IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හදිසි අනතුරු වලකන එදිනෙදා සරල පුරුදු

අපි හිතාමතා නොකරන, අපේ අවධානයෙන් ගිලිහෙන පොඩි දේවලින් පවා බොහෝ විට අනතුරු සිදු වේ. විශේෂයෙන් කාන්තාවන් අතර පවා අනතුරු සිදු වීමේ වර්ධනයක් දක්නට ලැබේ. එම අනතුරුවලින් සමහරක් අපේ ඇඳුම් පැළඳුම් හේතුවෙන් සිදු වූ ඒවායි. අපි ගමනකට බිමනකට ලස්සනට ඇඳුම් තෝරා ගත්තද ඒ දේවලින් තමන්ටම අනතුරු වීමට ඇති ඉඩකඩ සේම තවත් පුද්ගලයකු අපහසුතාවට ලක් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව ගැන ඔබ මින් පෙර සිතුවාද? එබැවින් මින් පසුවත් අපේ අත්වැරදීම්වලින් හදිසි අනතුරු සිදු නොවීමට ඉඩ නොතබමු.

අද යුවතියෝ බොහෝ දෙනෙක්ම පාහේ දිගු ගවුම් විලාසිතා ප්‍රිය කරති. එමෙන්ම සාරිවලින් සැරසීමටද ඉතා කැමැතිය. දිගු සාය විලාසිතා අදටත් ජනප්‍රියයි. මෙම කුමන ඇඳුම ඔබ තෝරා ගත්තද ඔබ බසයකට හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහනයක ගමන් ගන්නවා නම් පඩි පෙළක ගමන් කරන අයකු නම් ඒ ඒ තැනට ඔබින ආරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කළ යුතු වේ.

දිගු ඇඳුමක් හැඳ පඩි පෙළකින් බහිනවා නම් ඔබ ඒ ඇඳුම දෙපැත්තට විසිරීමට ඉඩ නොදිය යුතුයි. මන්ද පිටුපසින් එන පුද්ගලයාට එම දිගු ඇඳුම පෑගුණහොත් ඔබ ඇද වැටීමට පුළුවන. ඔබ පඩි පෙළක නගිද්දී වුවද ඇඳුම විසිරීමට ඉඩ නොදිය යුතු වේ. ඔබටම ඔබේ ඇඳුම පෑගී අනතුරු විය හැකියි.

ඒ වගේම ඔබ මෝටර් සයිකලයක ගමන් කරනවා නම් ඔබේ ඇඳුම කිසි විටෙකත් විසිරීමට ඉඩ නොදිය යුතුයි. ඔබේ අවධානය ගිලිහුණු යම් මොහොතකදී විශේෂයෙන් වාහනයේ රෝද තුළට ඇඳුමේ කොටසක් ගියහොත් ඔබට අනතුරු විය හැකියි.

මෙයාකාරයට අපි නොසිතන සුළු කරුණු නිසාවෙන් හදිසි අනතුරුවලට භාජන වූ බොහෝ පිරිසක් රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබති. එවැනි ඇද වැටීම් නිසා ඇතැමුන්ගේ පාදවලට, බෙල්ලට, පිට කොන්දට පවා බරපතළ හානි සිදුවී තිබේ.

එනිසා ඇඳුම් පැළඳුම් ඔබව ලස්සන කරන්නා සේම සුළු අතපසු වීම් නිසා ඔබව අනතුරකට හෙළීමට ඇති ඉඩකඩද වැඩි බව මතක තබා ගන්න. ඒ ඒ තැනට ගැලපෙන ලස්සන ඇඳුම් මෙන්ම ගමන් බිමන්වලදී හෝ පොදු ස්ථානවලදී හෝ ආරක්ෂිත ක්‍රමවේදත් අනුගමනය කිරීමට අමතක නොකරන්න. ඔබ අන් අයට දක්වන සැලකිල්ල ඔබ ඔබ කෙරෙහිත් දක්වන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

හදිසි අනතුරු වලකන එදිනෙදා සරල පුරුදු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site