IMG-LOGO

බිරිඳගේ හිස කදින් වෙන් කළ සැමියා අත්අඩංගුවට

(අප්සරා යෝසිත් විජේසූරිය)


රත්නපුර රත්නපුර පිටරවුම්පාර මහවලවත්ත ප‍්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින්  තම බිරිඳගේ  ගෙල කපා හිස සහිත ගෙල  කොටස රැගෙන ගිය සැකකාර සැමියා කලවාන , නාවලකන්ද , කෑලෑ ප‍්‍රදේශයකදී  පොලිසිය විසින් අත්අංඩංගුවට ගෙන ඇත. 


මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අංක 48 පිටරවුම්පාර මහවලවත්ත පදිංචිව සිටි පෙරුමාල් වසන්ති කුමාරි (40) නැමති දෙදරු මවකි.  


 කදෙන් වෙන් කළ හිස කොටස වල දමා තිබියදී සොයාගෙන ඇති අතර එම හිස කොටස  රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරන බවද පොලීසිය සඳහන් කළේය.


 බිරිය මරා දැමිමෙන් අනතුරුව කපා දැමු හිස කොටස රැගෙන ඔහු යතුරුපැදියකින් ගිය බව  ඇයගේ දරුවකු විසින් පොලීසියට පවසා තිබේ. ඒ අනුව ඔහු සොයා පරීරක්ෂණ අරඹා තිබු අතර ඊයේ (29) රාත්‍රීයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.‍



අදහස් (13)

බිරිඳගේ හිස කදින් වෙන් කළ සැමියා අත්අඩංගුවට

පිටිගල මිලානෝ Sunday, 30 December 2018 10:14 AM

ලෝකයේ බණ කියන වැඩිම රටේ මෙහෙව් අපරාධ සිද්ධ වුනාට බණ නොකියන මා සිටින ඉතාලියේ මිනිසුන් බොහොම ගුණගරුකව සහ ධාර්මිකව ජීවත් වෙනවානේ? (හැබැයි මෙහෙත් දැන් දැන් ලංකාවේ හාමුදුරුවරු බණ කියන්න පටන් අරන් තියෙන්නේ. අපිව ගොඩගන්න වේගයෙන් පන්සල් ඇරෙනවා)

:       5200       6148

GihanSunday, 30 December 2018 11:55 PM

ඉතාලියේ ගොඩක් ගුණගරුකව ජීවත් වෙන විදිය අපි නොදන්නවයැ.

:       0       1

චමින්දMonday, 31 December 2018 04:57 AM

ලොක්යේ වැඩිම බණ කියන රටෙත් විවිධ ආගම් අදහන අය ඉන්නවා.හැම දෙනාම බණ අහන්නේ නැහැ.මම හිතනවා මොවුනුත් බණ කියන ආගමේ නොවෙයි කියල එනිසා ආගම් අපකීර්තියට පත් නොකරන්න.

:       0       141

sarathMonday, 31 December 2018 05:42 AM

බන කියන රටේම තමයි 2.50 යේ ටෙලි නාට්‍ය වල සල්ලි දීල කල්ලි ලවා මිනිස්සු මරන්න උගන්වන , තමන් විසින්ම ගිහින් කඩු ,පිහි ,පිස්තෝල වලින් මිනිස්සුන්ට හානි කරන ජවනිකා තියෙන්නේ. දැන් බැලුවොත් හැම ටෙලියකම පිස්තෝලයක්, පිහියක් පෙන්නලා කෙනෙක් මරණ හැටි හොර මරණ තර්ජනය කරන හැටි තියෙනවා. ඉතින් මිනිස්සු බන අහනවට වැඩිය බලන්නේ මේ ටෙලි ජවනිකා.ඔවුන් ඊට අනුව ජීවත් වෙනවා. ඇමතිලා ඇතුළු රට කරවන අය බකන් නිලන් ඉන්නවා. .බන අහන මිනිස්සු ඒ අනුව ජීවත් වෙනවා.

:       0       24

Chandrani Sunday, 30 December 2018 10:51 AM

අනේ...මේ පිටිගල වගේ පව් කාරයෙක්...!

:       1441       1798

BamunuarachchiMonday, 31 December 2018 08:42 AM

පිටිගල බණකතා කරන්න ගිහින් ඇනගත්තා වගේ.

:       0       5

wasantha Sunday, 30 December 2018 11:18 AM

මටත් හිතෙන්නේ මේ මිනිසුන්ගේ මානසික තත්වය කොහොමද කියායි. හරිම අද්භූතයි...

:       0       75

Nihal Sunday, 30 December 2018 04:11 PM

ජනගහනයට සාපේක්ෂව ලෝකේ අපරාධ අඩුම රට ලංකාව. එංගලන්තයේ අවුරුද්දකට ළමයි 15ක් 20ක් පිහියෙන් ඇනලා මරනවා. ඇමරිකාව ගැන නම් කව්රුත් දන්නවනේ...

:       0       11

චන්දන Sunday, 30 December 2018 04:30 PM

බන කියන රට කිව්වට, මේ රටේ කවුරුත් දැන් , බන අහන්නෙ නෑ. අපරාධ ගැන කතා කරලා වැඩක් නෑ

:       0       1

චතුරංග Sunday, 30 December 2018 09:43 PM

ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නෙ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා. ඒක නිසාම ටිකක් ලොකු ප්‍රශ්නයක් ආවම ගන්න තීරණ ගොඩක් දරුණුයි කියල තමයි මටනම් හිතෙන්නෙ.

:       0       0

latha Monday, 31 December 2018 03:38 AM

ඉස්කෝලේ යනකාලේ ඔය මිනිහ සිරි සඟබෝ නාට්ටියේ රඟ පැවලුනේ.

:       1       2

Bamunuarachchi Monday, 31 December 2018 08:45 AM

ඇයි මිනිහටම දොස්පවරන්නේ? ගැහැණියට ඔය අපරාධය කරන්න තරම් දරුණු වෙන්න ගැහැණියත් කොහොම කෙනෙක් වෙන්න ඕනෑද?

:       34       3

sharm warnFriday, 05 July 2019 04:18 AM

හැම කතාවකම දෙපැත්තක් තියෙන්න පුළුවන්. නැහැ කියන්නේ නැහැ. නමුත් මුස්ලිම් මිනිස්සු වගේ හැම වැරැද්දම ගැහැනුන්ගේ පිටේ තියන එක නම් එකග වෙන්න අමාරුයි. අපි හිතමු ගැහැණිය වැරදියි කියලා. නමුත් මෙහෙම බෙලි කපන්න පිරිමියෙකුට අයිතියක් තියෙනවද? ගැහැණිය වැරදි නම් එපා නම් අයින් කරලා එයාට හරි එක්කෙනාව තෝර ගන්න තිබුනනේ. දරුවෝ හදනකොට ගැහැණිය දරුණු නොවෙන්නයි පස්සේ දරුණු වෙන්නයි. ටිකක් භාර ගන්න අමාරු තර්කයක් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 482 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 918 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site