
වැසි කාලය කියන්නේ ලෙඩ රෝග ගණනාවකගේ පැතිරීමේ ආරම්භය සේම අනතුරු නිර්මාණය වීමේ වකවානුවකි. එකදිගට දින ගණන් පුරා ඇද හැළෙන ධාරානිපාත වැසි හේතුවෙන් නාය යාම්,ගස් කොළන් කඩා වැටීම් , ගං වතුර වැනි ආපදා තත්ත්ව ඇති වේ. ඒ වගේම වැසි කාලෙට මාර්ග ලිස්සන සුළුය. අක්‍රමවත් කානු පද්ධතිවල වතුර බැස නොයාම නිසා මහා මාර්ග ගණනාවක්ම ජලයෙන් යට වීම සුලබ දසුනකි. අපිරිසුදු ජලයේ බැස ගමන් කරන සියලුම දෙනා ස්වකීය සනීපාරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය.
එසේම ඇතැම් කානුවල ස්ලැබ් වසා නොදැමීමෙන් ජලය පිරුණු පසුව පුද්ගලයන් ඇද වැටීමට පුළුවන.
වැසි දවස්වල පාරේ ලිස්සන සුළු ස්වාභාවය නිසා පදිකයන් මෙන්ම වාහන අනතුරුවලට ලක් වීමට ඇති ඉඩකඩ වැඩිය. එනිසා පදිකයන් මෙන්ම රියැදුරන් ,මගීන් සියලුම දෙනා ඉතා සුපරික්ෂාකාරී විය යුතුම වකවානුවකි.
වැසි කාලයේදී ඔබ බස් රථයක,දුම්රියේ හෝ ගමන් ගනී නම් ඊට ඇතුළු වන දොරටුවේ ඇති පඩිපෙල් පවා වැස්සට තෙමී ඇති නිසා ඔබ ලිස්සා ඇද වැටීමට පුළුවන. එබැවින් පොදු ප්‍රවාහනයකට ඇතුළු වෙද්දී අල්ලා ගැනීමට ඇති ආධාරක ලිස්සා යාමට හැකි නිසා ඔබ ඒ ගැනද සුපරික්ෂාකාරී වන්න.
පිටරටවල නම් වැහි කාලෙට වැහි කබා භාවිත කෙරේ. අපේ රටේ වැහි කබා ජනප්‍රිය කුඩා දරුවන් අතර පමණි. ඒත් වැඩිහිටි පුද්ගලයන්ද හිසේ සිට දෙපතුළ දක්වා දිග වැහි කබා භාවිත කරන්නේ නම් ඔබගේ ගමන වඩා ආරක්ෂිත මෙන්ම සුවපහසු වනු ඇත. ඒත් ආරක්ෂිත ක්‍රමවේද කෙතරම් තිබුණද බහුතරයක්ම හුරුවී ඇත්තේ කුඩයක්වත් ඉහළන්නේ නැතිව තෙමි තෙමී යාමටයි.
තද වැස්ස , සුළඟ නිසා මාර්ගය දෙපස ගස් කොළන්, විදුලි රැහැන් මාර්ගයට කඩා වැටීම් සිදු විය හැකිය. මේ අනතුරු ගැන සියලුම දෙනා අවධානයෙන් පසු විය යුතුය. අධික වැස්ස වෙලාවකදි වාහන වුව මාර්ගයේ නවතා යද්දී එය ආරක්ෂිත ස්ථානයක් වීම යෝග්‍යය.
නිවෙස් වහලවල ඇති සිදුරු නිසාද වැසි ජලය නිවස තුළට වැටීමට පුළුවන. කලබලයෙන් එහෙ මෙහෙ ඇවිද යන ඔබ මෙවන් මොහොතක ලිස්සා යාමට , අනතුරු සිදු වීමට හැකිය. එනිසා වැසි කාලයේදී ගමන් බිමන් තුළින් ඔබගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට වගබලා ගන්න.
-සටහන- මාධවී ධර්මරත්න
2025 ඔක්තෝබර් මස 08
1521
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැසි කාලයේ අනතුරුවලින් ආරක්ෂා වෙමු