IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි. 
විදුහලේ වාර්ෂිකව පවත්වන අවුරුදු උත්සවය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබිණි. අඩුපාඩුවකට තිබුණේ අවුරුදු උත්සවයේ ඡායාරූප ගැනීමට ඩ්‍රෝන කැමරාවක් නොතිබීමයි. 
විදුහල්පතිතුමා කාටත් හොරා තමන්ගේම වියදමින් කැමරා කුරුල්ලකු මිලදී ගත්තේය. උත්සවය පැවැත්වීමට පෙර දින එය අත්හදා බැලීම සඳහා ඒ ගැන දැනුම් තේරුම් ඇති විදුහලේ ශිෂ්‍යයෙකු නිවෙසට කැඳවා ගත්තේය. නියමිත ප්‍රමාණය වන අඩි තිහක් උඩට කැමරා කුරුල්ලා ගුවන්ගත කර ඡායාරූප ලබාගත්තාට පසු විදුහල්පතිට ජොලිය වැඩි වී ශිෂ්‍යයාට උපදෙස් දුන්නේ තව උඩට යවන ලෙසය. කිලෝමීටරයක් පමණ උඩට යැවූ කැමරා කුරුල්ලා පාලනයෙන් මිදී සුළඟේ ගහගෙන නොපෙනී ගියේය. අඳුර වැටෙන තුරු අවට ලඳු කැලෑවල සෙව්වත් කැමරා කුරුල්ලා සොයා ගැනීමට නොහැකි විය. 
අනතුරුව හිස් අතින් ගෙදර ගිය විදුහල්පතිවරයා කැමරා කුරුල්ලකු නොමැතිව අවුරුදු උත්සවය සිදු කළේය.



අදහස් (1)

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන

ගුණරත්න Wednesday, 23 April 2025 11:45 AM

අපරාදේ, ඩ්‍රෝන යානය සොයාගත් කෙනෙක් ඉන්නවා නම් විදුහල්පතිතුමාට බාර දෙන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site