IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පෙර පාසල් දරුවන්ගේ පෝෂණය වැඩි කරන ආහාර

දරුවකු පෙර පාසල් යාමට පටන් ගත් දා සිට ආහාර ගැනීමට ඇති උනන්දුව වෙනදා මෙන් නොව අඩු මට්ටමක පවතී. පෝෂ්‍යදායී ආහාර වේලක් ඇතැම් දරුවන්ට හීනයක් වන තරමටම ක්ෂණික ආහාර, පැණි රස ආහාර ළමා ලෝකය ගිල ගෙන අවසන්ය. අතට අසුවන ඕනෑම කඩ කෑමකින් බඩගින්න නිවා ගැනීම අද ලෙහෙසිම සහ කඩිනම් විදිහයි.

මේ හේතුව නිසාම දරුවන් පෙරපාසල් වියේ සිටම බර අඩු වීමට, වර්ධනය හීනවී යාම, මතක ශක්තිය අඩු වීම, ප්‍රතිශක්තිය නැති වීමෙන් බෝ වන සහ බෝ නොවන රෝගවලටත් නිරන්තර ගොදුරු වීම වැනි අවදානම් තත්ත්ව රැසකටම නිරාවරණය වේ. නිවසේදී මෙන්ම පෙර පාසලෙදිත් දරුවන්ගේ පෝෂණය ගැන මවුපියන් මීට වඩා අවධානයෙන් පසු විය යුතුය.

දරුවකුගේ ජීවිතයේ මුල් පස් වසර ඉතා ශීඝ්‍ර වර්ධනයක් සිදුවන කාලයයි. ළමා කාලයේ දිවි සුරැකුමට, වර්ධනයට මෙන්ම සංවර්ධනයටද ඉහළ අවදානමක් ඇති කාලයයි. ළමා කාලයේ මුල් අවදියේදී යම් හෙයකින් දරුවකු මන්දපෝෂණයට ගොදුරු වුවහොත් පසුකාලීනව පුද්ගලයකුගේ කායික සහ මානසික සංවර්ධනය අඩු කිරීමටත් හේතු වේ. ඒ අනුව මන්දපෝෂණය ශාරීරික වර්ධනය කෙරෙහි පමණක් නොව බුද්ධිය සහ මනෝ සමාජයීය සංවර්ධනය කෙරෙහිද බලපෑම් දක්වයි.

අවුරුදු 3-5 අතර පෙර පාසල් විය දරුවන්ගේ වර්ධනය හා සංවර්ධනය සිදු වන අතර නව ආහරවලට හුරු වීමත් ආහාර පුරුදු ඇති කර ගන්නා කාලවකවානුවයි. ඔවුන් මේ කාලයේදී ක්‍රියාශීලී බවින් වැඩි අතර පෙර පාසල් පරිසරයට හුරු වෙද්දී කුඩා දරුවන් රැසක්ම එකට ගැවසීමෙන් නිතර රෝග බෝ වීමටද පුළුවන.

එබැවින් මේ සමයේදී මවුපියන් මෙන්ම පෙර පාසල් ගුරුවරුන්ද දරුවන්ගේ පෝෂණය ගැන අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්ය. දරුවන්ගේ ආහාර වේලෙහි ප්‍රධාන කරුණ නම් එය සමබල විය යුතුය. එනම් ශක්තිය අඩංගු ආහාර වන බත්, බඩඉරිඟු, කුරක්කන් වැනි ධාන්‍ය වර්ගත්, අල,බතල, කොස්,දෙල් වැනි ආහාරත් තෙල් සහිත ආහාරද ඇතුළත් විය යුතුය. එය දරුවාගේ කෑම පිඟානෙන් භාගයක් වීම සෑහේ.

එමෙන්ම ශරීරය වර්ධනය කරන ආහාර වන මාළු,මස්, කිරි,බිත්තර,හාල් මැස්සන් සහ කඩල ,කවුපි, පරිප්පු, වැනි ඇට වර්ගද දරුවාගේ පෝෂණය ඉහළ නංවයි.

එලවළු, පලතුරු,පළා වර්ග ආහාර වේලක අඩංගු විය යුතුම අනෙකුත් වැදගත් කාණ්ඩයයි.ඒවා හැඳින්වෙන්නේ ආරක්ෂක ආහාර නමිනි. මේවා අපේ සිරුරට රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය ලබා දේ.

මෙකී කාණ්ඩ තුනෙන්ම සමන්විත ප්‍රධාන ආහාර වේල් 03ක්වත් අනිවාර්යෙන්ම දරුවකුට ලබා දිය යුතු අතර ඒ අතරට කෙටි ආහාර වේල් 02ක්වත් අතරමැද ලබා දීම සුදුසුය.

එකම රසකට දිව හුරුවූ පසු දරුවාට ආහාර රුචිය අඩු වීම සාමාන්‍ය කාරණාවකි. එබැවින් මෙම ආහාර විවිධ රසවලට පිළියෙළ කිරීමෙන් අඩු වූ ආහාර රුචිය වර්ධනය කර ගත හැකි වේ. දරුවාව මේ කාලයේදී ස්වාභාවික ආහාරවලට හැකි තරම් හුරු කළ යුතු අතර කෘතිම දෑවලින් බොහෝවිට ඈත් කර තැබීම බතාම වැදගත් වේ.

ආහාර මෙන්ම දරුවකුට අවශ්‍ය දෛනික ජල අවශ්‍යතාවද සැපිරිය යුතුය. ඒ අනුව දිනකට වතුර වීදුරු 4ක් හෝ 5ක් පමණ ලබා දීම වටී. ඒ අතරට ක්‍රීඩා කිරීමට අවකාස ලබා දීමද කළ යුතු දෙයකි. දරුවකුට ලැබෙන මේ නිදහස කායික මානසික සංවර්ධනයට රුකුලකි. එමෙන්ම ආහාර සැකසීමේදීද ප්‍රදේශයේ බහුලව ඇති ආහාර තෝරා ගත යුතු අතර මිලෙන් අඩු ගුණදායී අලුත් එලවළු,නැවුම් පලතුරු,පළා වර්ග දරුවාගේ වර්ධනයට ඉවහල් වන බැව් අවබෝධ කර ගත යුතුය. එසේම දරුවාගේ සෑම ආහාර වේලකටම පසු පලතුරක් කෑමට දිය යුතුය. එය වෙරළු,ජම්බු, පේර,කෙසෙල්,පැපොල්,කාමරංකා වැනි ගෙවත්තෙන් පහසුවෙන් සොයා ගත හැකි ස්වාභාවික පලතුරක් වීම යෝග්‍යය.

එමෙන්ම මේ කාලයේදී දරුවාව එක තැනක හිඳ ආහාර ගැනීමට හුරු කළ යුතු වේ. පෙර පාසල් යන දරුවකුගේ පෝෂණය ගැන අපි විශේෂ අවධානයක් ලබා දිය යුත්තේ මන්දපෝෂණයට ගොදුරු නොවනු පිණිසයි. දැනට අවුරුදු 3-5ට අඩු දරුවන්ගෙන් සියයට 17.3ක්ම වයසට සරිලන උස නැති වීම හෙවත් කුරු වීම ,මිටි වීම හෙවත් කාලික මන්දපෝෂණයෙන්ද සියයට 14.7ක් උසට සරිලන බර නොමැතිවීම වන තීව්‍ර මන්දපෝෂණය නිසාද, සියයට 21ක් වයසට සරිලන බර නැතිවීමෙන්ද සියයට 29ක් විටමින් ‘ඒ‘ ඌනතාවෙන් සහ නිරක්තියෙන් පීඩා විඳිනු ඇත. මේ විතරක් නොව උසට සරිලන බරට වඩා වැඩි බර ඇති දරුවන් ගණනද වැඩිවෙමින් පවතී. එනිසා මෙවැනි ගැටලු රැසකින්ම මිදීමට පෙර පාසල් වියේ සිටම දරුවාගේ පෝෂණය ගැන විමසිලිමත් වීම අත්‍යවශ්‍ය කාරණාවකි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

පෙර පාසල් දරුවන්ගේ පෝෂණය වැඩි කරන ආහාර

රිශිල හංසක Friday, 25 August 2023 01:13 PM

සෑම ළමයෙකුටම පෝෂ්‍යදායී ආහාර ලබාදිය යුතුයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 26 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site