අම්මා ගෙවූ විදුලි බිල දැක නිවසට අලුත පැමිණි ලේලියට තරු පෙනුණ පුවතක් මහව පොලිස් වසමේ පිටිසර ගමකින් අසන්නට ලැබුණි.
නිවසේ එකම පුතු පසුගියදා විවාහ විය. මංගල්‍යය ජයටම සමරා මනාලිය නිවසේ තබා මනාල පුත්‍රයා නිවසින් බැහැරව ගියේ සුපුරුදු රාජ්‍ය සේවා ස්ථානයට වාර්තා කිරීමටය. තමා සති අන්තයේ එන තෙක් අම්මා සමඟ වාසය කරන්නට බිරිඳට උපදෙස් දී තිබුණි.
නවක ලේළිය ගෙයි සිටියදී නැන්දම්මා නගරයට යැව්වේ ඇයට අවැසි දේ ගෙන ඒමටය. ඒ අතරේ නැන්දම්මාට ලයිට් බිලත් ගෙවා ගන එන ලෙස පැවසූ ලේළිය පසුගිය මාසයේ ලයිට් බිලත් ඇය අත තැබුවා ය.
නගරයට ගිය ඇය පළමුව ලයිට් බිල බැඳීමට තැපැල් කාර්යාලයට ගියා ය. එසේ ගොස් පෝලිමේ සිටි ඇය රුපියල් පන් දහස් ගණනක ලයිට් බිලකට අදාළ මුදල ගෙව්වාය. ලේළිය ගෙනෙන්නට කී බඩු ගෙන ඒමට මුදල් මදි ය.
ඒ නිසා ලයිට් බිල ගෙවූ ඇය අනිකුත් කිසිවක් නොගෙන හිස් අතින් ආපසු නිවසට පැමිණියා ය.
“දුවේ ලයිට් බිල ගෙව්වා. දුවට ගෙනෙන්න කී කිසිවක් ගන්න සල්ලි මදි වුණා” මොනවා, අපේ ලයිට් බිලට එච්චර මුදලක් නැහැනේ. “ඇය නැන්දම්මා ගෙවූ ලයිට් බිල ඉල්ලාගෙන පරීක්ෂා කළා ය.
“යකෝ ගෙදර ලයිට් බිල කියලා අම්මාට දීලා තියෙන්නේ මහත්තයා වැඩ කරන ආයතනයේ ලයිට් බිලක්නේ” ඇය වහා සිද්ධිය මහත්තයාට පවසා සිටියාය. “වියපත් අම්මා ඊට වගකිව යුතු නෑ. වරද කර ඇත්තේ ඔයයි” පවසා එම මුදල ආයතනයෙන් ඉල්ලා සිටියත් එය ආපසු ගැනීම ලෙහෙසි පහසු නැත. එම මුදල ගැනීමට ඔහුට ඊට අදාල ලියකියවිලි සකසාගෙන කොළඹ ප්‍රධාන කාර්යාලයට යාමට සිදුවෙලාලු.
මොරගොල්ලාගම - සිසිර කැලේගම
2025 දෙසැම්බර් මස 30
22
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
703
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලුත ගෙනා මනමාලි නැන්දම්මා ලයිට් බිලට පටලවාගෙන