IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මේ කාලයේදී වැඩිපුර පැතිරෙන ලෙඩ රෝග

වැසි කාලයත් සමඟ බෝ වන රෝගවලද පැතිරීම වැඩි බැවින් එවැනි රෝග හා රෝග ලක්ෂණ මෙන්ම වලක්වා ගැනීම සඳහා වන උපදෙස් අළලා පහත ලිපිය සැකසේ. මේ දැනුම්වත් කිරීම වැස්සත් සමග සේම වැස්සෙන් පසුවද ගෙට ගොඩවන ලෙඩ රැසක් ඇති බැවින් ඒවාට ගොදුරුවූ පසුවට නොව රෝග ගැන දැනුම්වත්ව ඒවායින් පරෙස්සම් වීමටයි.

වැසි කාලයේදී දැනෙන අධික සීතල නිසා බිළිඳුන්,කුඩා දරුවන් බහුලව ගොදුරු වන සෙම්ප්‍රතිශ්‍යාව වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝග මේ දිනවලදී වැඩිපුර පැතිර යයි. ඉහළ ස්වසන මාර්ගයේ රෝග අතරට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වයිරස් උණ යනාදී රෝග අයත් වේ. එසේම පහළ ස්වසන මාර්ගයේ රෝග අතරට නියුමෝනියාව ,ළමා හතිය වැනි රෝග අයත් වේ.

ඒ අනුව මේ දිනවලදී ළමා හතිය වැළඳීමේ ඉහළ අවදානමක් පෙන්නුම් කොට ඇත. ඒ අතරට කොවිඩ් වැළඳුණු ළමයින්ගේ පෙනහලු දුර්වලතාව හා කාලයක් තිස්සේ පැවැති කැස්ස සුව නොවීම නිසාවෙන්ද ළමා හතිය තත්ත්වයට ගොදුරු වීමට අවකාස ඇත. රෝහල් ගත වන හතිය රෝගීන්ගේ තත්ත්වය මත නිබියුලයිසිස් ප්‍රතිකාරය සේම ඉන්හේලර් ප්‍රතිකාර ක්‍රමද නිර්දේශ කෙරේ.

දිනෙන් දින වර්ෂාපතනය සීතල ගතිය වැඩි වීම නිසා ළමා හතිය රෝගීන් වාර්තා වෙන මේ සමයේදී ළමයින්ට සීතල ඔරොත්තු දෙන පරිදි ආරක්ෂිත ක්‍රමවලට ඔවුන්ව හුරු කිරීමේ වගකීම මවුපියන් වෙත පැවරේ. කාලයක් තිස්සේ පැවැති කක්කල් කැස්ස ,හතියට හේතු වන අතර ළමයින්ව නිවසින් බැහැරට රැගෙන යාමේදී සීතල ඔරොත්තු දෙන ඇඳුමක්, සාමාන්‍යයෙන් ඇඳුම් දෙකක්වත් ඇන්ද වීම වැනි ක්‍රම අනුගමනය කළ හැකියි.

ස්වසන මාර්ගයේ රෝග එනම් කැස්ස, හෙම්බිරිස්සාව, උණ ගතිය , සාමාන්‍ය වයිරස් උණ තත්ත්වයක් වුවත් එසේත් නැත්නම් ඉන්ෆුලුවන්සා තත්ත්වයක් වුවද විය හැකියි. වයිරස් තත්ත්ව නිසා හට ගන්නා රෝග ඉතා ඉක්මනින්ම කුඩා දරුවන් අතර බෝ වීම ඇරැඹේ. එබැවින් කුමන හෝ දරුවකුට සෙම තත්ත්වය ඇත්නම් සුව වන තුරු පාසලට ,ළදරු පාසලට නොයවා නිවසේ රඳවා තබා ගැනීමට වැඩිහිටියන්ගේ වගකීමකි.

මීට අමතරව මේ වකවානුවේදී ශීඝ්‍රයෙන් පැතිරීයන මෙන්ම කලින් කලට හිස ඔසවන මාරාන්තිකම රෝගී තත්ත්වය වන්නේ ඩෙංගුය. මේ වනවිට නැවත වතාවක් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් වර්ධනයක් දක්නට ලැබේ. ඒ අතර ඩෙංගු රක්තපාතයට ගොදුරු වූවෝද හමු වෙති. මෙය කම්පන තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් ඩෙංගු මරණ අනුපාතයද පහසුවෙන් ඉහළ යා හැකියි. එනිසා වැසි කාලයේදී සියලුම දෙනා ඩෙංගු ගැනත් අවධානය යොමු කිරීම වටී. තමාගේ නිවස ඒ අවට වටපිටාව මෙන්ම පාසල ,කාර්යාල පරිශ්‍රයත් මදුරුවන් බෝ වීමෙන් තොර කලාප බවට පත් කර ගත යුතුවේ. දරුවන් පාසල් යැවීමේදී අත්,පා ආවරණය වන පරිදි දිගු ඇඳුම් ඇඳීම, මදුරු විකර්සක ආලේපන භාවිතය වැනි පුරුදුවලට අනුගත වීම තව දුරටත් අවශ්‍ය කෙරේ.

මේ දිනවල දින තුනකට වඩා උණ ගතිය පවතී නම් ඩෙංගු රෝගයට අවදානමක් ඇති බැවින් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා යොමු වීම සුදුසුයි. එයින් සුදු රුධිරාණු, රුධිර පට්ටිකා අඩු වෙනවාද යන්න තහවුරු කර ගත හැකියි. ඩෙංගු සැක සහිත රෝගියකු නම් පළමු දවසින් පසුව ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සඳහා භාජන විය හැකියි. මෙයින් ඩෙංගු රෝගයේ ප්‍රතිදේහ ජනකය තිබේද යන්න තහවුරු කර ගත හැකියි. ඩෙංගු නම් රුධිර පට්ටිකා 150ට වඩා අඩු වී ඇත්නම් හැකි ඉක්මනින් රජයේ රෝහලක් වෙත යාම සුදුසුය. මන්ද කෙටි කලක් ඇතුළතදී ඩෙංගු වැළඳී ඇති බවට තහවුරු කර ගත හොත් රෝගයේ සංකූලතා වැඩි වීම සහ ළදරු මරණ අඩු කර ගැනීමට පහසු වේ.

මේ අතර වැසි කාලයේදී රටේ ඇතැම් ප්‍රදේශවලට ගං වතුර තත්ත්වය ඇති වේ. ගං වතුර ගැලීමත් සමඟ පිරිසුදු පානීය ජල ප්‍රශ්නය බරපතළ ගැටලුවකි. එවන් ප්‍රදේශවල ජනතාවට පානය කිරීමට පිරිසුදු ජලය, පිරිසුදු සහ උණුසුම් ආහාර නොමැතිකම නිසාවෙන් තවත් රෝග ගණනාවකටම අවාදානම පවතී. ඒ අතර පාචනය, අතීසාරය වැනි රෝගද වැළැඳීමට පහසුවෙන්ම පුළුවන.

අතීසාරයේ රෝග ලක්ෂණ වනුයේ බඩඑළිය සමග රුධිරය පිටවීම, වමනය යාම,උණ ගතිය ඇති වේ. පාචනයේ රෝග ලක්ෂණ ලෙස වමනය , බඩඑළිය යාම, බඩ රිදීම, උණ ගැනීම සඳහන් කළ හැකියි. වතුර මෙන් දියාරුවට බඩඑළිය පිට වීම වයිරස් තත්ත්වයක් නිසාද විය හැකියි.

මේ රෝගී තත්ත්ව ඇති වීමට අපිරිසුදු ආහාර මෙන්ම අපිරිසුදු ජලය, දෑත් පිරිසුදු නොවීම, නිසි ලෙස ආහාර වසා නොතිබීමෙන් මැස්සන් ආහාර මත වැසීම වැනි කරුණු හේතු වීමට පුළුවනි.

ඉහතින් දැක්වූ ලෙඩ රෝග බොහොමයක්ම අපේ සැලකිලිමත් වීම මත වලක්වා ගත හැකි තත්ත්වයි. මූලිකවම පිරිසුදුතාව මත කටයුතු කිරීමෙන් එනම් පිරිසුදු ආහාර , වතුර හොඳින් නටවා බීමට ගැනීම, කෑම නිසි පරිදි වසා තැබීමෙන් උණ සන්නිපාත, පාචනය, අතීසාරය වැනි රෝග ගණනාවක්ම වලක්වා ගත හැකියි.

ඒ වගේම පිටතින් ආහාර ගැනීම වෙනුවට නිවසේදී පිළියෙළ කර ගත් ආහාර අනුභවයට ගත හැකියි. සිසිල් වූ පසු අනුභවයට වඩා මඳ රස්නය තිබියදී අනුභව කිරීමටද අමතක නොකරන්න.

වර්ෂාවත් සමග මැසි ගහණයේද වර්ධනයක් පෙන්වයි. මැසි ගහණයේ වර්ධනයෙන් උණ සන්නිපාතය, පාචනය , අතීසාරය වැනි රෝග ව්‍යාප්තිය වේගවත් කෙරේ. ඊට අමතරව මීයන්ගේ ගහණයේ වැඩි වීමක්ද දැකිය හැකියි. එය මී උණ රෝගයට අවදානමක් එක් කරයි. දැඩි වර්ෂාපතනයකින් අනතුරුව රටේ සමහර පැතිවලට ඇතිවන ගංවතුරේ බැස සෙල්ලම් කිරීමට කුඩා දරුවෝ ඉතා කැමැතිය. වතුරේ බෝට්ටු පැදීමටත්, වතුරෙන් යටවූ කුඹුරු,කාණුවල බැස සෙල්ලම් කිරීමත් මේ දිනවල දැකීමට හැකියි. මී උණ රෝග තත්ත්වයද පසුගිය කාලයේදී කඩින් කඩ වාර්තා විණි. එනිසා මී උණ රෝගයට අවදානමක් ඇති ප්‍රදේශවල ජනතාව පහත රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වන්න.

උණ

මස් පිඩු වේදනාව

ඇස් රතු වීම

හිසරදය

මුත්‍රා කහ පැහැ වීම

මුත්‍රා යාම අඩු වීම

වමනය

සිරුරේ අප්‍රාණිකත්වය

ඔබ කවරකුට හෝ ඉහත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව ළඟම පිහිටි රජයේ රෝහලකට යොමු වන්න. ඒවගේම මී උණ රෝගීන් වාර්තා වෙන ප්‍රදේශවල කුඹුරු වැඩවල නියුතු ගොවීන් නිසි සෞඛ්‍ය උපදෙස්වලින් බැහැරව කටයුතු කිරීම නිසා මී උණ රෝගයට ඔවුන්ව පහසුවෙන් නිරාවරණය වීමේ වැඩි ඉඩකඩක් පවතී. දියුණු තාක්ෂණික ක්‍රමවලට අනුගත වීම මෙන්ම කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන් බූට්ස්වැනි ආරක්ෂිත පාවහන් යුගළ පැළැඳීමද රෝගවලින් ආරක්ෂා වීමේ එක් ක්‍රමයකි.

පොදු උපදෙස්

වමනය, බඩඑලිය, උණ ගතිය ඇති පාචනය රෝගීන්ට ස්වාභාවික දියර ජාති ලබා දිය හැකියි. ජීවනී, බැදි හාල් කැඳ, දෙහි,දොඩම්, නාරං වැනි ස්වාභාවික දියර , ආහාර නිවසේදී පිරිසුදුව සකසා පිළිගැන්වීමට කටයුතු කරන්න. නිවසින් පරිභාහිරව ලබා ගන්නා කෘතිම දියර වර්ග කිසිවක් රෝගීන්ට ලබා නොදීමට වගබලා ගන්න.

උණ රෝගියකු නිවසේ ඇත්නම් පැය 6න් 6ට නියමිත පරිදි පැරසිටමෝල් මාත්‍රාව පමණක් ලබා දෙන්න. එයද කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 15ක ප්‍රමාණයක් උපරිම දිනකට සිවු වතාවක් ලබා දිය හැකියි. නිසි ප්‍රමාණයෙන් පරිභාහිරව ලබා දීම නිසා අක්මාවට හානි ගෙනදිය හැකි බැවින් හැම වෙලේම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට වගබලා ගන්න.

වමනය තත්ත්වය දිගටම පැවතුණ හොත් ඩොන්පැරඩොන් සිරප් නිසි මාත්‍රාව ලබා දී වමනය තත්ත්වය පාලනය කර ගත හැකියි. පසුව පාන වර්ග ලබා දී විජලනය වැනි තත්ත්ව ඇති වීම වලක්වා ගත හැකියි.

බඩඑළිය යන රෝගීන්ට හොඳින් මුත්‍රා පිටවීම අවශ්‍යයි. එබඳු රෝගීන්ගේ මුත්‍ර පිටවීම අඩු නම්,ආහාර ගැනීමටවත් නොහැකිව බඩඑළිය යාමේ තත්ත්වය දිගටම පවතී නම් සමහර වෙලාවට රෝහල් ගත කර සේලයින් ලබා දීමට සිදුවේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මේ කාලයේදී වැඩිපුර පැතිරෙන ලෙඩ රෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27961 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18185 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 656 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 853 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site