IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා

පෝද්දල සරත් ආනන්ද ගමගේ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පුවතක් පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
මෙම ගමේම පදිංචිකරුවකු වන අදාළ ග්‍රාම නිලධාරීවරයා ඉතා කඩවසම් පුද්ගලයකු වූ අතර විවාහ දිවිය ද අතරමඟ කැඩීයාම නිසා හේ තනිකඩයකු ද වන්නේය. පෙනුමෙන්ද තරුණයකුගේ හැඩරුව ඇති මොහුගේ වයස අවුරුදු 40ක පමණ පෙනුම ඇත්තෙකි. 
ලොකු කුඩා බාල මහලු‍ හැම දෙනාගේම නොමඳ ගෞරවයට ප්‍රාප්තව සිටි මෙම තැනැත්තාට විශේෂයෙන්ම කාන්තා පාර්ශවයෙන් දැඩි පිළිගැනීමක් ඇතැයිද කියති.
මෙම ගමේම කොට්ඨාස කිහිපයකම රාජකාරී කර ඇති මෙම නිලධාරියා රාජකාරියට එහා යමින් සේවය කළ අතර නගරාසන්න කොට්ඨාසයක සේවය කරමින් සිටිය දී පසුගියදා විශ්‍රාම ලබා ඇත. 


ඔහු වෙනුවෙන් උපහාර උත්සවයක් සංවිධානය කරමු යැයි කතිකා කරගත් මිතුරන් පිරිසක් විසින් ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රජා ශාලාව ද වෙන් කරවා ගෙන දිනයක් ද යොදාගෙන උත්සවයේ කටයුතු සංවිධානය කර ඇත. 
මෙම උත්සව කටයුත්ත පිළිබඳ කනවැකුණු ග්‍රාම නිලධාරීවරයා සංවිධායක මිතුරන්ට කතාකර ඔය කටයුත්ත නතර කරන ලෙසත් උත්සවය සංවිධානය කළද තමා එයට සහභාගී නොවන බවත් පවසා ඇත.‍
ඔහු විහිළුවට එසේ ප්‍රකාශ කරන්නේ යැයි සිතූ මිතුරන් උත්සවයේ සංවිධාන කටයුතු දිගටම කරගෙන ගොස් ඇත. ඒ සඳහා විහාරාධිපති නාහිමියන් ද ආරාධනා කර පිළිගැනීමේ අවස්ථාවට නැටුම් කණ්ඩායමකට ද ඇරයුම් කර ඇත.
උත්සවය පැවැත්වෙන දිනයේ පෙරවරුවේ ප්‍රධාන සංවිධායක මිතුරාට දුරකතන ඇමතුමක් දෙමින් විශ්‍රාමික ග්‍රාම නිලධාරී මිතුරා කියා ඇත්තේ ‘‘ඔය පිස්සු වැඩේ නවත්තපල්ලා. මම ඕකට එන්නෙ නෑ”‍ කියාය. ‘‘අවුලක් නෑ ඕකා නාවොත් අපි ගෙදෙට්ට ගිහිල්ලා බලෙන් හරි ගේමු”‍ යැයි කියමින් සංවිධායකයන් උත්සවයට සූදානම් වී ඇත.
නියමිත වේලාවට උත්සවය ආරම්භ කිරීමට ප්‍රධාන ආරාධිතයා නොපැමිණි නිසා යහළුවන් වෑන් රථයකින් ඔහුගේ නිවසට ගොස් ඇති අතර නිවසේ සිටි ඔහුගේ සොයුරිය පවසා ඇත්තේ අයියා උදේම කොළඹ යන බව කියමින් නිවසින් පිටව ගිය බවයි.
පසුව පිරිස පැමිණ ආරාධිතයාට හදිසි කටයුත්තකට කොළඹ යාමට සිදුව ඇතැයි දැනුම් දෙමින් ඔහු නොමැතිව උත්සවය කෙටියෙන් පවත්වා ඇත. ඔහුට පිරිනැමීමට ගෙනා ත්‍යාග ද ඔහුගේ සහෝදරයකුට ලබාදී උත්සවය අවසන් කර ඇත.
ඔහු උත්සවයට සහභාගී නොවීම පිළිබඳව සැබෑ කතාව ළඟම මිතුරන් දෙදෙනකුට පවසා ඇත. ‘‘ඔය උත්සවේට ගිහිල්ල ගන්න ටේබල් ෆෑන් එක වගේ නෙවෙයි බං මම පැන්ෂන් ගියා කියල ආරංචි වුණොත් මට මොන තරම් දේවල් නැති වෙනවද ? කොල්ල වගේ ඉන්න මං පැන්ෂන් ගියා කියල කියන්නෙ කොහොමද ? දැන් ලැබෙන තෑගි රුපියල් සත වලින් මනින්න බැහැනෙ බං”‍ යනුවෙන් සැබෑ හේතුව පවසා ඇත.
යහළුවන් දෙදෙනාගේ කටින් පිටවී සිද්ධිය දැන් බොහෝ දෙනකු දන්නා බව පැවසෙන අතර විශ්‍රාම ලැබුව ද ඔහුගේ සේවය ඉදිරියටත් සේවාදායකයන්ට ලැබේ යැයි ඔවුන් පවසනවාලු‍.

 



අදහස් (1)

කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා

ගුණරත්න Friday, 07 March 2025 01:25 PM

ඒ මහත්තයා හරි. අපේ ලංකාවේත් මහලු ජනගහනය වැඩි වේගෙන යනවා. ඒත් වැඩ කරන්න පුළුවන් අබල දුබල නොවුණු මහලු ජනගහනයක්. ඒ අයට තව කාලයක් වැඩ කරන්න දෙන්න ඕනෑ..

:       7       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site