කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
යුක්තියේ මෙහෙයුමෙන් දහහත් හැවිරිදි සිය පුත්‍රයාගේ තරම මවුපියන්ට දැනගන්නට හැකි වූ අපූරු කතාවක් අම්බලන්ගොඩ පොලිසියෙන් අසන්නට ලැබේ.
එදා මධ්‍යම රාත්‍රියේ අම්බලන්ගොඩ පොලිසියට අයත් ත්‍රිරෝද රථය පොලිස් කණ්ඩායමක් සමග අම්බලන්ගොඩ කන්ද මාවතේ සංචාරය කළේ, යුක්තිය මෙහෙයුමට සම්බන්ධයෙන් අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සෙවීමේ ඒකායන අරමුණින්ය.
එසේ යන අතරතුර තාප්පයකින් පැන කොල්ලෙක් දිව්වේය. එසේ පැන දිවූ ගැටයා පිටුපස පොලිසිය ද පැන්නුවේය. “අනිවාර්යයෙන්ම මූ කාට හරි වැඩක් දෙන්න ආ එකෙක්” යයි පොලිසිය සිතුවේය. “මූ කුඩ්ඩෙක්” යයි ද පොලිසිය යටි සිතේ තබාගෙන කොල්ලා පසුපස පැන්නුවේය. කොල්ලා පොලිසියට මාට්ටු විය. කොල්ලාගේ කරේ ලක්ෂ තුන හතරක් පමණ වටිනා මාලයකි. අත් පලඳනාවේ වටිනාකම ද ඊට නොදෙවැනිය. නවීන පන්නයේ ජංගම දුරකතනයේ මිල ද ලක්ෂ දෙක තුනකට වඩා වැඩිය.
“කියමුකෝ බලන්න තමුන් තාප්පෙන් පැනලා දිව්වේ ඇයි කියලා” පොලිසියේ මහත්වරු කොල්ලාගෙන් ඇසුවේ තමන් දන්නා හොඳ සිංහලයෙනි. උගුරු කඩාගෙන කෑමොර දෙමිනි.
“සර්, මම කුඩ්ඩෙක්වත් අපරාධකාරයෙක්වත් නෙමෙයි. මම ආවේ මගේ කෙල්ල බලන්න. මම කෙල්ල බලලා යන ගමන් තමයි මේ.”
“යකෝ තමුන්ට කෙල්ල බලන්න එන්න වෙලාවක්ම තිබුණේ නැද්ද? යක්කු ගස් යන වෙලාවට රෑට ගෙවල් ගානේ බඩ ගාන්නෙ” යයි පොලිස් නිලධාරියෙක් ඇසුවේය.
“දෙනවකෝ තමුන්ගේ මවුපියන්ගේ ජංගම දුරකතන අංක” පොලිස් නිලධාරීහු කොල්ලාගෙන් ඉල්ලා සිටියහ.
කොල්ලා කසාය පානය කළ ගොළුවකු මෙනි. “තමුන්ට අපි කියන දේ ඇහෙන්නේ නැද්ද?” එක් පොලිස් නිලධාරියකු අඩි පොළොවේ හප්පා කොල්ලාගෙන් ඇසුවේ, කොල්ලා බය කර එයට ප්‍රතිචාරයක් ලබා ගැනීමටය. කොල්ලා ඊට ද ප්‍රතිචාරයක් නොදැක්වීය. කොල්ලා පොලිසියට ගෙන එන්නේ පොලිස් නිලධාරීන්ට වෙන කරන්න දෙයක් නොවූ නිසාවෙනි.
පොලිස් නිලධාරියෙක් කොල්ලාගේ ජංගම දුරකතනය ගෙන එහි මෙමරිය පරීක්ෂා කර බලා පියාගේ දුරකතනයට ඇමතුමක් දුන්නේය. පුතණ්ඩියා පොලිසියේ මහ රෑ ඉන්නා බව කීවත් පියා එය නොපිළිගත්තේය. “පොලිසිය වෙන කෙනකුට රැවැටිලා” යයි කීවේය. ඔහුගේ පුතා රෑ එහේ මෙහේ යන කෙනකු නොවන බව ද කීවේය. කෝකටත් පුතා කාමරයේ ඉන්නවා දැයි පියා බැලුවේ නිකමටය. “අනේ සර්, කොල්ලා ගෙදර නෑ නේන්නම්. අනේ සර්, අපි එනකම් පුතා තියා ගන්න.” යයි ද පියා දුරකතනයෙන් කීවේ අඬ අඬාය.
සිය පුතා බැලීමට පොලිසියට ඒමට දොර ඇරීමට ගිය තැන දොරවල්වල යතුරු නැත. පියාට දවල් තරු පෙනුණේ තමන් බබකු වගේ හදා ගත් පුතාගේ තරම දැනගන්නට වූ හෙයිනි. පුතා ද තාත්තාගේ ජංගම දුරකතන අංකය නොදී සිටීමේ හේතුව පොලිසියට දැන් හොඳටම පැහැදිලිය. කොල්ලා කොටුවක් පැනීමට පැමිණ ඇත්තේ නිවෙසේ දොරවල් වසා, ඒවායේ යතුරු ද රැගෙන බව පොලිසියට මාට්ටු නොවූයේ නම්, මූ තව කාලයක්ම මවුපියන් මේ විදිහට රවටනවා නොඅනුමානය.
2025 නොවැම්බර් මස 21
174
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොටු පැනිල්ලෙන් පුත්‍රයාගේ කෙරුවාව හෙළිවෙලා
vernon Wednesday, 22 May 2024 11:55 AM
හරි දැන් මේ තරුණයා කරපු වැරැද්ද මොකක්ද?
anaSaturday, 25 May 2024 08:44 AM
අවේලාවේ වීථි සංචාරය.
සුපුන් චාමරTuesday, 28 May 2024 11:04 AM
කරුණාකර අවේලාව සදහන් කරන්න . කීයෙ ඉදන් කීය වෙනකම්ද කියලා. ඒ වෙලාවට එලියට බහින්න ඉන්නෙ නෑතුව ඉන්න
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Wednesday, 22 May 2024 02:02 PM
අවුරුදු 17 දී කසාද බඳින්න බැරි වුණාට කොටු පනින්න අවසර තිබෙනවා.
pakeer Thursday, 23 May 2024 11:18 AM
පොලිසියෙන් යම් පුශ්න කිරිමකදා අපිට උත්තර නොදි ඉන්න පුළුවන් නේද?නිතිය හරි හැටි නොදන්න නිසා අහන්නේ. දැනගන්න කවුරු හරි කෙනෙක් කියලා දෙන්න
Sumana kumara Wednesday, 29 May 2024 02:33 PM
පොලීසියට වගකීමක් තියනවා යම් කෙනෙක්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න.. ඒ මිනිස්සුන්ට අදාල නැහැනේ කෙල්ල බලන්න යන වෙලාව ඔතැන හොඳ නිලධාරීන් හිටියා නම් බලු වැඩ කරන්නේ නැහැ.. හොරෙක් වැරැදි කාරයෙක් නෙවෙයි නම් අවවාද කරලා මුදා හරිනවා... කුහකත්වය තමයි ඔය...!