන් විමසුවේය. මොහොතක් කල්පනාවේ නියුතු වු ඔහු ඉන්පසු කටහඬ අවදි කළේය. වෙන කොහෙන්ද අර අමරයාගෙන් මිසක් අමරයාගෙන් ඊයේ ගත්ත ඌරු මස් ෆ්‍රිජ් එකේ ඒක හින්දයි මං අහන්නේ ඌරා කෑවට කමක් නැද්ද යැයි කියා රෝගියා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd