IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


වයිරස් උණක් පැතිරෙනවා: සැලකිලිමත් වන්න

විශේෂයෙන්ම මේ කාලයේදී වැඩිපුර වයිරස් රෝගවල ව්‍යාප්තියේ දැඩි බවක් පෙන්නුම් කොට ඇත . ඒ අනුව මේ දිනවල බහුලව කුඩා දරුවන් අතර වයිරස් උණ රෝගී තත්ත්වයක් එනම් ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇත. මේ තත්ත්වය පවුලේ සෙසු සාමාජිකයන් අතරද ඉතා පහසුවෙන්ම පැතිරීමට පුළුවන.

රෝග ලක්ෂණ

දිගටම පවතින තද උණ, හෙම්බිරිස්සාව, වමනය,ඇඟපත රිදීම, හුස්ම ගැනීමේ අපහසුව, හුස්ම ගැනීමේ වේගය වැඩි වීම, දරුවා ආහාර කිරි බීම ප්‍රතික්ෂේප කිරීම, හතිය රෝගය උත්සන්න වීම, මලානික බව, වලිප්පු තත්ත්වය, වයිරස් රෝග ද්විතීක බැක්ටීරියා ආසාදන තත්ත්වයක් දක්වාද වර්ධනය වීමට අවකාශ ඇත. ඉන්ෆ්ලුවන්සා A සහ B යන තත්ත්ව දෙක මෙරටේ වැඩිපුර වාර්තා වන අතර මෙය නිව්මෝනියාව තෙක් වර්ධනය විය හැකියි.

රෝග තහවුරුව

උණ යනු රෝග ලක්ෂණයක් බැවින් දින 03කට වඩා උණ ගතිය පවතී නම් හැකි ඉක්මනින් සම්පූර්ණ රුධිර පරීක්ෂාවකට භාජන වීම සුදුසු වේ. කොවිඩ් රෝගයද මේවනවිට මුළුමනින්ම පාහේ මර්දනය වී නොතිබීමත්, ඩෙංගු රෝගයද වරින් වර ඇති වීමේ අවදානමත් නිසා නිවැරැදිව රෝග විනිශ්චය අත්‍යවශ්‍ය වේ. ඒවගේම උණ, කැස්ස හෙම්බිරිස්සාව සමඟ ස්වසන අපහසුතා ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු වේ.

සාමාන්‍ය වයිරස් උණ රෝගයක් නම් දින 03කට අඩු කාලයකදී පහව යනු ඇත. නිවැරැදි රෝග විනිශ්චයෙන් පසු වයිරස් උණ, ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් බවට තහවුරු වුවහොත් ලබා ගත හැකි එකම ඖෂධය වන්නේ පැරසිටමෝල් පමණි. එයද පැය 06න් 06ට නියමිත මාත්‍රාව විය යුතුය.

වයිරස් රෝගවලදී ප්‍රතිජීවක ඖෂධ භාවිතය අත්‍යවශ්‍යම නොවේ. ඇතමකුට ප්‍රතිජීවක ඖෂධ සඳහා යම් අසාත්මිකතා පැවැතිය හැකි බැවින් ප්‍රතිජීවක අත්‍යවශ්‍යද නැද්ද යන්න වෛද්‍යවරයා තීරණය කරනු ඇත.

රෝගියාගේ සුවය සඳහා

උණ රෝගියකුට මූලිකවම අවශ්‍ය වනුයේ හොඳ සුවපහසු විවේකයයි. මේ කාලයේදී රෝගියාගේ පෝෂණය වැදගත් නිසා ඝන ආහාර වෙනුවට දිරවීමට පහසු ආහාරයක් රෝගියාට ලබා දීමට හැකිය. විශේෂයෙන්ම මේ සමයේදී ස්වාභාවික දියර ආහාර වැඩිපුර ලබා දෙන්න. පිරිසුදු ජලය පානය කිරීමටත් ලබා දෙන්න.

අමතක නොකළ යුතු කරුණු කිහිපයක්

වයිරස් උණක් යැයි සුළුවෙන් නොතකා නිසි වෛද්‍ය උපදෙස්වලට අනුගත වීම ප්‍රථම කරුණයි.

වෛද්‍යවරයකුගේ නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග වෙනස් කිරීම, මාත්‍රාව වෙනස් කිරීම ඔබගේ රාජකාරිය නොවේ.

පැරසිටමෝල් භාවිතයේදී උණ රෝගියා කුඩා දරුවකු නම් වයස සහ බර අනුව නිසි මාත්‍රාව ලබා දීමට හැකිය.

උණ ගතිය වැඩි අවස්ථාවලදී මඳ උණුසුම් ජලයෙහි රෙදි කැබැල්ලක් පොඟවා දරුවාගේ නළල, කිහිලි සහ ඉකිලි තෙත මාත්තු කරන්න.

වයිරස් තත්ත්ව ඉතා ඉක්මනින්ම සෙසු පාර්ශව කරාද වේගයෙන් පැතිර යන බැවින් රෝගියා නිවසෙහි නතර කර ඇඳ විවේකය ලබා දිය යුතුය.

නිසි වෙලාවෙදි වෛද්‍ය උපදෙස් ,මනා විවේකය ,රෝගියාට අවශ්‍ය පෝෂණය යන සාධකද සැපිරුනු විට රෝගියා වඩා පහසුවෙන් සහ ඉක්මනින් සුවතාවට පත්වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

වයිරස් උණක් පැතිරෙනවා: සැලකිලිමත් වන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27958 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18185 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 656 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 853 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site