IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා

බුලත්සිංහල - ලක්මි කුඩලිගම


අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා විමසූ අවස්ථාවේ, දිවා ආහාරයට ගත් දේවල් කියාගන්නට බැරි වූ තරුණිය දහඅතේ කල්පනා කළ පුවතක් බස්නාහිර පළාතේ නුගේගොඩ අවට ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කාර්යාලයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කාර්යාලයක සේවය කරන ගම්පහ ප්‍රදේශයේ තරුණියකි. 
ඇය මෙදින සේවයට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු ඇති වූ උදරාබාධයක් උත්සන්න වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත ගොස් ඇත. වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා මෙදින දහවල් ආහාරයට ගත් දේවල් මොනවා ද කියා විමසා තිබේ,


දිවා ආහාරයට ගත් දේවල් මොනවා ද කියා කියනවා වෙනුවට තරුණිය දහඅතේ කල්පනා කරමින් සිටිනවා දැක වෛද්‍යවරයා නැවතත්, “ඇයි, දිවා ආහාරය ගත්තේ නැද්ද” යැයි විමසා තිබේ.
“නැහැ ඩොක්ටර්, මට හොඳට මතකයි මම ගත්ත ඒවා.”‍
“ආ.. එහෙනම් ගත්ත ඒවා කියන්න.”
තරුණිය නැවතත් කල්පනා කළාය.
වෛද්‍යවරයා සැර පරුෂ ලෙස නැවතත් විමසූ විට තරුණිය සියල්ල පැවැසුවාය.
“මම ගත්තේ ඩොක්ටර් පරිප්පු, මස්, මාළු, බණ්ඩක්කා, වට්ටක්කා, බටානා, ගෝවා, බෝංචි, අල, පතෝල, බීට්රූට්...” කියා ව්‍යංජන රැසක නම් පවසද්දී, වෛද්‍යවරයාට ද උන් හිටි තැන් අමතක වීමෙන් පවසා ඇත්තේ, “හා ඇති ඇති ළමයා, නවත්වන්න නවත්වන්න” කියාය.
“නෑ ඩොක්ටර්, අපේ කාර්යාලයේ අපි යාළුවො 16 දෙනෙක් දිවා ආහාරය ගන්නෙ එකම වේලාවක, එක මේසයක. ඒ වෙලාවට අපි ඔක්කොම මාළුපිනි එකිනෙකාට බෙදා ගන්නවා. ඒක නිසයි මට කාපුවා මතක් කරගන්න ගොඩක් වෙලා ගියේ.” යැයි පැවැසූ පසු, වෛද්‍යවරයා ලියූ බෙහෙත් තුණ්ඩුවට අමතරව කෂාය ද බොන්න කියා තුණ්ඩුවක් දී පිටත් කර හැරියේලු‍.



අදහස් (2)

කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා

pakeer Thursday, 16 May 2024 05:48 PM

හුඟාක් ආයතනවල මේ ක්‍රමය තියෙනවා. මේක මහ අපිරිසිදු, ඒ වගේම කාලය කන වැඩක්... සිංහයෝ කියන්නේ මාර ජාතියක්...!

:       7       3

ABS Module Friday, 17 May 2024 05:22 PM

අපිරිසුදු වෙන්නේ කොහොමද එකට කද්දි? තමුන්ලා වගේ සහජීවනයක් නැති මිනිස්සු නිසයි මේ රට නැති වුනේ. එකට එකතුවෙලා කෑම ටිකක් කන එකේ බැඳීම නොදන්නා නුබවන් මළවුන් මේ රටටම ශාපයක්...

:       6       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 183 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site