කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ගං වතුරෙන් හා නාය යෑමෙන් අවතැන්වූවන්ට වතුර බෝතල් මිලදී ගැනීමට ආධාර එකතු කරමින් තරුණයින් සිව් දෙනෙකුට සිව් දෙසට දුවන්න ගම්මුන් දුන් අපූරු දඬුවමක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
මේ සිව් දෙනම වයස විස්සේ හෝ ඊට ආසන්න වයසේය. එකම ගමේය. මිතුරෝය. ඔවුන් සිව්දෙනාගේ නම ඉදිරියේ අකුරු දෙකේ නමක් ද පටබැඳිව තිබුණි. ඒ බව දත්තේ ගමේ කිහිපදෙනෙකු පමණි.
මේ ආපදාව කන වැකුණු සැණින් මේ සිව්දෙනා ගමේ ගෙයක් ගෙයක් ගානේ යෑමට පටන් ගත්තෝය. ඒ මේ ඊයේ පෙරේදාය. මෙය ගමේ මොවුන් ගැන දන්නා අය විමසිලිමත් වූහ. ආපදාවූවන්ට ජල බෝතල් මිලදී ගෙන ඔවුනට ඒවා ලබාදීමට මෙසේ ගෙට යන බව ඔවුනට දැන ගන්නට ලැබිණ.
ඒ සැණින්ම ගමේ බාල, මහලු, වැඩිහිටියෝ මේ සඳහා වහාම ක්‍රියාත්මක වූහ. ඔවුන් මේ කොල්ලන් සිව්දෙනාගෙන් ආධාර මුදල් එකතු කිරීමේ පොත උදුරා ගන්නා විටදී සුදු පාට පොඩි පැකට් කිහිපයක් බිමට වැටුණි.
එහි සිටියවුන් මේ සිව් දෙනාට පහර දීමට පැන්නේ ඒ සමගමය. කරකියා ගන්න දෙයක් නොමැතිවූ මේ සිව් දෙනා සිව් දෙසට දිව ගියෝය. අවතැන්වූවන්ට වතුර බෝතල් ලබා ගැනීමට ආධාර මුදල් එකතු කිරීමද එතැනින් නතරවිය.
අවතැන්වුවන්ට ආධාර එකතු කරන මුවාවෙන් මොවුන් මුදල් එකතු කළේ ඇයිද යන්න අවට සිටි පිරිසට වැටහිමට වැඩි වෙලාවක් ගියේ නැත
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආධාර එකතු කරන්න ගිහින් හතර අතේ දුවලා