IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කතක් එක්ක කරක් ගසා එද්දී ඩීසල් බූලිය වතුර වෙලා

හිඟු‍රානේ නවරත්න සමරතුංග 
ඩීසල් බූලියක් වතුර බූලියක් බවට පත්වීමේ රහසක්  හෙළිවී ඇති නමුත් ඩීසල් ‍හොරා ගැන මෙතෙක් හෙළි වී නැති සිද්ධියක් අම්පාරේ ගමකින් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


ඔහු නගරයේ ඉන්ධන පෝලිමට එක්ව සිට දින තුනකට පසුව මිලදීගත් ඩීසල් බූලිය තම යතුරු පැදියේ පසුපස අසුනේ තබාගෙන නිවෙස බලා යමින් සිටි‍යේය.


ඒ අතර තුර හිතවත් කාන්තාවක ඔහුට මුණගැසිණි.


අම්පාර නගරයට යාමට  බසය මගහැරී අතුරු මාවතක් ඔස්සේ  පැමිණි  ඇය ප්‍රධාන මාර්ගය අයිනේ නතරවී සිටියදී මෙම හමුව සිදුවීය.
‘මම ඔයා ටවුමට ගිහින්දාලා එන්නම්‘ කී ඔහු ඩීසල් බූලිය ඒ අසල නිවසක තබා යාමට තීරණය කොට එම නිවෙසට ගියේය.


එම නිවෙසේ කිසිවකු හෝ නොසිටි අතර ඩීසල් බූලිය ගෙයි පිටුපස සඟවා  තබා මිතුරිය සමඟ නගරයට යාමට ඔහු තීරණය කළේය.
එසේ යන අතර තුර හිත මිතුරුකම දිග දුර ගොස් ඇයට ඕනෑකළ දෙතුන්පළකට කැඳවාගෙන ගියේය. ඇයත් සමඟම පැය තුනකට ආසන්න කාලයක් ගත කිරීමට ඔහුට සිදුවූයේ ඇගේ ළෙන්ගතුකම මැද්දේය.  


එ‍සේම ඔහු ආපසු ඇය සමග පැමිණ ඇය‍ගේ  නිවෙසටම  ඇරලවීමටද කටයුතු කළේය. ඉන්පසු ඔහු ඩීසල් බූලිය ද යතුරු පැදියේ තබාගෙන තම නිවෙසට ගියේය.


වෙනදා මෙන් කතාබහක් නැතිව බිරිඳ මුහුණ නරක් කරගෙන ‍කෝපයෙන් සිටිනු ඔහු දුටුවේය. 


‘මොකද ඔයා නිකම් ඔරොප්පුවෙන් වාගේ? ‘ ඔහු ප්‍රශ්න කරන්න වූයේ කිසිම දෙයක් සිතාගත නොහැකිවය.


ගිනිකන්ද පුපුරාගි‍යේ එවිටය. 


‘හ්ම්! ඔරොප්පු නෙවී පුළුවන්ද? තමු‍සෙට ලැජ්ජාවක් නැද්ද මිනිස්සු නැති සක්කරවට්ටමක් බයිසිකලේ පිටි පස්සේ තියා‍ගෙන රවුම් ගහන්න, චිහ් විතරක්!‘  


 බිරිය ආවේශය දැක ගොළු වූ සැමියා බිරියගේ කතාවට ඉඩදී තුෂ්නිම්භූත වෙමින් තමන් කතක් සමග රවුම් ගැසූ සිද්ධිය කවුරුන් හෝ බිරියට පවසා ඇති බව සිතමින් නිහඬ විය. 


එම සිද්ධියෙන් පසු දින ගොයම් කපන දිනය විය. 


ඔහු කුඹුරට ‍ගෙනගිය ඩීසල් බූලියේ මූඩිය  ඇර බලද්දී එය වතුර බූලියක් බවට පත්ව තිබෙනු දුටු ඔහුට තරු විසිවී ඉහ‍මොළ රත්විය. 


ඒ අසල සිටි ට්‍රැක්ටර් රථයේ රියැදුරාට කතා කළ ඔහු මේ ගැන කිසිවකුට හෝ හෙළිදරව් ‍නොකරන ‍ලෙස බැගෑපත්වී ඇත. එහෙත් ඩීසල් බූලිය වතුර බූලියක් බවට පත්වීමේ රහස මේ වන විට හෙළිවී ඇති නමුත් ඩීසල් වතුර බවට පත්කළ  ‍හොරා ගැන තවමත් හෙළි වී නැත.



අදහස් (0)

කතක් එක්ක කරක් ගසා එද්දී ඩීසල් බූලිය වතුර වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site