බෙන්තොට ජේ. ඉඳුරුවගේ
පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකියාව ද අහිමිවෙමින් තිබීමේ සිද්ධියක් බෙන්තොටට නුදුරු වෙරළබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි.
පියා ගමේ පළපුරුදු පොල් කැඩුම්කරුවෙකි. ගමේ සියලු දෙනා පොල් කඩවා ගන්නේ ඔහු ලවා ය.
පුතා ද එම රස්සාව පුරුදුව සිටියත් පියා එයට කැමැත්තක් දැක්වූයේ නැත. එනිසා පියා තමා දන්නා හඳුනන මහත්මයෙකුගේ කාර්මික ආයතනයක පුතාට සුළු රැකියාවක් සොයා දුන්නේය. එහෙත් නාස්තිකාරයෙකු වූ පුතා රැකියාවෙන් ලැබෙන මුදලින් කීයක්වත් නිවසට නොදුන්නා පමණක් නොව පියාගෙන් ද සල්ලි ඉල්ලා කරදර කරන්නෙක් විය.
මාස කීපයක් පමණක් කාර්මික ආයතනයේ සේවය කළ පුතා පඩි මදියැයි කියමින් එයින් ඉවත් විය. ඉන්පසු මාස කීපයක්ම රැකියා විරහිතව සිටි පුතා පියාට හොරෙන් සුළු වශයෙන් පොල් කැඩීමේ රස්සාව පටන් ගත්තේ තමන්ගේ වියදම් සොයා ගැනීමට මගක් වශයෙනි.
දිනක් පියා වසර ගණනාවක් තිස්සේ ඔහු විසින් පොල් මුරය ලබාගත් ගස් 50 ක් පමණ ඇති ගෙවත්තක නියමිත දින පොල් කැඩීමට ගොස් වතු හිමියාට ඒ බව දැන්වීය.
වතු හිමියා අන්දුන් කුන්දුන් වූයේ පියා අසනීප නිසා පියා කිව්වා කියා පුතා ඊට පෙර දින එම ගෙවත්තේ පොල් කඩා දී තිබූ බැවිණි.
වතු හිමියා ඒ බව පියාට පැවසූ විට පියාද පුතාගේ හැටි දන්නා නිසා කිසිවක් නොකියා අසා සිටියේය.
‘‘හා කමක් නෑ මහත්තයා එහෙනම් ඊළඟ මුරේට මං එන්නම්’’ කියා පියා ආපසු හැරෙද්දී... ‘‘නෑ නෑ දිගටම පොල් මුරේට පුතාවම එවන්නකෝ, ඌ වඩා ඉක්මනින් පොල් ටික කඩල දානවා විතරක් නෙවෙයි පොල් කඩන්න ගහකට ගන්න ගානත් අඩුයි’’ යැයි පැවසීය.
පුතා පොල් ගහක පොල් කැඩීමේ කුලිය ලෙස ලබාගෙන තිබුණේ පියා අය කළ ගාස්තුවෙන් බාගයක් බවද හෙළි විය.
‘‘හොඳයි මහත්තයා’’ කියමින් පියා ද එය අනුමත කර එහෙනම් ඌටම කියල පොල් කඩා ගන්න යැයි කියමින් අවුරුදු ගණනක් හිමිකම් කියූ පොල් මුරය අහිමිව දුකෙන් ආපසු හැරුණේ ය.
කෙසේ හෝ දැන් පුතා පියා අයකරන ගානට අඩුවෙන් පොල් කඩන නිසා පුතාට ඉල්ලුම වැඩිවීමෙන් පියාට රැකියාව ද අහිමි වෙමින් පවතී.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අඩුවට පොල් කඩා බඩට ගහලා