ගලහ ඩබ්ලිව්.ඒ. අසේල
අල්ලපු වත්තේ ගොන් වස්සා තමාගේ වත්තට පැන තමන් ඇති කරන කිරි එළදෙන ලිංගික අපයෝජනයට ලක් කළේයැයි පොලීසියට පැමිණිලි කළ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මහනුවර රන්දෙනිගල රජ මාවතේ වික්ටෝරියා ජලාශයට මායිම් වූ සාරවත් ගමක පුද්ගලයෙක් ස්වයං රැකියාවක් ලෙස කිරි එළදෙනුන් තිදෙනෙකු ඇති කරගෙන තම ජීවිකා වෘත්තිය කරගෙන ගියේය. එළදෙනුන් තිදෙනා තම දරුවන් සේ රැකබලාගත් මොහු සතුන්ට අවශ්‍ය කෑම බෙහෙත් පුන්නක්කු ආදිය නියමිත වෙලාවට ලබාදී ඉතාමත් සතුටින් කාලය ගතකළ පුද්ගලයෙකි.
අල්ලපු ගෙදරද සත්ව පාලනය සිදුකළ අතර දඟකාර ගොන් වස්සෙකු සිටීම එම ගෙහි හිමියාටද කරදරයක් විය. වත්තේ දුව පැන දඟකාරකම් පෙන්වූ මෙම වස්සා වත්තේ වවා ඇති භෝග වර්ගද විනාශ කළේය.
පසුගිය දිනක 119 දුරකතන අංකයට ලැබුණු පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී ඇත්තේ මෙම ගමේ දෙපිරිසක් අතර අඩදබරයක් සිදුවන බවට පැමිණිල්ලක් ලැබී ඇති බැවින් වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලන ලෙසයි.
ඒ අනුව පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් බැලීමේදී රණ්ඩුවට හේතුව සොයා ගැනීමට හැකිවී ඇත. අල්ලපු වත්තේ ගොන් වස්සා තම ගෙවත්තට පැන තමාගේ කිරි එළදෙනුකු ලිංගික අපයෝජනයට ලක්කළ නිසා වස්සාගේ අයිතිකරු හා කිරි එළදෙනුන්ගේ අයිතිකරු අතර ඇතිවූ රණ්ඩුවට පවුල් දෙකේ ඥාතීන් ද පැටලුනු නිසා මහා ගෝරියක් ඇතිවූ නිසා 119 දුරකතනයට එතැන සිටි පුද්ගලයෙකු දැනුම් දී ඇත.
පොලිසිය මැදිහත් වී රණ්ඩුව නවතා සිද්ධිය පිළිබඳ විභාග කිරීම සඳහා දෙපාර්ශ්වයටම පොලීසියට පැමිණෙන ලෙස දන්වා එතැනින් පිටත්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මෝඩ මිනිස්සු මෙි රටෙි තව ජිවත් වෙනවනෙ. ඇත්තටම තිරිසනා මොනවද දන්නෙ. ඒ සතා එහෙම කරා කියල මොලේ තියන මිනිස්සු ගහ මරාගන හරි යනවද .බලාගන ගියාම වස්සා නෙමෙයි තිරිසනා මිනිස්සුයි
සමන්ගේ අදහසට ලැබිලා තියන ප්‍රතිචාර වලින්ම පේනවා ඔහු අදහස් කරපු දේ කොතරම් නිවැරදිද කියලා.