IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපල දුරුකරන්න සල්ලි ගත් කපුවාට තමන්ගේ පුතාත් ගොඩගන්න බැරි වෙලා

මොරගොල්ලාගම සිසිර කැලේගම 
විෂම වූ සමාජයක් මැද නොමඟට යන එකම පුතා සුමඟට ගැනීම සඳහා දේවාලයකට ගිය මවුපිය යුවළකට අසල්වැසි නිවසට කපු මහතා පැමිණෙන කාරණාව අසා එම නිවැසියන්ට දෙලොව රත්වූ පුවතක් රජරටට අයත් කලාවැව අවට ගමකින් අසන්නට ලැබුණි.
මව් පිය දෙදෙනා ගැමි පෙදෙසක වුවත් ගුරු සේවයේ නියැළෙති. ධනවත් පවුලකි. ඉහළ පැලැන්තියක මෙන් ජීවත් වෙති.
ඔවුනට එකම දරුවෙකි. ඔහු පුතෙකි. කුඩා කල සිටම නගරයේ පාසලකට ගිය ඔහු උසස් පෙළ හදාරන්න වෙනත් පළාතක ජනප්‍රිය පාසලකට දැම්මේය. ඒ අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉහළින්ම ඔහු ඇතුගල්පුරවරයෙන් සමත් වී සිටි නිසාය.


පුතා හොස්ටල්වල රැඳී අධ්‍යාපන කටයුතුවල නියැළුණේය. දරුවාට අවැසි මුදල් නොපිරිහෙලා මව්පියෝ ලබා දුන්හ. ඒ එකම පුතු ඉංජිනේරුවරයෙකු ලෙසට විශ්ව විද්‍යාලයට පිවිසෙන අයුරු දැකීමේ නොතිත් ආශාවන් මැදය. එහෙත් ඔහු විභාගය අසමත්ය.ඔහුගේ සිරුර කෙසඟය. ඇස් වළ ගැසීය. වයසට වඩා පෙනුමැති වයසකි. මව්පියන්ට පුතා ගැන සැකයක් ඇති වුණි. ඒ ගැන විපරම් කළ ඔවුනට දැන ගන්නට ලැබුණේ පුතා හෙරොයින්, අසිස් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවයි.
එහෙත් ඔහු එය පිළි ගන්නේ නැත. ප්‍රතිකාර සඳහා රෝහලකට යාමට එන්නේ ද නැත.
මේ නිසා උණ හපුලු‍වා එකම පැටියා මැණිකක් සේ රකිනවාක් මෙන් තම දරුවා මේ ව්‍යසනයෙන් මුදවා ගන්නට කළ හැකි හැමදේම සොයා ඔවුන් ගිය අවස්ථා එමටය.
මේ අතර හාස්කම් ඇති දේවාලයකට ඔවුහු ගියහ. ඒ එහි ගිය පිරිසක් එතැන ඇති හාස්කම් ගැන පැවසු නිසාය. රජරට සිට බස්නාහිර පළාතට අයත් මෙම දෙවොල කරා ගිය ඔවුනට දරුවාට වෙලා තිබෙන දේ සාස්තරයෙන් දෙවොලෙන් දැන ගන්නට ලැබුණි.
අවස්ථා කිහිපයකදීම කපුවා දෙන පස්, වැලි, දෙහි, බිත්තර ආදිය ජීවම් කරගෙන වත්තට ගෙනැවිත් ඉස්සේය. වතුර මතුරා ගෙනැවිත් දරුවාට හොරෙන් බොන්නට දුන්නේය. ඒ තුළින් අපල දුරු වී දරුවා සුමඟට හැරෙන බවටත්, දරුවා සුමඟට ගෙන මිස පස්ස නොබලන බවටත් කපුවා පොරොන්දු වූ නිසාය. කපුවා ගතමනාව ගත්තේය.
මේ අතර ඒ කපුවා යාබද ගෙදරකට යන එනවාය. ඒඅසල ඇති මෙම නිවස මොවුනගේ බව කපුවා නොදනීය. මෙම නිවසේ අය එකී දේවාලය කරා යන්නේද ගමේ කාට කාටත් හොරාය. නමුත් කපුවා.
එලෙස එන්නේ ඇයිද කියා මෙම නිවැසියන් අසල්වැසියාගෙන් ඇසුවේය.
“ඒ කපුවාගේ පුතා හෙරොයින් ගහනවා. මම ඒ ගමේ පොලිසියේ ලොක්කා අඳුනනවා. ලොක්කාට කියලා පුතා අල්ලලා පුනරුත්ථාපන කඳවුරකට හරි දාලා පුතා බේරලා දෙන්න කියලා ලොක්කා ගාවට තනියම කපුවාට යන්න බැරිලු‍. මං එක්ක ඕ.අයි.සී. මහත්තයා ගාවට යන්න කපුවා එන බව” පැවසීය.
“යකෝ එතකොට කපුවාගේ පුතා සුමඟට ගන්න බැරිව අපේ එකාගේ ලෙඩේ සුවපත් කරන්නට ලක්ෂ ගණනින් මේකා අපිව සූරාකාලා නේද තියෙන්නේ කියලා” දෙදෙනාම තැබූ විලාපයෙන් ධනවත් පවුලේ සායම සේදීයත් දී කපුවාගේ කපටිකමත් ගමටම එළි වුණා ලු‍.

 



අදහස් (1)

අපල දුරුකරන්න සල්ලි ගත් කපුවාට තමන්ගේ පුතාත් ගොඩගන්න බැරි වෙලා

himal Friday, 01 November 2024 10:23 AM

දැන් එතකොට බටහිර වෛද්‍යවරුන්ගේ ළමයින්ට බටහිර වෙදකමෙන් හොයාගන්න බැරි ලෙඩ හැදෙන්නේ නැද්ද? දේශීය වෛද්‍යවරු බටහිර ප්‍රතිකාර ගන්නේ නැද්ද? ඉහළ පැලැන්තියේ වගේ ජීවත් වෙනවලු, කපුවගේ පුතා මතට ඇබ්බැහි වෙලාලු. මොනවද මේ කතා...?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site