IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අනියම් පෙම මාට්ටු වී නිරෝධායනය දෙක වෙලා

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
නිරෝධායනය නිසා අනියම් පෙම හසුවී බිරියගේ දින දහහතරක  නිරෝධායනයට හසුවූ සැමියකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
 
සිද්ධිය මෙසේය.
 
ඔහු එක් දරු පියකු වන අතර බිරියගෙන් ලැබුණු විශාල දෑවැද්ද නිසාම ඔහු ඇයට කැමැති වූවා මිස කැමති වන්නට වෙනත් හේතු නොවිණි. ඔහුගේ කලින් පෙම්වතිය රූමත් චාම් වූ අතර ඔහුගේ ගෙදරින් ඇයට අකැමැති වී ඇත. 
 
පසුව අකමැත්තෙන් වුවද දෙදෙනා වෙන්ව වෙනත් කසාද සිදු කර ගත් අතර නීතියෙන් බිරිඳ සැමියා නොවුවද ඔවුන් එකට ජීවත් වී ඇත.  
 
ඔවුන් දැඩි ලෙස ආදරය කර ඇති අතර එහෙත් කිසිම අවස්ථාවක සම්බන්ධය හෙළිදරව් නොවීමට උපරිම උත්සහයක යෙදුණි. එම උත්සහයද පසුගිය දිනකදී හෙළිදරව් විය. පසුගිය දිනකදී ඔහුගේ පරණ පෙම්වතිය අනියම් බිරිඳට කොරෝනා ආසාදනය වූයේ මේ අතර වාරයේදීය. 
 
ඇයගෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු ආශ්‍රිතයන් විමසද්දී ඇය ඔහුගේ නම ප්‍රකාශ කර ඇත්තේ සමීප ආශ්‍රිතයකු ලෙසය. ඒ කොරෝනා සෑදී ඔහු මියයැතැයි යන බිය හා ඔහුට තිබූ දැඩි ආදරය නිසාය. පසුව ඔහු සොයා ගිය සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහු අමතා නිරෝධායනයට යොමු කර ඇත. ඔහුගේ බිරිය ඇය ඔහුගේ කලින් පෙම්වතියක බව දැන සිටියදී මේ වෙද්දී එම සම්බන්ධය නතර කර ඇති බව ඔහු පවසා ඇති නිසා මෙම සිද්ධියත් සමග ඇයට ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳව යකා ආරූඪ වී තිබේ. අසරණව සිය බිරිඳ දෙස බැලූ ඔහු දින ගණනාවක් බිරිඳගෙන් ලැබෙන නිරෝධායනය පිළිබඳව සිතී ඇඟේ හිරුගඩු දමා ඇත. 
 
තමාව මධ්‍යස්ථානයකට එක්ක යන්න පුලු‍වන් දැයි ඔහු අසා ඇති අතර එහිදී “නෑ මෙහෙ බෙහෙත් හොඳයි”‍යැයි පවසමින්,  බිරිඳ ඔහුගේ බෙල්ලෙන් ඇදන් නිවෙස තුළට ගොස් ඇත්තේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් අන්දුන් කුන්දුන් කරමිනි.



අදහස් (0)

අනියම් පෙම මාට්ටු වී නිරෝධායනය දෙක වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 250 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site