අනියම් පෙමක සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට ගිය අයකු පෙම්වතිය කියා ඇයගේ මව හමුවීමට යාමෙන් පෙම්වතාට සිදු වූ අකරතැබ්බයක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
පාසල් වියේ සිට ඇසුරු කළ පෙම් යුවළකි. එහෙත් දෙපාර්ශවයේ මව් පිය විරසකවීමෙන් ඇති වූ අඩ දබර නිසා පෙම්වතියට පාසල හැර ගමෙන් ද ඉවත්ව යාමට සිදු විය.
ඇය පිටස්තර ප්‍රදේශයක සිට ඉගෙනීම් කටයුතු නිමාකර එම ප්‍රදේශයෙන්ම විවාහ දිවියට පත් වූවාය.
කෙසේ හෝ ඇය තම දරුවා රැගෙන කුරුණෑගල රෝහලේ සායනයකට පැමිණි විට පෙර පෙම්වතා ද අහම්බෙන් ඇයට හමුවී ඇත්තේ වසර ගණනාවකට පසුවය.
දෙදෙනාම දැන් විවාහ වෙලාය. එහෙත් අමනාපකම් අමතක කර කුළුදුල් පෙම අමතක කරන්නට බැරි යැයි පැවසු දෙදෙනාම ආයෙත් පෙමක පැටලුණි.
ඇය ගලේවෙල ප්‍රදේශයේය. පෙම්වතා මහව ප්‍රදේශයේය. දෙදෙනා දුරකතන සංවාද ඔස්සේ හමුවන්නට දිනයක් කතා කර ගත්හ.
ඒ අනුව පෙම්වතා මගට පැමිණ පෙම්වතියට කතා කොට ඉබ්බාගමුවට එන ලෙසට කීවේය. ඔහු කුරුණෑගලට ඇවිත් පෙම්වතියට නැවත පණිවිඩයක් දුන්නේය. ඊට පිළිතුරු දුන් ඇය ඉබ්බාගමුවට එන්නට පොරොන්දු වූවාය. ඔහු පැමිණියේය. ඇය එන තුරු ඔහු බලා සිටියේය. ටික වේලාවකින් පෙම්වතිය වෙනුවට ඇයගේ අම්මා පැමිණියාය.
ඔහු සැඟවී සිට නැවත පෙම්වතියට ඇමතුමක් ගත්තාය. මං ඇවිත් ඉන්නේ එන්න යැයි පිළිතුරු දුන්නේ ඇය නොව ඇයගේ අම්මාය. ඒ සැණින් ඔහු දුරකතනය විසන්ධි කළේය.
දුවට ඉන්නකම් කෙනහිලිකම් කරපු පෙම්වතාට හොඳ පාඩමක් උගන්වන්නට අම්මා දුවට හොරෙන් දුව විදියට ඔහු සමග දුරකතන ජවනිකාවක රඟපා ඇති බව වටහා ගත් ඔහු හීං නූලෙන් එතැනින් බේරි පලා ගියාලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
2025 දෙසැම්බර් මස 04
219
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තහනම් ගහේ ගෙඩි කඩන්න ගිහින් පෙම්වතියගේ අම්මාගේ උගුලට අහුවෙලා