IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රස්නෙ කාලෙට ඔබින ආහාර

කාලයෙන් කාලයට දේශගුණය වෙනස් වීමට පුළුවන. වැසි කාලය සේම ඉර අව්ව හොඳින් වැටෙන අධික රස්නෙ කාල පවා ඇතිවිය හැකිය. මේ හැම කාලයකටම ලෙඩ රෝග පොදු වේ. 

මේ දිනවල අප සියලුම දෙනා මුහුණ දෙන පීඩාකාරී තත්ත්වයක් ලෙස උෂ්ණත්වය ඉහළ යාම සඳහන් කළ හැකිය. එනිසා ගතට අධික රස්නයක් දැනීම,දහදිය දැමීම වැඩි වීම ආදී තත්ත්වද අත්විඳීමට සිදුවේ. සිරුරට දරා ගැනීමට අපහසු උෂ්ණත්වයකදී ඉතා ඉක්මනින්ම සිරුර විජලනයට ලක් වේ. අපේ සිරුරේ ඇති සෛල මෙයාකාරයෙන් විජලනයට භාජන වූවිට ඕනෑම රෝගයක් පහසුවෙන් වැළඳීමේ මූලාරම්භය බවට පත් වේ. විජලන තත්ත්වය දිගින් දිගට වර්ධනය වූ විට ඉතා ඉක්මනින්ම සිරුර රෝගී වීමට පටන් ගැනේ.

රස්නය අධික මේ කාලයේදී මුත්‍ර අමාරු පවා සෑදීමේ සම්භාවිතාවේ ඉහළ යාමක් පෙන්නුම් කෙරේ. ඒ උෂ්ණත්වය අධික වනවිට සිරුරේ අභ්‍යන්තරයට නිසි ජල පරිමාවක් නොලැබීමෙනි.

ඒවගේම බිළිඳු දරුවන්ගේ සිටම දහදිය බිබිළි, දහදිය කුෂ්ඨ වැනි චර්ම රෝග මතුවන කාලයකි.

එබැවින් රස්නය අධික කාලයේදී හොඳින් ජලය පානය කළ යුතුමය.

ඒ අනුව වැඩිහිටි පුද්ගලයකු නම් දෛනිකව ජලය ලීටර් 02ක් කෝප්ප (mug) 10ක්වත් පානය කළ යුතුය. ඒ ස්ත්‍රීන් කෝප්ප 8ක් 9ක් සහ පිරිමි අය කෝප්ප 10ක් වන ආකාරයෙනි. අවුරුදු 05ට අඩු දරුවන් වතුර කෝප්ප 02ක් සහ අවුරුදු 05ත් 09ත් අතර වියේ පසුවන්නන් අවම වතුර ලීටරයක් සහ අවුරුදු 9ට වැඩි දරුවන් දවසට ලීටර් එකහමාරක් වන පරිදි ජලය පානය කළ යුතු වේ.

දරුවන්ගේ වයස සහ බර අනුව දෛනික ජල අවශ්‍යතාව සැපිරිය යුතුය. සාමාන්‍යයෙන් බරෙන් වැඩි ,තරබාරු පුද්ගලයන්ද අනෙක් දවස්වලට වඩා වැඩි වතුර ප්‍රමාණයක් මෙවැනි කාලයකදී පානය කළ යුතු බව නිර්දේශයයි.

රස්නෙ අධික කාලයකදී ගත යුතු විශේෂ ආහාර පාන වර්ග මේ දවස්වලදී අපට වෙළෙඳපොළේදී දැක ගැනීමට හැකිය. අධිකව දහදිය දමන, නිතරම පිපාසය දැනෙන,තොල – කට පවා වේලෙන මෙවැනි කාලයකදී කොමඩු වගේ පලතුරක් ආහාරයට ගැනීම සුදුසු වේ. කොමඩුවල වතුර ගතිය වැඩි අතර ලවණ ගතියෙන්ද අනූනය.

කෙසෙල්වලද ලවණ ගතිය වැඩිපුර ඇති නිසා රස්නය කාලයකදී ඔබ ආහාරයට ගත යුතුම පලතුරකි.

එළවළු ගතහොත් පිපිඤ්ඤා, වැටකොළු, පතෝල වැනි ආහාරවල රඳන ජලය ප්‍රමාණයද වැඩිය. මේවා ආහාරයට ගැනීමෙන් සිරුරට සිසිලසක් දැනේ. රස්නයට ඔරොත්තු දිය හැකි තරමේ ජල පරිමාවකින්ද එවිට සිරුර අභ්‍යන්තරය සැකසේ. අප බාහිරව ලබා ගන්නා ජලය සේම මෙවැනි වර්ගයේ එළවළු ,පලතුරු කෑමෙන්ද ප්‍රමාණවත් ජල පරිමාවක් ඇති නිසා අධික උෂ්ණත්වය හමුවේ සිරුරේ සෛල විජලනයට ලක් වීමෙන් වැළකේ. ඉහත එළවළු, පලතුරු අන් කවරදාටත් වඩා රස්නය අධික මෙවැනි කාලවලදී සුලබව දැකගැනීමට හැකි වීමත් විශේෂිතය.

රස්නය අධික වෙලාවට, මධ්‍යාහ්නයේදී ඔබ ඉර අව්වට නිරාවරණය වනවා නම් අනිවාර්යෙන් අව් කණ්ණාඩියක් පැළැඳීමට අමතක නොකරන්න. ඔබ වාහනයක් පදවන අයකු නම් අව් කණ්ණාඩියක් අනිවාර්යෙන්ම පළඳින්න. මන්ද අධික අව් රශ්මිය අපේ ඇසේ කාචවලට හානිකරයි. එමගින් ඇසේ සුද වැනි රෝගී තත්ත්ව ඇති කෙරේ. අව් කණ්ණාඩිය පැළැඳීමෙන් අධික සූර්ය කිරණ වළකා ඇස්වලට සිසිලසක් ලබා දේ. ඒ වගේම අව් කිරණ වළක්වා ලීමට තොප්පියක් හෝ කුඩයක්ද ඔබට භාවිත කළ හැකිය. ඔබ අව්වට නිරාවරණය වීමට ප්‍රථම තෙතමනය අඩංගු හොඳ වර්ගයේ ආලේපනයක් දෑත්, දෙපාවල ගැල්වීමටද අමතක නොකරන්න.මන්ද තද අව්වට සම වේලීම වැඩි වී කැසීමට පටන් ගනී.

එබැවින් සම ආරක්ෂා කර තෙතමනය රැකදෙන ගුණාත්මක තත්ත්වයේ ආලේපනයක අවශ්‍යතාව මතු වේ. මේ කාලයේදී ඇතිවන තවත් පීඩාකාරී තත්ත්වයක් වනුයේ දහදිය බිබිළි දැමීමයි. එනිසා දිනපතා ස්නානය කිරීමටත් අවම වශයෙන් දිනකට දෙවරක්වත් ඇඟ සේදීම කළ යුතුය. දහදිය අධිකව පිටවන නිසා අඳින පළඳින ඇඳුම් පැළඳුම් වුවද කාලයට සේම දේශගුණයටද ගැලපිය යුතුමය. ඒ අනුව දහදිය හොඳින් උරා ගන්නා සරල කපු ඇඳුම් යෝග්‍යය. ඔබ දහවල් කාලයේදී නිවසින් පටත සිටින අයකු නම් අත් දිග කපු ඇඳුමක් ඇඳීම උචිතය. දහදිය දැමීම වැඩි මෙවැනි කාලයකදී ඔබේ පවිත්‍රතාව ගැන වැඩිදුර අවධානය යොමු කිරීමට වගබලා ගන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

රස්නෙ කාලෙට ඔබින ආහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27975 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18185 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 656 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 853 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site