බුලත්සිංහල - ලක්මි කුඩලිගම
අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා විමසූ අවස්ථාවේ, දිවා ආහාරයට ගත් දේවල් කියාගන්නට බැරි වූ තරුණිය දහඅතේ කල්පනා කළ පුවතක් බස්නාහිර පළාතේ නුගේගොඩ අවට ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කාර්යාලයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කාර්යාලයක සේවය කරන ගම්පහ ප්‍රදේශයේ තරුණියකි.
ඇය මෙදින සේවයට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු ඇති වූ උදරාබාධයක් උත්සන්න වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත ගොස් ඇත. වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා මෙදින දහවල් ආහාරයට ගත් දේවල් මොනවා ද කියා විමසා තිබේ,
දිවා ආහාරයට ගත් දේවල් මොනවා ද කියා කියනවා වෙනුවට තරුණිය දහඅතේ කල්පනා කරමින් සිටිනවා දැක වෛද්‍යවරයා නැවතත්, “ඇයි, දිවා ආහාරය ගත්තේ නැද්ද” යැයි විමසා තිබේ.
“නැහැ ඩොක්ටර්, මට හොඳට මතකයි මම ගත්ත ඒවා.”
“ආ.. එහෙනම් ගත්ත ඒවා කියන්න.”
තරුණිය නැවතත් කල්පනා කළාය.
වෛද්‍යවරයා සැර පරුෂ ලෙස නැවතත් විමසූ විට තරුණිය සියල්ල පැවැසුවාය.
“මම ගත්තේ ඩොක්ටර් පරිප්පු, මස්, මාළු, බණ්ඩක්කා, වට්ටක්කා, බටානා, ගෝවා, බෝංචි, අල, පතෝල, බීට්රූට්...” කියා ව්‍යංජන රැසක නම් පවසද්දී, වෛද්‍යවරයාට ද උන් හිටි තැන් අමතක වීමෙන් පවසා ඇත්තේ, “හා ඇති ඇති ළමයා, නවත්වන්න නවත්වන්න” කියාය.
“නෑ ඩොක්ටර්, අපේ කාර්යාලයේ අපි යාළුවො 16 දෙනෙක් දිවා ආහාරය ගන්නෙ එකම වේලාවක, එක මේසයක. ඒ වෙලාවට අපි ඔක්කොම මාළුපිනි එකිනෙකාට බෙදා ගන්නවා. ඒක නිසයි මට කාපුවා මතක් කරගන්න ගොඩක් වෙලා ගියේ.” යැයි පැවැසූ පසු, වෛද්‍යවරයා ලියූ බෙහෙත් තුණ්ඩුවට අමතරව කෂාය ද බොන්න කියා තුණ්ඩුවක් දී පිටත් කර හැරියේලු.
2025 නොවැම්බර් මස 17
59
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා
pakeer Thursday, 16 May 2024 05:48 PM
හුඟාක් ආයතනවල මේ ක්‍රමය තියෙනවා. මේක මහ අපිරිසිදු, ඒ වගේම කාලය කන වැඩක්... සිංහයෝ කියන්නේ මාර ජාතියක්...!
ABS Module Friday, 17 May 2024 05:22 PM
අපිරිසුදු වෙන්නේ කොහොමද එකට කද්දි? තමුන්ලා වගේ සහජීවනයක් නැති මිනිස්සු නිසයි මේ රට නැති වුනේ. එකට එකතුවෙලා කෑම ටිකක් කන එකේ බැඳීම නොදන්නා නුබවන් මළවුන් මේ රටටම ශාපයක්...