IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැසි සමයේ නිරෝගීකම රැක ගනිමු

නැවතත් වැසි සමය ඇරැඹිණි. වැසි කාලයට දැනෙන සීතලත් සමඟ ලෙඩ රෝග ගණනාවක්ම පැතිරී යන කාලයකි. එනිසා මේ කාලෙදිත් අපගේ ශරීර සෞඛ්‍ය ගැන නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් අපගේ ආහාර පාන සනීපාරක්ෂාව සඳහාද අවධානය යොමු කළ යුතු වේ. 

මේ දිනවලදී ප්‍රදේශ රැසකට තද වැසි වැටීමත් සමඟ ගං වතුර තත්ත්වයක්ද මතුවී ඇත. එබැවින් එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට පිරිසුදු පානීය ජලය සොයා ගැනීම ගැටලුවකි. සැමදෙනාටම මේ කාලයේදී ලබා දිය යුතු පොදු උපදෙස් කිහිපයකි.

♦ ඔබ මේ දිනවලදී ළිං ආශ්‍රිතව, ඇළ ,දොළ, ගංගාවලින් පානීය ජලය පෙරා ගැනීමෙන් අනතුරු පානය කළ හැකියි.

මන්ද ගං වතුරට යටවී සතුන්ගේ මළ සිරුරු, අසූචි ද්‍රව්‍ය පවා මිශ්‍රවී පැවතිය හැකියි. අධික තාපය හමුවේ විසබීජ විනාශ වී යයි. එනිසා මෙවන් වකවානුවක අපි සෞඛ්‍යය ගැන හිතනවානම් අපි අනුභව කරන දෑ මෙන්ම පානය කරන දෑ ගැනත් වැඩිපුර සිතුවාට වරදක් නැත.

♦ ගං වතුර තත්ත්වයට හසුවූ පිරිස් තම ළිංවලින් නැවතත් ජලය ලබා ගත යුත්තේ ගං වතුර තත්ත්වය බැස ගියාට පසුවය. ළිඳ හිඳීමද මෙහිදී අනිවාර්යෙන්ම කළ යුතු වේ. අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ උපදෙස් මත ක්ලෝරීන්කරණය කළ හැකියි. ඉන්පසුව වුවද ජලය පානය කිරීමට ගත යුත්තේ හොඳින් රත්කර ගැනීමෙනි.

♦ ඒ වගේම වතුරට යටවී ඇති පළා වර්ගද අමුවෙන් හෝ සලාද ලෙසින්වත් ආහාරයට නොගත යුතුයි. ගං වතුරට යටවූ එළවළු, පළා වර්ග වුවද හොඳින් පිස ආහාරයට එකතු කර ගන්න.

♦ ඒ වගේම මේ දිනවලදී ආහාර නිවුණු පසු අනුභවයට ගන්නවාට වඩා හොඳින් රත් කර මඳ රස්නය තිබියදී ආහාරයට ගැනීම ඉතා සුදුසුයි.

♦ වැසි කාලයේදී විසබීජ ශරීර ගත වීමට ඇති අවකාසය වැඩියි. එවැනි අවදානම් අවස්ථාවලට ඉඩ නොතබා කටයුතු කිරීම තුළ අනාගතයේදීත් මේ ගතවෙන මොහොතේත් නිරෝගී පුද්ගලයකු සමාජයට දායාද වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

වැසි සමයේ නිරෝගීකම රැක ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 175 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site