කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ගම්මු වසරක් පාසා අවුරුදු උත්සවයක් සංවිධානය කරති. ගමේ මැණික් ව්‍යාපාරිකයන් සහා වෙළෙඳ ප්‍රජාව අනුග්‍රහය දක්වන බැවින් ලැබෙන ත්‍යාගවල වටිනාකම්ද ඉතා ඉහළය. අවුරුදු උත්සවවල ආරම්භයේ දක්නට ලැබෙන ගමේ තරුණ පිරිසගේ ජවය පෙන්වන ගම හරහා දිවීමද මෙම අවුරුදු උත්සවයේ පවත්වයි.
එම තරගයේ ජයග්‍රාහකයන් සදහා විශාල වශයෙන් මුදල් ත්‍යාග ලබාදීමද සිදු කෙරේ. මෙවර අවුරුදු උත්සවය සදහා එක් තරුණයකු අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ ධාවන තරගය සදහා සහභාගි වී ඇති අතර ඔහු ධාවන තරගයෙන් දෙවැනි වන්නේ එක් තරග කරුවකුට පමණකි. මෙවර කෙසේ හෝ ඔහු පරදා ප්‍රථම ස්ථානය දිනා ලැබෙන විශාල ත්‍යාග මුදල ලබා ගැනීමට ඔහු සිතා ගෙන සිටියේය.
ඒ අනුව ඔහු කදිම උපායක් යෙදුවේය. ඒ ප්‍රථම ස්ථානය දිනා ගන්නා තරගකරුවාගේ වතුර බෝතලයට බඩ විරේක දැමීමය. මිතුරන් සමග එක්ව ඔහු එම තරගකරුගේ වතුර බෝතලයට බඩ විරේක දමා තිබේ.
මේ දුටු ප්‍රථම ස්ථානය දිනා ගන්නා තරගකරුගේ මිතුරකු වහාම එම වතුර කලින් බඩ විරේක දැමූ පුද්ගලයාගේ වතුර බෝතලය වෙත මාරුකර තිබේ. තරගය ආරම්භ වන මොහොතේ ඔහු සිය මිතුරන්ට කතා කර ජලය පානය කර ඇත්තේ තමන් දැමු බඩ විරේක දැමූ වතුර තමන්ම පානය කරන බව නොදනිමිනි. තරගය ආරම්භ වී සුළු මොහොතක් ගත වෙද්දී තමන්ගේ බඩ ගොර, ගොර ශබ්දයක් සමග කැක්කුමක් එන බව දැනී හැකි වේගයෙන් දිවීමට පටන්ගෙන ඇත්තේ දෙවියන් සිහිපත් කරමිනි.
තරගයේ ප්‍රථම තරගකරුට වඩා කිලෝමීටර් දෙකක පමණ ලීඞ් එකක් ඔහු තැබුවේ බලා සිටි පුද්ගලයන් අන්ද මන්ද කරමිනි . එහෙත් ඔහුගේ ඉලක්කය දිනුම් කණුව නොව ළගම වැසිකිළිය බව නොදත් ගම්වාසීන් ඔල්වරසන් දී ඇත්තේ ඔහුගේ ධාවන හැකියාව පිළිබඳව අගය කරමිනි.
2025 දෙසැම්බර් මස 04
537
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී