IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඩෙංගු බියෙන් තොර නව වසරක්

 කාලෙන් කාලෙට හිස ඔසවන ලෙඩ රෝග අතර ඩෙංගු රෝගය විශේෂිතයි. 2022 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනිදා වන විට අපේ රටේ ඩෙංගු බවට සැක කටයුතු රෝගීන් 75,434ක් සොයා ගෙන ඇත.

මෙය පසුගිය වසරේ  ඩෙංගු රෝගීන්  මෙන් දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකි. පසුගිය සති හතරක කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් රට පුරා ම නිරීක්ෂණය වන අතර දිනකට රෝගීන් 200ත් 300ත් අතර  රෝහල්වලින් හමුවේ.

මෙම තත්ත්වය තව දුරටත් වැඩි වෙමින් පැවතුණහොත් 2023 ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් විශාල ලෙස ඉහළ යාමේ අවදානමකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

මේ අතර, ඩෙංගු රෝග කාරක වයිරසය පතුරවන ඊඩිස් වර්ගයේ මදුරු ඝනත්වය රටේ බොහෝ පැතිවලින්  සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය කර තිබේ. 

මේ තත්ත්වය තුළ,රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට වහා ම කටයුතු කිරීම අප සැමගේ වගකීමයි.

තම නිවස තුළ සහ නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීමත් එයට අමතරව තමා රාජකාරි කරන ස්ථානය සහ තමන්  පදිංචි නගරයේ පොදු ස්ථානවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීමත් වැදගත්ය.

එසේ ම, 2023 ජනවාරි මස 02 දින නව පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් දිවයින පුරා සියලු පාසල්වල විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය පාසල් දරුවන්ගේ මවුපියන් සහ ස්වේච්ඡා සංවිධාන සමග එක් ව ඊට ප්‍රථම පාසල් පරිසරය පරීක්ෂා කර බලා මදුරුවන් බෝ විය හැකි සියලු ස්ථාන හඳුනා ගෙන ඒවා ඉවත් කිරීමට ද සැළසුම් කර තිබීම ඉතා වැදගත්ය.

ඉහත සියලූම කටයුතුවලදී අවශ්‍ය මග පෙන්වීම ලබා දීමට  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකව සූදානමින් සිටිති.

ලැබුවාවූ නව වසරේදී ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කරගනිමින් ඔබේත් , ඔබේ ආදරණීයන්ගේත් සුවය සුරැකෙන පරිදි කටයුතු සම්පාදනය සඳහා  ඔබ සියලුදෙනා , පෙර පරිදිම වගකීමෙන් ක්‍රියා    කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි)

-සටහන- මාධවී ධර් මරත්න



අදහස් (0)

ඩෙංගු බියෙන් තොර නව වසරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1450 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site